ඇමති කුට්ටම 10 දා අනයි ! හොඳටම කළ මහින්දානන්දත් කැපේ !!

ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා විසින් කරන කැබිනට සංශෝධනය ජනවාරි 10 දා සිදුවනු ඇති බවත්, එහි දී කාබනික ගොවිතැන හරියට ම කරන්න ගිය කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ද ඉවත් කරනු ඇති බවත්, ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග උපුටා දක්වමින් තතු දත් අංශ වාර්තා කොට ඇත.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉවත්කිරීමෙන් හිස් වන කෘෂිකර්ම ඇමතිධුරය ඉඩම් ඇමති ධුරය දරන එස් එම් චන්ද්‍රසේන මහතාට හිමිවනු ඇති බව ද වාර්තා වෙයි.
ප්‍රබල ඇමති තනතුරු 10 ක් පමණ මෙම කැබිනට් සංශෝධනයේ දී වෙනස් වන බව කියති.
