බැසිල්ගේ හොර සල්ලි පනතින් මාකඳුරේ මදුෂ්ගේ කුඩු සල්ලිත් නීත්‍යනුකුල කරගන්න පුළුවන් – ජවිපෙ නායක අනුර කුමාර දිසානායක

මාකඳුරේ මදුෂ් මිය නොගියා  නම් ඔහු කුඩු ජවරමින් සහ අපරාධවලින් උපයා  තිබු විශාල ධස්කන්ධය බැසිල් රාජපක්ෂ මහතා ගෙන එන හොර සල්ලි සඳහා සහන දීමේ නව පනතින් නීත්‍යනුකුල කරගැනීමට ඉඩ තිබු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි.

එමෙන් ම, අධිකරණයේ නඩුවක් නොතිබුනේ නම් මල්වානේ බංගලාව  ඇතුළු දේපළ ද මෙම නීතිය යටතේ බැසිල් රාජපක්ෂ මහතාට නීත්‍යනුකුලව හිමි කර ගැනීමට හැකි වන බව ද ඒ මහත් පෙන්වා දුන්නේ ය.

මෙයින් ගොවියන්ගේ, ධීවරයන්ගේ, රජයේ සේවකයන්ගේ, හෝ නීත්‍යනුකුලව මුදල් උපයන කිසිවකුගේ මුදල්වලට කිසිදු සහනයක් ලබෙන්නේ නැති බවත්, මෙම නීතිය මගින් කියන්නේ “නීත්‍යනුකුලව නොව නීති විරෝධී ලෙස මුදල් උපයා ගනිල්ලා” යනුවෙන් බව දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *