ඉදිරි මාස කිහිපය අමාරු කාලයක් – රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්

එළඹෙන මාස කිහිපය අපහසු කාලයක් බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ රටේ ජනතාවට රැකියාවන් සඳහා අවස්ථාවන් නිර්මාණය කරදීමේ අවශ්‍යතාවය පැනනැගී ඇති බවය. “අපිට ඊළඟ මාස කිහිපය අමාරු කාලයක්. තාමත් අපේ රට විවෘත වෙලා නෑ. ඉතින් ඊළඟ කාලය තුළදී අපි රැකියා…

කොවිඩ් මෘතදේහ භුමදනයට ඉඩ දීමට නිර්දේශ කළ විශේෂඥ කමිටු වාර්තාව මාස එකහමාරක් යට ගහලා !

කොවිඩ් රෝගයෙන් මියයන අයගේ මෘතදේහ භුමදානයට ඉඩදිය යුතු යයි සෞඛ්‍ය අමාත්‍යාංශය  පත් කළ විශේෂඥ කමිටුව නිර්දේශ කොට එම වාර්තාව පසුගිය දෙසැම්බර් 28 දා සෞඛ්‍ය අමාත්‍යාංශය  වෙත භාර දී ඇතත් , මේ වනතෙක් එම වාර්තාව සහ එහි නිර්දේශ හෙළිදරවු නොකර යට ගසා  ඇති බව වාර්තා වෙයි. වසන්ගත රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ජෙනිෆස් පෙරේරා මහත්මියගේ නායකත්වයෙන්…

ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී හෝ සමාජවාදී හෝ නොවිය යුතුයි – පිවුතුරු හෙළ උරුමය

ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී ,සමාජවාදී ජනරජයක් ලෙස වන හැඳින්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතු බව පිවිතුරු හෙළ උරුමය පක්ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන කමිටුවට යෝජනා කොට ඇත. එම පක්ෂය යෝජනා කොට ඇත්තේ ශ්‍රී ලංකාව  ” ශ්‍රී ලංකා ජන රජය ” කියා පමණක් හැඳින්විය යුතු බවයි. මේ ගැන අදහස් දක්වමින් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා මාධ්‍යයට…

අදත් කොවිඩ් මරණ හයක් ; එකතුව 390 ක් වෙයි.

කොවිඩ් 19 ආසාදිත මරණ හයක් අද දිනයේ ද වාර්තා වී ඇත. ඒ සමග මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 390 කි. අද දිනයේ මරණ වාර්තා වී ඇත්තේ බණ්ඩාරගම , හබරාදුව, නිට්ටඹුව, මීගමුව , මහනුවර සහ නාරන්ගොඩ ප්‍රදේශවලිනි.

අද එකතු වූ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 796 ක්

කොවිඩ් 19 ආසාදිතයින් 796 දෙනෙකු අලුතින් හඳුනාගනු ලැබූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි. ඒ අනුව මෙරටින් හමුවූ සමස්ත අසාදිත සංඛ්‍යාව 74,852 ක් බව වාර්තා වෙයි. වත්මන් කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව වාර්තා වන්නේ 70,826 ක් වශයෙනි . මෙම වාර්තා වන සංඛ්‍යාවලට වඩා වැඩි  විශාල ප්‍රමාණයක් රෝගීන් සමාජයේ සිටිය හැකි බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති කියයි. වෙනත්…

ටයිල් හා සෙරමික් ආනයන සීමා ලිහිල් කරමින් අගමැතිගෙන් තවත් ගැසට් නිවේදනයක්

ටයිල් හා සෙරමික් ආනයන සීමා ලිහිල් කිරීම සඳහා නව ගැසට් නිවේදනයක් නිකුත් කළ බව මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔහු මේ බව පැවසීය. මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයා විසින් ටයිල් සහ සෙරමික් භාණ්ඩ ආනයනය ට පැවති සීමා ලිහිල් කරමින් නිකුත්…

අගමැති මහින්දව නැවත වතාවක් නොන්ඩි කරයි ; මුස්ලිම් භූමදාන තීන්දුවක් නෑ

අගමැති මහින්ද රාජපක්ෂ මහතා හෑල්ලුවට ලක් කිරීමේ තවත් අවස්ථාවක් ලෙස මුස්ලිම් කොවිඩ් මරණ භුමදානයට අවසර දීමේ අගමැති තීන්දුව අත්හිටුවා ඇති බව වාර්තා වෙයි . මුස්ලිම් කොවිඩ් මරණ පිලිබඳ තීරණය අගමැතිවරයාට ගත නොහැකි බවත් එය සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥ කමිටුව විසින් තීරණය කළ යුත්තක් බවත් රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළ අතර අගමැතිවරයාගේ තීරණයට විරෝධතා දැක්වීමට…

මේ වෙලාවේ නම් ආණ්ඩු බලය අල්ලන්න හිතන්නවත් එපා – රනිල්ගෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට උපදෙස්

මේ අවස්ථාවේදී ආණ්ඩු බලය ඇල්ලීමට සිතීමවත් නොකළ යුතු බවත් එසේ ආණ්ඩු බලය අල්ලා ගතහොත් සිදුවන්නේ විනාශයක් බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට ප්‍රකාශ කර තිබේ.මේ මොහොතේ විපක්ෂය කවරාකාරයකින් හෝ බලය අල්ලා ගැනීමක් සිදුකළ හොත් ඔවුන්ට තවත් වසර 10කටවත් බලය ගැන අදහස අතහැර ගැනීමට සිදුවනු ඇති බවයි ඒ මහතා පෙන්වා දී ඇත්තේ….

අපි ආර්ථිකය හසුරුවන්නේ විකල්ප ක්‍රමයකට යි, විවේචකයන්ට තේරෙන්නේ නැහැ – මහා බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන්

තමන් යටතේ මහ බැංකුව ආර්ථිකය කළමනාකරණය කරන්නේ විකල්ප ක්‍රමයකට බවත් එය විවේචකයන්ට තේරුම් ගොස් නැති බවත් මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා ප්‍රකාශ කරයි. පොලි අනුපාත අඩුවෙන් ස්ථාවර කිරීමට සහ විනිමය අනුපාත ස්ථාවරව පවත්වාගෙන යාමට මහ බැංකුව ක්‍රියාකර ඇති බව ඒ මහතා කියයි . මහා බන්කුවා කැඳවා තිබු මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා…

මානව හිමිකම් කවුන්සිලයේ මෙවර ප්‍රශ්නය මේ ආණ්ඩුව දාගත් ලෙඩක් – ආචාර්ය දයාන් ජයතිලක

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරයේ ආණ්ඩුවට දරුණු ප්‍රතිචාරයක් එල්ලවීමට හේතුව යුද්ධය හෝ ඒ සම්බන්ධ සිදුවීම් නොව පසුගිය වසරක කාලයේ ආණ්ඩුව කල කී දෑ වල ප්‍රතිඵල බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත දේශපාලන විචාරක ආචාර්ය දයාන් ජයතිලක මහතා ප්‍රකාශ කරයි. මානව හිමිකම් මහා කොමසාරිස් මිචෙල් බැචලේ ගේ පිටු 17…

අදත් කොවිඩ් ආසාදිතයින් 936ක් ; සමස්තය 75,930 යි

කොවිඩ් 19 ආසාදිතයින් 936 දෙනෙකු අද දිනයේ ද අලුතින් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත අසාදිතයින් සංඛ්‍යාව 73,930 ක් ලෙස ගණන් බලා තිබේ. වර්තමාන කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 70,030 ක් ලෙස වාර්තා වෙයි.

තවත් කොවිඩ් මරණ පහක්

කොවිඩ් 19 ආසාදනය නිසා සිදු වූ මරණ පහක් අද දිනයේ ද වාර්තා වී ඇත. ඒ අනුව කොවිඩ් ආසාදනයෙන් මෙරට මියගිය සංඛ්‍යාව 384 ක් බවට පත්වෙයි. අද දිනයේ මරණ වාර්තා වී ඇත්තේ කොටගල . මතුගම , කොටහේන , කොළඹ 08 සහ කොළඹ 12 යන ප්‍රදේශවලිනි.