අද කොවිඩ් මරණ 16 ක් , නව ආසාදිතයින් 588 ක් වාර්තා වෙයි

රජය අද දිනය තුළ තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16 ක් වන අතර නව ආසාදිතයින් 588 ක් අලුතින් හඳුනාගත් බව වාර්තා කොට ඇත. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යව 15,099 ක් වෙයි. මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මේ වනවිට වාර්තා වන්නේ 590,651 ක් වශයෙනි.

දැන් 90 ට ගිහින් තියෙන වී 75 ට ගන්න ගමට එන්න එපා ! 120 ට අඩුවෙන් වී දෙන්නේ නැහැ – බැසිල්ගේ “සහනය” ට ගොවීන්ගේ මල පනී

දැනටමත් කිලෝව රුපියල් 90 ඉක්මවා ගොස් ඇති වී, ගොවියාට සහනයක් කියමින් රුපියල් 75 ට කිරන්නට ගමට නොඑන ලෙසත්, මහ කන්නයේ වී කිලෝව රුපියල් 120 ට අඩුවෙන් නොදෙන බවටත් රජරට ගොවීහු රජයට තම විරෝධය ප්‍රකාශ කරති. කාබනික ගොවිතැනක් ගැන කියා ගොවිතැනට පොහොර නොදී තමන් අමාරුවේ දැමු රජය දැන් යන්තම් හදා ගත් වී ටිකත් කුණු කොල්ලෙට ගන්නට…

ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ගිවිසුමෙන් අයි ඕ සී ට අවශ්‍ය දේ දෙයි

ඉන්දියානු ඔයිල් සමාගම ඉල්ලා සිටි පරිදි ඔවුන් භාවිත කරන තෙල් ටැංකි 14 ක් වසර 50 ක් සඳහා ඔවුන්ට බදු දීමේ ගිවිසුමට ඊයේ අත්සන් තැබීය. මෙම තෙල් ටැංකි ශ්‍රී ලංකාව සතු මහා සම්පතක් ලෙස ඇතැමුන් හැඳින්වුව ද එයින් ගත හැකි වාණිජ ඵල ප්‍රයෝජන සීමා සහිත බව තතු දත් අංශ කියයි. ශ්‍රී ලංකාවේ දැනට ඇති වෙළෙඳපොළ අනුව…

අගමැති පුටුවේ රණ්ඩුවට කෝට්ටේ වෙනම කාර්යාලයක් !

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත්කොටබැසිල් රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කිරීම සඳහා රාජපක්ෂ සොහොයුරන් අතර ඇති වී තිබෙන ගැටුමේ දී , මහින්ද අගමැති ධුරයෙන් එලවීමේ කරයුත්ත මෙහෙයවීමට වේනම් කාර්යාලයක් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටුවා ඇති බව නෙත් රුපවාහිනී සේවය වාර්තා කරයි. මෙම කාර්යාලය පිහිටුවා ඇත්තේ රාජපක්ෂ පවුලේ සැලසුමක් අනුව බව ද එම වාර්තාවෙන් කියයි. නෙත්…

නොගත් චීන පොහොර ජරාවට ඩොලර් මිලියන 6.9 ක් ගෙවයි

චීනයෙන් ඇනවුම් කොට ප්‍රතික්ෂේප කළ විෂ සහිත ජරාව අඩංගු පොහොර නැව ආපසු රැගෙන යාම වෙනුවෙන් ඩොලර් මිලියන 6.9 ක් මුදලක් ගෙවා දැමීමට මහජන බැංකුව කටයුතු කොට ඇත. උසාවියේ වාරණ නියෝගයක් මත මෙම මුදල් ගෙවීම නවතා තිබුන ද ලංකා පොහොර සමාගම සහ කොමර්සල් පොහොර සමාගම සිය නඩු ඉල්ලා අස් කරගැනීම නිසා වාරණ නියෝගය අහෝසි කරනු ලැබීය….

ජනාධිපතිගේ කතාවට දින දෙකක විවාදයක් ඕනෑ – කිරිඇල්ලත් කියයි

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කරමින් ජනවාරි 18 දා ජනාධිපතිතුමා කරන කතාව ගැන දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍ය බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද අද ඉල්ලා සිටියේය. මීට පෙර රනිල් වික්‍රමසිංහ මහතා ද එම ඉල්ලීම කළේය. කිරිඇල්ල මහතා කියන්නේ ජනවාරි 19,20 දින දෙක මෙම විවාදය සඳහා වෙන්කළ යුතු බවයි. 18 දා ජනාධිපතිතුමා රටට ඉදිරිපත්…

අද කොවිඩ් වාර්තා ; මරණ 18 යි, නව ආසාදිතයින් 584 යි

අද දිනය තුළ රජය තවත් කොවිඩ් ආසාදිත මරණ 16 ක් තහවුරු කොට ඇති අතර අලුතින් හඳුනාගනු ලැබූ ආසාදිතයින් ලෙස වාර්තා කොට ඇති සංඛ්‍යාව 584 කි. මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව මේවනවි 15,083 ක් වශයෙන් වාර්තා වී තිබේ. මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ 590,063 ක් වශයෙනි.

සුසිල් කියූ ‘වෙනත් කණ්ඩායම’ බලය ගන්න සුදානමින් ; බුද්ධි තොරතුරකින් ජනපති කැළඹෙයි !

ප්‍රශ්න විසඳීමට මේ අයට තිබුණු කාලය ඉවරයි – දැන් ඉඩ තියෙන්නේ වෙනත් කණ්ඩායමකට යැයි හිටපු රාජ්‍ය ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා පසුගියදා කළ කතාව සැලසුම් කළ එකක් බවත්, ඒ අනුව රජය පෙරළා වෙනත් කණ්ඩායමක් ලෙස බලය ගැනීමට ආණ්ඩුව තුළ ම පිරිසක් සැලසුම් කොට ඇති බවත්, සඳහන් කරමින් ලැබුණු බුද්ධි වාර්තා නිසා ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා කැළඹීමට…

‘‘බලශක්ති ඇමැතිට තෙල් ටැංකි ගැන ක්‍රියාමාර්ගයක් ගන්න බෑ‘‘, ” ඉඩමේ අයිතිය සංස්ථාවට නැහැ ” – එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ඉඩම් අයිතිය තෙල් සංස්ථාව සතුව නොපවතින බැවින් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට නොහැකි බව හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. එංගලන්තයේ රාජකීය නාවික හමුදාවට  අයත්ව තිබී ලංකා ආණ්ඩුවට පැවරූ මෙම තෙල් ගබඩා සංකීර්ණය සම්බන්ධයෙන් තීරණ ගැනීමට හැකියාව ඇත්තේ…

ඇමති කුට්ටම 10 දා අනයි ! හොඳටම කළ මහින්දානන්දත් කැපේ !!

ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා විසින් කරන කැබිනට සංශෝධනය ජනවාරි 10 දා සිදුවනු ඇති බවත්, එහි දී කාබනික ගොවිතැන හරියට ම කරන්න ගිය කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ද ඉවත් කරනු ඇති බවත්, ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග උපුටා දක්වමින් තතු දත් අංශ වාර්තා කොට ඇත. මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉවත්කිරීමෙන් හිස් වන කෘෂිකර්ම ඇමතිධුරය ඉඩම් ඇමති ධුරය…

18 දා ජනාධිපතිගේ කතාවට රනිල් ගේම ඉල්ලයි

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කරමින් ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ජනවාරි 18 දා කරන කතාව පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍ය බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් සහ සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කොට ඇති බව වාර්තා වෙයි. මෙලෙස රාජාසන කතා පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීම 1978 ව්‍යවස්ථාව හඳුන්වාදීමෙන් පසුව සම්ප්‍රදායක් ලෙස කරගෙන ආ…

18 දා ණය නොගෙවිය යුතුයි, ගෙව්වොත් අපි තවත් ආමරුවේ – ආචාර්ය නිශාන් ද මේල්

මෙම ජනවාරි 18 වැනිදාට කල් පිරෙන ඩොලර් මිලියන 500 ක ජාත්‍යන්තර බැඳුම්කරය නොගෙවිය යුතු බවත් එය ගෙව්වොත් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය තවත් පහත වැටී රට තවත් අමාරුවේ වැටෙනු ඇති බවත්, වෙරිටේ රිසර්ච් විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන් ද මේල් මහතා ප්‍රකාශ කරයි. අප ණය ගෙවා තිබිය දී ශ්‍රේණිය පහත දමන්නේ ඇයි ? කියා කෙනෙකුට ප්‍රශ්න කළ…