මහාචාර්ය බුද්ධි මාරඹේ ඉවත්කළේ ඔහු නොදැරූ තනතුරුවලින් !!!

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඔහු දැරූ සියලු තනතුරුවලින් මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා ඉවත් කළ බව රජය ප්‍රකාශ කළ ද තමන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කිසිදු තනතුරක් නොදැරූ බව මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා අද මාධ්‍ය හමුවක් අමතා ප්‍රකාශ කළේ ය. මහාචාර්යවරයා කියන්නේ තමා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවකයකුව නොසිටි බව යි. ජාතික පොහොර ප්‍රතිපත්තිය සැකසීමේ විශේෂඥ කමිටුවක සේවය කිරීමට පසුගිය වසරේ තමාට…

තවත් කොවිඩ් මරණ 14 ක් , නව ආසාදිතයින් 554 ක් අද වාර්තා වෙයි

අද දිනය තුළ රජය නිල වශයෙන් තහවුරු කොට ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 14 කි. ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 13,654 ක් වෙයි. නව කොවිඩ් ආසාදිතයින් ලෙස අද දිනයේ අලුතින් හඳුනාගත් සංඛ්‍යාව ලෙස වාර්තා වන්නේ 554 කි. ඒ අනුව මෙරටින් මෙතෙක් හඳුනාගනු ලැබූ කොවිඩ් ආසාදිත සමස්ත සංඛ්‍යාව…

විෂ සහිත යයි ප්‍රතික්ෂේප වූ චීන පොහොර ගන්න අලුත් පරීක්ෂණයක් !

  මෙරට භාවිතයට අහිතකර බව මෙරට ආයතන තුනක පරීක්ෂණ මගින් තහවුරු කොට තහනම් කළ බැවින් ප්‍රතික්ෂේප කළ චීන පොහොර බාර ගැනීම සඳහා වෙනත් කණ්ඩායමක් මගින් නැවත පරීක්ෂණයක් කිරීමට ආණ්ඩුව එකඟ වී ඇති බව වාර්තා වෙයි. චීන සමාගම සමග සාකච්ඡා කොට මෙම එකඟතාවයට පැමිණ ඇත්තේ කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ සහ රාජ්‍ය ඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ ඇමතිවරුන් ය….

රට පීඩනයට පත් වුණේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයෙන් බව හැකිනම් මාධ්‍ය ඉදිරියට ඇවිත්  කියන්නැයි සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරනවා – එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර

රට පීඩනයට පත් වුණේ දින මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයෙන් ඇති වූ දින 52 අර්බුදය නිසා බව හැකිනම් මාධ්‍ය ඉදිරියට ඇවිත්  කියන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරන බව  එජාප මහා ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා අද පැවසීය. එක පැත්තකින් ආර්ථිකයත් අනිත් පැත්තෙන් රජයේ සේවක ප්‍රශ්න ගුරු වැටුප් අර්බුද ඇතුළු වර්තමානයේ  ප්‍රශ්න කන්දක් එක…

සජබයෙන් ඉවත් වුවත් ආණ්ඩුවට යන්න තරම් මෝඩ නෑ – සජබ මන්ත්‍රී හේෂා විතානගේ

සමගි ජන බලවේගයේ ආසන සංවිධායක තනතුරු වලින් ඉවත් වුවත්, පාරේ ගල් ගසා එලවා දමන තත්ත්වයට වැටී ඇති ආණ්ඩුවට එකතු වීමට තරම් තමා හෝ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා මෝඩයින් නොවන බව හේෂ විතානගේ මන්ත්‍රීවරයා අද මාධ්‍ය අමතා ප්‍රකාශ කළේ ය. පක්ෂයේ ලොම් හැලුණු නායකයින්ට තමන් පාලනය කළ නොහැකි බව කී ඒ මහතා පක්ෂය තුළ දක්ෂයන්ට සහ තරුණයන්ට…

බැඳුම්කර නඩුවට එරෙහිව රවි ගෙන් නඩුවක් !

  බැදුම්කර වෙන්දේසියකදී රජයට රුපියල් කෝටි 1500 ක් පාඩු කළ යැයි චෝදනා කරමින් මහාධිකරණය හමුවේ තමාට  එරෙහිව ගොනු කර ඇති අධි චෝදනා පත්‍රය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කොට ඇත. ඒ සම්බන්ධයෙන් ලබන 10 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නීතිපතිවරයාට නොතීසි  යවන්නැයි පෙත්සම්කාර පාර්ශවයට අභියාචනාධිකරණය නියම…

වලෙන් ගොඩ එන්න පාර කී එක ම පක්ෂය එජාපය යි – එජාප නායක රනිල් වික්‍රමසිංහ

මේ අමාරු කාලේ ආර්ථිකය ගොඩගන්න සැලසුමක් රටට ඉදිරිපත් කළ එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය පමණක් යැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ගොස් ප්‍රශ්න විසඳාගන්නැයි තමා දිගින් දිගටම පැවසූ නමුත් ආණ්ඩුව ඊට අකමැති නම් කරන්න දෙයක් නැතැයි ද දැන් ඉතිරි තීන්දුව තියෙන්නේ ජනතාවගේ අතේ බවද රනිල්…

පාස්කු ප්‍රහාරය ගැන ප්‍රශ්න කිරීම නවතන්න දඩයමක් ! පුජක තුමන්ලාටත් හිරිහැර

පාස්කු ඉරුදින කතෝලික පල්ලි සහ සංචාරක හෝටල්වලට තස්තවාදී ප්‍රහාරයක් එල්ල කොට විශාල මිනිස් ඝාතනයක් කිරීමේ සිදුවීම ගැන සාධාරණ පරීක්ෂණයක් සිදු කොට එහි මහ මොළකරු හෙළිදරව් කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණය කරන පිරිස් දඩයම් කිරීමට සහ එම ප්‍රශ්න මතුකරන පුජක තුමන්ලාට හිරිහැර කිරීමට සැලැස්මක් දියත් වී ඇති බව දේශපාලන නිරීක්ෂකයෝ කියති. එම නිරීක්ෂකයන් කියන ආකාරයට මෙම සැලැස්මේ…

ඊයේ කොවිඩ් මරණ 29 යි ; නව ආසාදිතයින් 561 යි

ඊයේ දිනයේ රජය නිල වශයෙන් නිවේදනය කොට ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 29 කි . ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වී ඇත්තේ 13,640 ක් වශයෙනි. ඊයේ දිනය තුළ අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 561 ක් ලෙස වාර්තා කොට ඇත. මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන්…

සමගි ජන බලවේගයේ හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි මන්ත්‍රීවරුන් පක්ෂ තනතුරුවලින් ඉල්ලා අස්වෙති

  සමගි ජන බලවේගය රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ මහතා සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි මහතා සිය පක්ෂ තනතුරු සහ ආසන සංවිධායක ධුරවලින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි. ඔවුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා  වෙත ඊයේ (25) ලබා දී තිබේ. මේ වන විට ජනතාව ආණ්ඩුව ප්‍රමුඛ බහුතරයක්…

කාබනික පොහොර ගැන රජයට ඇත්ත කීවාට මහාචාර්ය බුද්ධි මාරඹේ තනතුරින් ඉවතට !

කාබනික ගොවිතැන ආසාර්ථක ව්‍යාපෘතියක් බව මුල සිටම රජයට පෙන්වා දීමට කටයුතු කිරීමේ වරදට මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපදේශක කමිටුවේ එතුමා දැරූ සභාපති තනතුරින් ඉවත් කරන බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කරයි. කෘෂිකර්ම අමාත්‍යංශයේ උපදේශක කමිටුවේ සභාපතිව සිටිමින් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය විවේචනය කිරීම ඒ මහතාට එල්ල වී ඇති චෝදනාවයි. ඒ අනුව ඒ මහතා…

රුපවාහිනී සේවකයන්ට වැටුප් නොගෙවයි ; සේවකයෝ මහපාරට !

ජාතික රුපවාහිනී සේවයේ සේවකයන්ට මෙම මස වැටුප් නොගෙවීම නිසා ඔවුන් අද සංස්ථාව තුළ විරෝධතාවක් ක්‍රියාත්මක කළ අතර හෙට දිනයේ ආයතනය ඉදිරියේ මහපාරේ උද්ඝෝෂණයක් සංවිධානය කොට ඇති බව වාර්තා වෙයි. මේ වනවිට කෝටි ගණන් ණය වී ඇති ජාතික රුපවාහිනිය, සේවකයන්ගේ අතිකාල දීමනා ඇතුළු බොහෝ අයිතීන් කපා හැර ඇති බව ද වාර්තා වෙයි. ඒ අතර සංස්ථාවේ ඉහළ…