ඇවන්ගාඩ් නඩුවේ සංශෝධිත චෝදනා පත්‍රය මහාධිකරණයෙන් ප්‍රතික්ෂේප වෙයි

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු පුද්ගලයන් 08 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ සංශෝධිත චෝදනා පත්‍රය පිළිගැනීම අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ අද (20) මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු මඩුල්ල මේ බව දැනුම් දුන්නේය. ධම්මික ගනේපල, ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම…

ආණ්ඩුව බයවෙයි. ණය සීමාව ඉහළ නංවා ගැනීමේ යෝජනාව අකුළා ගනී !

පසුගිය වසරේ ඉදිරිපත් කෙරුණු අතුරු සම්මත ගිණුමට සංශෝධනයක් එක් කරමින් රජයේ ණය සීමාව ඉහළ නංවා ගැනීම සඳහා ආණ්ඩුව ඉදිරිපත් කර තිබුණු යෝජනාව ඉල්ලා අස්කර ගෙන තිබේ.  මෙම යෝජනාව සම්බන්ධයෙන් විපක්ෂය ඡන්දයක් ඉල්ලා සිටීමට සූදානම් වන බව දැනගන්නට ලැබීම නිසා මෙසේ එය ඉල්ලා අස්කර ගන්නා බවයි සභානාය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ.  ආණ්ඩු පක්ෂයට පාර්ලිමේන්තුව තුළ…

සයින්දමරුදු ගැසට්ටුව තාවකාලිකව අත්හිටුවීමට තීරණයක්

  සයින්දමරුදු ප්‍රදේශය වෙනම නගර සභාවක් බවට පත්කිරීමේ ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. රටේම එවැනි පාලන ව්‍යුහ වෙනස් කිරීමේ අවශ්‍යතා සළකා බලා සියල්ල එකවර සිදුකිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක ඇමති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.   අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (20) පැවති කැබිනට් තීරණ…

සිරිකොතේ ගුටිකෙලි යන තත්ත්වයක් !

ඊයේ පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ඉතා උණුසුම් තත්ත්වයක් ගත්  බවත් එක් අවස්ථාවක දී ගුටිබැට හුවමාරුවකට ආසන්න තත්ත්වයක් ඇති වූ බවත් වාර්තා වෙයි . මහ මැතිවරණය තරග කරන ලකුණ සම්බන්ධයෙන් පැවති විවාදය උණුසුම් වීම මෙම තත්ත්වයට හේතු වී තිබේ . එජාපයේ නායකත්වයෙන් බිහිවන සංධානය හංසයා ලකුණින් තරග කළ යුතු බව පෙරේදා පැවති පක්ෂ…

යහපාලන ආණ්ඩුව ඉදිරිපත් කළ ජිනීවා යෝජනා දෙකෙන් රජය ඉවත් වෙයි

යහපාලන ආණ්ඩුව ජිනීවා මානව හිමිකම් කොමිසන් සභාව සමඟ එකඟතාවයකට පැමිණි 30/1 සහ 40/1 යන යෝජනා දෙකෙන් වහාම ඉවත්වීමට  කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදි  අද (19) රාත්‍රීයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඒ සඳහා වන යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසිනි. ජිනීවා මානව හිමිකම් යෝජනා…

ජිනීවා යෝජනාවෙන් ඉවත් වෙන්න ආණ්ඩුවට බෑ. මේක ජනතාව රවටන බොරුවක් – සුමන්දිරන්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත කෙරුණු යෝජනාවකින් ඉවත් වීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට හැකියාවක් නොමැති බවත් එසේ ඉවත් වන බවට ඔවුන් කරන ප්‍රකාශය හුදෙක් ජනතාව රවටා දේශපාලන වාසි ගැනීමේ අරමුණින් කියන බොරුවක් පමණක් බවත් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පවසයි.  විශේෂයෙන් මෙම 40.1 යෝජනාව සම්මත කරගෙන ඇත්තේ වසර දෙකක…

ජාතික සමගි බලවේගයට ‘හංසයා’ ලකුණින් එන්න බැරි වෙයි

එළැඹෙන මහ මැතිවරණයේ දී ජාතික සමගි බලවේගයට හංසයා ලකුණින් තරග කිරීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයන් අද දැනුම් දුන් බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්  අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය. සන්ධාන සලකුණ සම්බන්ධයෙන්   නීති කෘත්‍යයක් පැන නැගීම හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාව සමඟ ජාතික සමගි බලවේගය සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් අද (19) රාජගිරියේ පිහිටි…

පාස්කු ප්‍රහාරය මේ ආණ්ඩුවටත් අමතක වෙලා, දේශපාලන වාසි ගත්තා විතරයි – අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී වසරකට ආසන්න කාලයක් ගතවී ඇතත් ඒ සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා පවසනවා. එම ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ට සාධාරණය ඉටු කරන බව වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු වූ නමුත් එම පොරොන්දු ඉටු කිරීමට අසමත් වී ඇති…

සමගි ජනබලවේගය හංසයා ලකුණින් ඡන්දයට

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුණ සමගි ජන බලවේගය ඉදිරි මැතිවරණයට හංසයා ලකුණ යටතේ තරග කිරීමට පක්ෂ උපදේශක කාරක සභාව ඊයේ (18) තීරණය කළේය. උපදේශක කාරක සභාවේ මෙම තීරනය අද (19) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම දැනුම් දීමට නියමිත බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී  ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලංකාදීපයට පැවසීය. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ…

|

ගණිකා වෘත්තියෙන් ජීවත්වීම අපරාධයක් නොවේ – කොටුව මහේස්ත්‍රාත්

ගණිකා වෘත්තියේ යෙදීම ශ්‍රී ලංකාවේ පවතින නීතිය අනුව වරදක් නොවන බව පෙන්වා දුන් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ගණිකා වෘත්තියේ යෙදුනේ යයි චෝදනා කොට අධිකරණයට ඉදිරිපත් කොට තිබු කාන්තාවක් ඊයේ නිදහස් කළේය . ගණිකා නිවෙසක් පවත්වාගෙන යාම වරදක් ලෙස පිළිගෙන ඇතත්, ගණිකා වෘත්තියේ යෙදීමට එබදු තහනමක් නැති බව මහේස්ත්‍රාත් තුමා පෙන්වා දුන්නේ අතීතයේ දුන් නඩු…

ඇමෙරිකාව හමුදා සබදතා නවතා නැහැ – පාක්‍යසෝති සරවනමුත්තු

ශ්‍රී ලංකාවේ හමුදාපති තනතුර දරන ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ අයට පනවා ඇති ඇමෙරිකාවට ඇතුළුවීමේ තහනම එරට පවතින නීතියක් ක්‍රියාත්මක වීමක් බවත් ශ්‍රී ලංකාව සමග පවත්වන හමුදා සබදතා කිසිවක් නවතා  දැමීමට ඇමෙරිකානු රජය මෙතෙක් පියවර ගෙන නැති බවත් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු මහතා ප්‍රකාශ කළේය . ශවේන්ද්‍ර සිල්වා මහතාට පැනවූ ගමන්…

පාස්කු ප්‍රහාරයට පොලිසියේ 08 දෙනකුට චෝදනාපත්‍ර කෙටුම්පත් කරලා

පාස්කු ප්‍රහාරයට අදාලව වගකීම් පැහැර හැරීම ගැන ජාතික පොලිස් කොමිෂන් සභාවේ නියෝගය අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් කළ මූලික පරීක්ෂණයෙන් පසු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් දෙදෙනකු ඇතුළු අට දෙනකුට එරෙහිව ලබා දිය යුතු චෝදනාපත්‍ර කෙටුම්පත් කර ජාතික පොලිස් කොමිෂන් සභාවට යොමු කර ඇතැයි පොලිස් කොමිෂන් සභාවේ සහ පොලිසියේ ආරංචි මාර්ගවලින් පැවසේ….