මිලියන70ක ක්‍රිෂ් ගනුදෙනුවේ නාමල්ගේ තවත් ගේම් එෆ්.සී.අයි.ඩී. ය අධිකරණයේ දිගහරී.!

ක්‍රිෂ් සමාගමෙන් ලබා දුන් රුපියල් මිලියන 70 ක මුදලක් අවභාවිතා කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහි නඩුවේ දී  අද (8) එෆ්.සී.අයි.ඩී. ය අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

එහිදී  එෆ්.සී.අයි.ඩී. ය අධිකරණය හමුවේ කාල්ටන් සුපර් නෙට්වර්ක් ආයතනයේ ගිණුම් සම්බන්ධව කටයුතු කරන සුජානි බෝගොල්ලාගමගෙන් ලබා ගත් ප්‍රකාශයකට අනූව එම මුදල් වියදම් කළ ආකාරය සම්බන්ධයෙන් දැනුවත් යැයි කියන රොනී ඒබ්‍රාහිම් හා රුක්ෂාන් ප්‍රනාන්දු දෙදෙනාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවත් 2012 හා 2013 වර්ෂ වලදී රගර් තරගාවලිය සඳහා ක්‍රීඩාංගණ වෙන් කරවා ගැනීම සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන බව ද කියා සිටියේය.

ක්‍රිෂ් සමාගමෙන් මුදල් ගෙන පුත්තලමේ ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කොට රුපියල් මිලියන 40 කට මිලටගත් බව කියන  සංචාරක මණ්ඩලයේ හිටපු සභාපති නාලක ගොඩහේවා ඇතුළු 4 දෙනෙක් සැකකරුවන් ලෙස හඳුනාගෙන ඇති බවද එෆ්.සී.අයි.ඩී. ය එහිදී සඳහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *