“බැසිල්ගේ හොර සල්ලි පනත ව්‍යවස්ථාවට පටහැනියි” : එරාන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

කළු සල්ලි සුදු කිරීම සඳහා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කොට ඇති පනත ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එය සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවත්, තීන්දු කරන ලෙස ඉල්ලා සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කොට ඇත. මෙම පනතේ 2,3,4,5, සහ…

බැසිල්ගේ හොර සල්ලි පනතින් මාකඳුරේ මදුෂ්ගේ කුඩු සල්ලිත් නීත්‍යනුකුල කරගන්න පුළුවන් – ජවිපෙ නායක අනුර කුමාර දිසානායක

මාකඳුරේ මදුෂ් මිය නොගියා  නම් ඔහු කුඩු ජවරමින් සහ අපරාධවලින් උපයා  තිබු විශාල ධස්කන්ධය බැසිල් රාජපක්ෂ මහතා ගෙන එන හොර සල්ලි සඳහා සහන දීමේ නව පනතින් නීත්‍යනුකුල කරගැනීමට ඉඩ තිබු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි. එමෙන් ම, අධිකරණයේ නඩුවක් නොතිබුනේ නම් මල්වානේ බංගලාව  ඇතුළු දේපළ ද මෙම නීතිය යටතේ…

කොවිඩ් මරණ 4000 පන්නයි; අදත් නව ආසාදිතයින් 1785 ක්

අද දිනයේ රජය නිල වශයෙන් වාර්තා කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 47 කි. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 4,002 දක්වා ඉහළ ගොස් ඇත. කොවිඩ් රෝගීන් වැඩිවීමේ ප්‍රවනතාව පෙන්නුම් කරමින් අදත් නව කොවිඩ් ආසාදිතයින් 1,785 ක් වාර්තා කොට ඇත. මේ වනවිට නිල සංඛ්‍යා ලේඛන අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 293,076 ක් වෙයි.

කොවිඩ් ඩෙල්ටා ආසාදිතයෝ තවත් 23 ක් හඳුනා ගැනෙති

කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය නිසා ආසාදිත තවත් 2‍3 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ කියයි. ඒ අනුව ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී ඇති බවට මේ දක්වා මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 61ක් දක්වා ඉහළ ගොස් ඇත. නව ආසාදිතයින් කොළඹ, රත්මලාන, පිළියන්දල, මීගමුව, ගාල්ල, දඹුල්ල, වව්නියාව, මුලතිව් සහ කිලිනොච්චිය යන ප්‍රදේශවලින් හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි. එමෙන්…

GMOA පාදෙණිය කණ්ඩායමට අධිකරණයෙන් පා පහරක් ; සභාපති ධුරය, ඇතුළු සියලු නිලතල අධිකරණයෙන් අත්හිටුවයි

වසර පහකට අධික කාලයක් රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සභාපති ධුරය රැඳී සිටි අනුරුද්ධ පාදෙණිය මහතා ඇතුළු කණ්ඩායම තවදුරටත් එම සංගමයේ නිලතල නොදරමින් සංගමයේ නිලවරණය අතුරු පාලක මණ්ඩලයක් යටතේ  ස්වාධීනව පැවැත්වීමට කටයුතු කළ යුතු බවට මොරටුව දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් ලබාදී ඇත. සංගමයේ නිලවරණය පිළිබඳව ඉදිරිපත්ව තිබු පෙත්සමක් සලකා බලමින් ඊයේ මෙම නියෝගය නිකුත් කොට…

අදත් කොවිඩ් මරණ 42 යි ; නව ආසාදිතයින් සංඛ්‍යාව 1714 දක්වා යලි ඉහළට

අද දිනයේ රජය නිකුත් කළ වාර්තා අනුව කොවිඩ් රෝගයෙන් මියගිය සංඛ්‍යාවට තවත් 42 ක් එකතු වෙයි. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 3,959 දක්වා ඉහල ගොස් ඇත. පසුගිය දිනවල අඩු වී තිබු නව ආසාදිතයින් වාර්තා වීම යලි ඉහළ ගොස් ඇත්තේ අද දිනයේ නව ආසාදිතයින් 1,714 ක් වාර්තා කරමිනි. මේ අනුව මෙරටින්…

විපක්ෂයේ සියලු පක්ෂවල සන්ධානයකින් ඉදිරි මැතිවරණ තරඟ කරනවා – සජබ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර

ඉදිරි මැතිවරණ තරඟ කිරීම සඳහා විපක්ෂයේ සියලු පක්ෂවල සන්ධානයක් ගොඩ නැගීමට ක්‍රියා කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි. සමගි ජන බලවේගයේ නායකත්වයෙන් සියලු පක්ෂ එකතු කරන බව ඒ මහතා කියයි. අද කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පවතී මාධ්‍ය හමුවක දී ඒ මහතා මේ බව පැවසීය. විපක්ෂය එඉක්සත් කිරීමේ සාකච්ඡාවක්…

විශ්ව විද්‍යාල පනත සංශෝධනය කෙරෙයි ; සංවිධාන රැසක් විරුද්ධයි !

විශ්ව විද්යාල පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පතක් රජය විසින් ගැසට් කරනු ලැබ ඇත. 1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනත මෙමගින් සංශෝධනය කරනු ලබන අතර එමගින් විශේෂ සේවා විශ්ව විද්‍යාල ඇති කිරීමට ප්‍රතිපාදන සලසා තිබේ. පනතට තම විරෝධය පළ කරන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු පාර්ශව ගණනාවක් අද ප්‍රකාශ කළේ ය.

අද කොවිඩ් මරණ 47 යි ; නව ආසාදිතයින් 1566 යි

අද දිනය තුල වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 47 කි. ඒ අනුව මෙරටින් නිල වශයෙන් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 3,917 ක් දක්වා ඉහල ගොස් ඇත. අද දිනයේ නිල වශයෙන් වාර්තා කොට ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,566 කි. එම සංඛ්‍යාව ද සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 289,539 කි.

ඛනිජ තෙල් සංස්ථාවේ ඒකාධිකාරය අහෝසි කරන පනත කැබිනට් මණ්ඩලයෙන් අනුමතයි

ඛනිජ තෙල් නිෂ්පාදනයේ, පිරිපහදු කිරීමේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඒකාධිකාරය අහෝසි කොට පෞද්ගලික අංශයට ද එම අවස්ථාව විවෘත කිරීම සඳහා වූ පනත් කෙටුම්පත කැබිනට මණ්ඩලය විසින් අනුමත කොට ඇත. 2003 ශ්‍රී ලංකා ඛනිජ තෙල් පනත මේ අනුව සංශෝධනය කෙරෙනු ඇත. ඒ සඳහා වූ පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ ද අනුමැතිය හිමි වී තිබේ. විශාල නව ඛනිජ…

බැසිල්ගේ හොර සල්ලි ගෙනෙන පනත පාර්ලිමේන්තුවේ සභාගත කරයි !

නව මුදල් ඇමතිවරයාගේ ප්‍රමුඛතා කාර්යයක් බවට පත්ව ඇතැයි, කියන, විදේශයන්හි සඟවා ඇති කළු සල්ලි ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා බදු සමාව ලබාදෙන පනත් කෙටුම්පත ඊයේ ( 20 දා ) පාර්ලිමේන්තුවේ සභාගත කොට ඇති බව වාර්තා වෙයි. මෙම පනත මගින් ලබාදෙන සමාව මත ශ්‍රී ලාංකිකයින් සතු කළු සල්ලි විශාල ප්‍රමාණයක් මෙරටෙහි ආයෝජනය කරනු ඇතැයි නව මුදල් ඇමතිවරයා…

විශ්වාස භංගයේ දී රනිල්ගේ කට වහන්න සජබ කැත වැඩක් කරලා !

ඊයේ පෙරේදා විවාද කොට අවසන් වූ, ඇමති ගම්මන්පිලට එරෙහි විශ්වාස භංග යෝජනා විවාදයේ දී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා කතා කිරීම වැලැක්වීම සඳහා ඒ මහතාට විපක්ෂයෙන් වෙලාව වෙන් කර නොදීමට සමගි ජන බලවේගයේ නායකයෝ ක්‍රියාකොට ඇත. මෙබඳු  විවාදයක දී විපක්ෂයේ වෙනත් පක්ෂ කුමන මතයක් දරුවත් ඔවුන්ට අවශ්‍ය කාලය වෙන්කර දීම පිළිගත් සම්ප්‍රදායකි. එසේ වුව ද,…