කොවිඩ් ඩෙල්ටා ආසාදිතයෝ තවත් 23 ක් හඳුනා ගැනෙති

කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය නිසා ආසාදිත තවත් 23 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ කියයි.
ඒ අනුව ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී ඇති බවට මේ දක්වා මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 61ක් දක්වා ඉහළ ගොස් ඇත.
නව ආසාදිතයින් කොළඹ, රත්මලාන, පිළියන්දල, මීගමුව, ගාල්ල, දඹුල්ල, වව්නියාව, මුලතිව් සහ කිලිනොච්චිය යන ප්‍රදේශවලින් හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.
එමෙන් ම, අලුතින් කොවිඩ් ආසාදනය වුවන් රැසකගේ සාම්පල ඩෙල්ටා ප්‍රභේදය සඳහා පරීක්ෂාවට ලක් කරමින් පවතියි.
