ඇමෙරිකාව හමුදා සබදතා නවතා නැහැ – පාක්‍යසෝති සරවනමුත්තු

ශ්‍රී ලංකාවේ හමුදාපති තනතුර දරන ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ අයට පනවා ඇති ඇමෙරිකාවට ඇතුළුවීමේ තහනම එරට පවතින නීතියක් ක්‍රියාත්මක වීමක් බවත් ශ්‍රී ලංකාව සමග පවත්වන හමුදා සබදතා කිසිවක් නවතා දැමීමට ඇමෙරිකානු රජය මෙතෙක් පියවර ගෙන නැති බවත් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු මහතා ප්‍රකාශ කළේය . ශවේන්ද්‍ර සිල්වා මහතාට පැනවූ ගමන් තහනම එරට රජයේ තීරණයක් නොවන බවත් එරට පවතින නීතියක් ක්‍රියාත්මක වීමක් පමණක් බවත් සරවනමුත්තු මහතා කියයි .
හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට අමෙරිකාවෙන් පැනවූ ගමන් තහනම ගැන යුක්තිය කළ විමසුමකට පිළිතුරු ලෙස ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ය .
ඇමෙරිකාවේ නීතිය අනුව යුධ අපරාධ කළ අයට එරටට ඇතුළුවීම තහනම් බව කී සරවනමුත්තු මහතා වැඩිදුරටත් කීවේ ඔවුන්ගේ තීරණයෙන් පෙනෙන්නේ ඔවුන්ට ප්‍රමාණවත් සාක්ෂි ඇති බව ඔවුන් විශ්වාස කරන බවයි යනුවෙනි .
දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතා තීරණය වනු ඇත්තේ මෙබදු කරුණු අනුව නොව MCC සහ සෝෆා වැනි ගිවිසුම් සම්බන්ධයෙන් කෙරෙන සාකච්ඡා අනුව බව සරනමුත්තු මහතාගේ අදහසයි .
