18 දා ජනාධිපතිගේ කතාවට රනිල් ගේම ඉල්ලයි

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කරමින් ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ජනවාරි 18 දා කරන කතාව පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍ය බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් සහ සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කොට ඇති බව වාර්තා වෙයි.

මෙලෙස රාජාසන කතා පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීම 1978 ව්‍යවස්ථාව හඳුන්වාදීමෙන් පසුව සම්ප්‍රදායක් ලෙස කරගෙන ආ බව ද වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.

ජනවාරි 19,20,21 දින මේ සඳහා යොදාගත හැකි බව රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කරයි.

මෙම කරුණ පිළිබඳව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා සමග පසුගිය 3 දා තමා සාකච්ඡා කළ බව ද එජාප නායකයාගේ ලිපියේ සඳහන් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *