මානව හිමිකම් කවුන්සිලයේ මෙවර ප්‍රශ්නය මේ ආණ්ඩුව දාගත් ලෙඩක් – ආචාර්ය දයාන් ජයතිලක

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරයේ ආණ්ඩුවට දරුණු ප්‍රතිචාරයක් එල්ලවීමට හේතුව යුද්ධය හෝ ඒ සම්බන්ධ සිදුවීම් නොව පසුගිය වසරක කාලයේ ආණ්ඩුව කල කී දෑ වල ප්‍රතිඵල බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත දේශපාලන විචාරක ආචාර්ය දයාන් ජයතිලක මහතා ප්‍රකාශ කරයි.

මානව හිමිකම් මහා කොමසාරිස් මිචෙල් බැචලේ ගේ පිටු 17 කින් යුතු වාර්තාවේ යුද්ධය සම්බන්ධව ඇත්තේ පිටු දෙක හමාරක් බවත් ඉතිරි පිටු දහහතර හමාරක ඇත්තේ පසුගිය වසරක කාලයේ ආණ්ඩුවේ ක්‍රියා බවත් ජයතිලක මහතා පෙන්වා දුන්නේ ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය මගින් අධිකරණයේ ස්වාධීනත්වය නැතිකිරීම ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාවලියකට පාර කපා ඇති බව ඒ මහතා කියයි.

චිලි රටේ සමාජවාදී පක්ෂයේ නායිකාව ලෙස දෙවරක් ම ජනාධිපති පදවියට පත්වූ ලොව පිළිගත් නායිකාවක් වන මිචෙල් බැචලේ මහත්මිය හෑල්ලුවට ලක් කිරීමේ උත්සාහය ගැන ලෝකයා හිනාවනු ඇති බව ද ජයතිලක මහතා වැඩිදුරටත් පවසයි.

මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රශ්නය විසඳා නොගත හොත් ශ්‍රී ලංකාවට බරපතළ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවන බව ද දයාන් ජයතිලක මහතා කියයි.

ඒ මහතා සිරස රුපවාහිනියේ පැතිකඩ වැඩ සටහනට සහභාගී වෙමින් මෙම අදහස් පල කලේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *