විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහි පෙත්සම විභාගයට නොගෙන ම ඉවතට
විදුලි ගාස්තු වැඩි කිරීම පිළිබඳ අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණයට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය සහ ලංකා විදුලි පාරිභෝගිකයන්ගේ සංගමය ගොනුකර ඇති රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (17) තීන්දු කළේය. එසේ තීන්දු කළේ මෙම පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද කැඳවූ අවස්ථාවේදීය. මෙම පෙත්සමේ වග…
