ශ්‍රීලනිප මූලස්ථානයට හූ කීම මෑනියන්ට හූ කීවා වගේ – ඇමැති මහින්ද අමරවීර

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පෙරටුකොට ගෙන ඊෙය් ගමන් ගත් පාද යාත්‍රාවේදී එහි සිටි පක්ෂයේ අන්තවාදීන් පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ‘හූ’ කීම තමන් වැදූ මවට හූ කීම සේ සමාන යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා කියයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැවැන්තයින්ගේ තිඹිරිගෙය වූ පක්ෂ මූලස්ථානය සැබෑ ශ්‍රී ලංකා පාක්ෂිකයින්ගේ ගෞරවයට පාත්‍ර වූ ස්ථානයක් බවත් බීමත්ව කලහකාරීව හැසිරුණු අමනෝඥයින් පිරිසක් මෙසේ පක්ෂ මූලස්ථානය අසලදී හූ කීම එම පාක්ෂිකයින්ගේ මෙන්ම සමස්ත රට වැසියන්ගේ පිළිකුලට හේතු වන බවත් මහලේකම්වරයා පවසයි.

ශ්‍රීලනිපය දෙකඩ කිරීමට අර අදින පිරිසක් මෙන්ම ඒ කොන්ත්‍රාත්තුව කරට ගත් අන්තවාදීන් පිරිසක් මේ පාද යාත්‍රාවට සහභාගිවීම පාක්ෂිකයින්ගේ දැඩි විවේචනයට ලක් වූ බවද අමරවීර මහතා පෙන්වාදෙයි.

මෙය පක්ෂය දෙකඩ කිරීමේ පළමු අදියර බවත් තමන් පමණක් රජවන සිහිනයක සිටින අයගේ මේ නොමනා ක්‍රියාව පමණක් නොව, තමන් ඕනෑම අභියෝගයන්ට නොබියව මුහුණදීමට ශ්‍රීලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සූදානම් බව පවසන අමරවීර මහතා හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ පාද යාත්‍රාවේ ගිය පිරිස අලුත් ආණ්ඩුවක් පිහිටුවීමේ සිහිනයේ අතරමංව අද “සියඹලාණ්ඩුවක්” පිහිටුවාගෙන සිටිනවා යැයිද අවධාරණය කරයි.

බුද්ධිකා ඉඹුලාන – දිනමිණ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *