මිලියන 157.5ක සී.එස්.එන්. කළු සල්ලි රාජසන්තකයි

සී.එස්.එන්. නාලිකාව පවත්වාගෙන යාම සඳහා නීති විරෝධී ලෙස ආයෝජනය කර තිබූ කලු සල්ලි රුපියල් මිලියන 157.5ක මුදල රාජ සන්තක කෙරේ. මෙම නීති විරෝධී මුදල් ආයෝජනය පිළිබඳ මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් සිදු කරන ලද විමර්ශනයේදී යෝෂිත රාජපක්ෂ මෙම මුදල් අපයෝජනය කර තිබූ බව අනාවරණය විය. එම විමර්ශනයේදී සොයා ගන්නා ලද කලු සල්ලි රුපියල් මිලියන 157.5ක මුදල…

වසර හතරක රිය අනතුරු තුන් දහසකින් තාජුඩීන් සිදුවීම පමණක් නිරීක්ෂකයන් නැතිව තීන්දු කරලා

  2012 වසරේ මැයි මස සිට මේ දක්වා මාරක රිය අනතුරු තුන්දහසකට ආසන්න ප්‍රමාණයක් සිදුව ඇති අතර එම අනතුරු අතරින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිරීක්ෂකයන් කැඳවා නැති එකම රිය අනතුර 2012 මැයි 17 දින සිදුවූ ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණයට අදාළ අනතුර බව අනාවරණය වේ. නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසල එම අනතුර සිදුවී තිබුණි. වසීම්…

ලසන්ත ඝාතනය , උපාලිට පහරදීම එකම කල්ලියේ වැඩ බව තහවුරුයි

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයත් , උපාලි තෙන්නකෝන්ට පහර ඩි මරා දැමීමට තැත් කිරීමත් එකම කණ්ඩායමක වැඩ බව තහවුරු වී ඇති බව රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වා ඇත . මෙම අපරාධ දෙකම සදහා පැමිණි පිරිස භාවිත කළ ජංගම දුරකථන පහක දත්ත පරික්ෂා කිරීමෙන් මෙම තොරතුරු හෙළිදරවු වන බව රහස් පොලිසිය කියයි . ලසන්ත ඝාතනය කළ අවස්ථාවේ…

මිලියන70ක ක්‍රිෂ් ගනුදෙනුවේ නාමල්ගේ තවත් ගේම් එෆ්.සී.අයි.ඩී. ය අධිකරණයේ දිගහරී.!

ක්‍රිෂ් සමාගමෙන් ලබා දුන් රුපියල් මිලියන 70 ක මුදලක් අවභාවිතා කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහි නඩුවේ දී  අද (8) එෆ්.සී.අයි.ඩී. ය අධිකරණය හමුවේ කරුණු දැක්වීය. එහිදී  එෆ්.සී.අයි.ඩී. ය අධිකරණය හමුවේ කාල්ටන් සුපර් නෙට්වර්ක් ආයතනයේ ගිණුම් සම්බන්ධව කටයුතු කරන සුජානි බෝගොල්ලාගමගෙන් ලබා ගත් ප්‍රකාශයකට අනූව එම මුදල් වියදම් කළ ආකාරය සම්බන්ධයෙන් දැනුවත් යැයි කියන රොනී ඒබ්‍රාහිම්…

සාම්පුර් ගල් අගුරු බලාගාරයට අවසර නෑ : ඩීසල් බලාගාර ගෙන්න අවසර !

ඉන්දියානු ආධාර මත සාම්පුර් හි ඉදිකිරීමට සුදානම් කොට තිබු ගල් අගුරු විදුලි බලාගාරය ඉහළ නියෝගයකින් නැවතී ඇති අතර එයින් ඇතිවන විදුලි අර්බුදයට පිළියම් ලෙස ඩීසල් විදුලි බලාගාර මිල දී ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලැබී ඇති බව වාර්තා වෙයි . විදුලි බල මණ්ඩලය කළ ඉල්ලීමකට අනුව මෙම අවසරය ලබා දී ඇත්තේ මහජන උපයෝගිතා කොමිසම …

ඉදිරි දෙසතිය තුල නාමල්ට අධි චෝදනා යටතේ නඩු

ඉදිරි දෙසතිය තුළ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා යටතේ නඩු පැවරෙන බව නීතිපති දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි. ඔහු විසින් පවත්වාගෙන යන එන්.ආර්. ඇසෝෂියේට්ස් ආයතනය විසින් කළ ගනුදෙනු සහ ඊට අයත් වත්කම් සම්බන්ධව කරන ලද පරීක්ෂණ අනුව මෙම නඩුව පැවරෙන බව වාර්තා වේ. මීට අමතරව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාටද චෝදනා…

කොටින්ට පක්‍ෂව කතා කළාට වයිකෝට එරෙහි නඩුව විභාගයට

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට පක්‍ෂව අදහස් දැක්වීම සහ ඉන්දියාවේ ස්වාධීනත්වයට එරෙහිව අදහස් දැක්විමේ චෝදනාව මත Q පොලීසිය විසින් එම්ඩීඑම්කේ පක්‍ෂයේ නායක වයිකෝට විරුද්ධව පවරා ඇති නඩුව 2016.08.05 දින විභාගයට ගෙන ඇත. චෙන්නායි එශ්පිලනේඩු රාජා අන්නාමලෙයි ශාලාවේදී, ‘ඊළමේ සිදුවන්නේ කුමක්ද’ යන තේමාවෙන් 2008.10.21 වන දින රැස්වීම්ක් පවත්වා ඇත. එම රැස්වීමට සහභාගි වූ වයිකෝ සහ එම්ඩීඑම්කේ…

මහින්ද මරන්න ජොනී-සමිතා එල්.ටී.ටී.ඊයෙන් කෝටියක් අරන්..! ලගදීම අත්අඩංගුවට..?

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුරුණෑගල දිස්ත්‍රික්කයේ එජාපයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු එල්.ටී.ටී.ඊ සාමාජිකයකුට (කළු කොටි) සහය දුන් බව පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුව නැවත පරීක්ෂණ ආරම්භ කර තිබේ. අදාළ, මන්ත්‍රීවරයා එකල එජාපය හැර මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්ව ඇත්තේ එම එල්.ටී.ටී.ඊ සාමාජිකයා එවකට බස්නාහිර පළාත් බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂවරයාව සිටි (එවකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු…

එෆ් සී අයි ඩී වසරක පරීක්ෂණවලින් කෝටි 15000ක මූල්‍ය අපරාධ එලියට

මහා පරිමාණ වංචා පිළිබඳව මූල්‍ය අපරාධ කොට්ඨාසය වසරක් තුළ සිදු කරන ලද පරීක්ෂණවලින් රුපියල් කෝටි පහළොස්දහසකට ආසන්න මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත. මූල්‍ය වශයෙන් සිදු වී ඇති වංචා ප්‍රමාණය රුපියල් කෝටි පහළොස්දහසක පමණ ප්‍රමාණයක් වුවත් රාජ්‍ය දේපොළ එනම් යාන වාහන, ඉඩකඩම්, ගොඩනැගිලි ඇතුළු රාජ්‍ය දේපොළ යොදාගෙන සිදුකර ඇති වංචාවල වටිනාකම ගණනය කිරීම අපහසු…

පාද යාත්‍රා රැලියේ සිටියේ 9200ක් බව බුද්ධි අංශ කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාද යාත්‍රාව අවසන් දිනය වූ අද දින එහි පැමිණි සෙනඟ පිළිබඳව නොයෙකුත් ආකාරයෙන් මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ පිළිබඳව රාජ්‍ය බුද්ධි අංශ පෙන්වා දී ඇති සංඛ්‍යාවන් මෙසේ දැක්වේ. ඔවුන් දක්වන ආකාරයට කිරිබත්ගොඩ සිට පෑලියගොඩ දක්වා පාද යාත්‍රාව ගමන් කරන විට එහි සහභාගීත්වය 4000ත් 5000ත් අතර පිරිසක් වී ඇත. පංචිකාවත්තේ සිට…

ශ්‍රීලනිප මූලස්ථානයට හූ කීම මෑනියන්ට හූ කීවා වගේ – ඇමැති මහින්ද අමරවීර

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පෙරටුකොට ගෙන ඊෙය් ගමන් ගත් පාද යාත්‍රාවේදී එහි සිටි පක්ෂයේ අන්තවාදීන් පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ‘හූ’ කීම තමන් වැදූ මවට හූ කීම සේ සමාන යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා කියයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැවැන්තයින්ගේ තිඹිරිගෙය වූ පක්ෂ මූලස්ථානය සැබෑ ශ්‍රී ලංකා පාක්ෂිකයින්ගේ ගෞරවයට පාත්‍ර…

මහින්ද සමග ආ පාදයාත්‍රාකරුවෝ ශ්‍රීලනිප මූලස්ථානයට හූ කියති

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරටු කර ගත් පාද යාත්‍රාවේ ගමන් කළ ඔහුගේ අනුගාමිකයන් බීමත්ව ශ්‍රීලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිටදී හූකියමින් අසභ්‍ය වචන වලින් කෑ කෝ ගසමින් හැසුරුණූ ආකාරය මුළු මහත් ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයන්ගේම අප්‍රසාදයට හේතු විය. තමන් ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයන් බවද අමතක කර­මින් හැසු­රුණූ ආකා­රය බලා­සිටි ඒකා­බද්ධ විප­ක්ෂයේ මන්ත්‍රී­වරු නිහඬ පිළි­වෙ­තක් අනු­ග­ම­නය කිරීම බොහෝදෙනාගේ පිළිකුලට…