සිරිකොතේ ගුටිකෙලි යන තත්ත්වයක් !

ඊයේ පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ඉතා උණුසුම් තත්ත්වයක් ගත් බවත් එක් අවස්ථාවක දී ගුටිබැට හුවමාරුවකට ආසන්න තත්ත්වයක් ඇති වූ බවත් වාර්තා වෙයි . මහ මැතිවරණය තරග කරන ලකුණ සම්බන්ධයෙන් පැවති විවාදය උණුසුම් වීම මෙම තත්ත්වයට හේතු වී තිබේ .
එජාපයේ නායකත්වයෙන් බිහිවන සංධානය හංසයා ලකුණින් තරග කළ යුතු බව පෙරේදා පැවති පක්ෂ උපදේශක මණ්ඩල රැස්වීමේ දී තීරණය කොට තිබුන ද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බොහෝ දෙන කරුණු දැක්වුයේ අලියා ලකුණින් තරග කිරීම වඩා වාසිදායක බවට ය .
නවීන් දිසානායක , වජිර අබේවර්ධන , පාලිත රංගේ බණ්ඩාර , දයා ගමගේ , රුවන් විජේවර්ධන ඇතුළු පිරිසක් දිගටම කියා සිටියේ අලියා ලකුණින් තරග කළ යුතු බවයි .
විවාදය උණුසුම් වෙද්දී මැදිහත් වූ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ හංසයා ලකුණින් තරග කිරීමට උපදේශක සභාව තීරණය කොට ඇති නිසා ඒ ගැන විවාද නොකළ යුතු බවයි . එම තීරණය ක්‍රියාත්මක කිරීමේ හැකියාව හා අවශ්‍ය නීතිමය කටයුතු පිලිබදව සොයා බැලීමට කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒ නනුව තීරණය කළේ ය .
කෙසේ වෙතත් , ඊයේ හවස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එජාප නියෝජිතයන්ට පවසා ඇත්තේ එලෙස ලකුණ ලබාදීමට නම් එම ලකුණ අතහැරීමට එය හිමි පක්ෂය කැමති වියයුතු බවයි .
