ඇවන්ගාඩ් නඩුවේ සංශෝධිත චෝදනා පත්‍රය මහාධිකරණයෙන් ප්‍රතික්ෂේප වෙයි
ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු පුද්ගලයන් 08 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ සංශෝධිත චෝදනා පත්‍රය පිළිගැනීම අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ අද (20) මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු මඩුල්ල මේ බව දැනුම් දුන්නේය. ධම්මික ගනේපල, ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම…
