හදිසි විදුලි මිලදී ගන්න විදුලි ඉංජිනේරුවන් හිතාමතා අර්බුදයක් නිර්මාණය කරලා – පරීක්ෂණයක් කරන්නැයි මණ්ඩලයේ සභාපති නියෝග කරයි

දැන් ඇති වී තිබෙන විදුලි අර්බුදය විදුලි බල මණ්ඩලයේ ම පිරිසක් විසින් හිතාමතා ඇතිකරන ලද්දක් බවට පැහැදිලි ලිඛිත සාක්ෂි  ඇති බවත්, ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කොට වගකිවයුත්තන්ගෙන් පාඩුව අයකර ගැනීමට ක්‍රියා කරන ලෙසත්, විදුලි බල මණ්ඩලයේ මේ වනවිටත් සභාපති තනතුර දරන එම් එම් එස් ෆෙර්ඩිනාන්දු මහතා මණ්ඩලයේ නව වැඩ බලන සාමන්යධිකරී වරයාට ලිඛිතව නියෝග කොට…

කොවිඩ් මරණ 14 ක් , නව ආසාදිතයින් 982 ක් අද වාර්තා වෙයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද නිකුත් කළ වාර්තා අනුව දිනය තුළ තහවුරු ඔවිඩ් මරණ සංඛ්‍යාව 14 ක් වන අතර අලුතින් හඳුනාගත් නව ආසාධිතයින් සංඛ්‍යාව 986 කි. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 15,400 ක් ලෙස සටහන් වෙයි. මෙරටින් මෙතෙක් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වන විට සටහන් වන්නේ  609,047…

ශල්‍යකර්මයෙන් පසු අගමැති කිසිදු උත්සවයකට නොඑයි – වෛද්‍ය උපදෙස් මත විවේක සුවයෙන්

අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සිදුකරන ලද ශල්‍ය කර්මයෙන් පසුව  ඒ මහතා වෛද්‍ය උපදෙස් මත විවේකීව සිටින බවත්, කිසිදු උත්සව අවස්ථාවකට සහභාගී නොවන බවත් වාර්තා වෙයි. අගමැතිතුමාගේ කිට්ටු හිතවතෙකු වන පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ 81 වැනි ජන්ම දින උත්සවය පසුගිය දා පැවති අතර එයට අගමැතිතුමා සහභාගී නොවීම කැපී පෙනෙන සිදුවීමක් වී ය. ගම්පොල ප්‍රදේශයේ විහාරස්ථානයක විවෘත…

වාණිජ කෘෂිකර්මාන්ත විනාශ කරන්න එපා, සිදු වූ වරද හදාගන්න – ඇමැති විමල් වීරවංශ

  වාණිජ කෘෂිකර්මාන්ත විනාශ නොකර සිදුවූ වැරැද්ද වහාම නිවැරදි කරගත යුතු යැයි කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද (28) පැවසීය. රටේ වාණිජ කෘෂිකර්මාන්තය සමඟ සෙල්ලම් කිරීම නොකළ යුතු බවත්  වාණිජ කෘෂිකර්මාන්තය බිඳවැටුණ හොත් ආහාර සුරක්‍ෂිතාව බිඳ වැටෙන බවත් අමාත්‍යවරයා කීය. කෘෂිකර්මාන්තය පිළිබඳ ප්‍රශ්නය ඉතාම සංවේදී එකක් බව කී අමාත්‍ය විමල් විරවංශ…

අද කොවිඩ් වාර්තා ; මරණ 17 යි, නව ආසාදිතයින් 961 යි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද නිකුත් කළ වාර්තා අනුව දිනය තුළ තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 17 ක් වන අතර අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 961 ක් වෙයි. මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 15,386 ක් ලෙස මේ වන විට සටහන් වෙයි. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත…

තත්ත්වය අමාරුයි ; අයි එම් එෆ් යන්න සුදානම් – මුදල් ඇමති බැසිල් විදෙස් මාධ්‍යයට කියයි

රටේ ජාත්‍යන්තර ණය ගෙවීමට සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වීමට මුදල් සොයා ගැනීම දුෂ්කර වී ඇති නිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට සාකච්ඡා කරමින් සිටින බව මුදල් ඇමති බැසිල් ප්‍රනාන්දු මහතා විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කොට තිබේ. මෙම වසරේ දී ඩොලර් මිලියන 6.9 ක් ණය ගෙවීමට ඇති බවත්, එය ඉතා අපහසු ඉලක්කයක් බවත්, මේ වනවිටත් රටේ…

අල්ලස් නඩු තුනකින් ඇමති ජොන්ස්ටන් නිදහස්

  අල්ලස් පනතේ දූෂණය නම් වරදක් සිදු කළ බවට චෝදනා ලැබ සිටි හිටපු සමූපකාර අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය සහ වර්තමාන මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකු අල්ලස් නඩු තුනකින් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා අද (28) නියෝග කළේය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා…

දේශපාලන පලිගැනීම් කොමිසමට එරෙහි රනිල්ගේ පෙත්සම මාර්තු 30 දා විභාගයට

  දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ  පරීක්ෂණ කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගොනුකර ඇති රීට් පෙත්සම සලකා බැලීම සඳහා  මාර්තු මස 30 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියම කළේය. මෙම පෙත්සම අද නිශ්ශංක බන්දුල කරුණාරත්න, ලෆාර් තාහීර් සහ ඩී. එම්. සමරකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල…

විදුලි බල මණ්ඩල සභාපති කලකිරී යන්න හදයි ; ආණ්ඩුව ඉඩ දෙන්න බෑ කියයි

තම ඉල්ලා අස්වීම භාර දී සිටින ලංකා විදුලි බල මණ්ඩල සභාපති එම් එම් සී ෆර්දිනාන්දු මහතා සේවයෙන් ඉවත්ව විදෙස් ගතවීමට තීරණය කොට ඇතත්, ඔහු සේවයේ රඳවා ගැනීමට ආණ්ඩුව උත්සහයක නියලී සිටින බව වාර්තා වෙයි. ෆර්දිනන්දු  මහතාගේ ඉල්ලා අස්වීම භාරගෙන නැති බව විදුලිබල ඇමති ගාමිණී ලොකුගේ මහතා අද ප්‍රකාශ කළේ ය. ලංකා විදුලි බල මණ්ඩලයේ වැඩ…

කොවිඩ් වැඩිවෙයි ; මරණ 23 යි, නව ආසාදිතයින් 942 යි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් අද නිකුත් කළ වාර්තා අනුව දිනය තුළ තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 23 ක් වන අතර හඳුනාගත් නව ආසාදිතයින් සංඛ්‍යාව 942 කි. මෙරටින් මෙතෙක් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 15,369 ක් වශයෙනි. මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 607,104 ක් වශයෙනි.

අගමැතිතුමාගේ ශල්‍යකර්මය ඇමැති නාමල් වහන්න හැදුවත් ඇමැති චමල් හෙළි කරයි !

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ශල්‍යකර්මයකට භාජනය වී ඇතැයි යන පුවත සත්‍යයෙන් තොර බව ඇමති නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ බව ඊයේ වාර්තා වුව ද, අගමැතිතුමාගේ වැඩිමහල් සොහොයුරු චමල් රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කළේ අගමැතිතුමා ශල්‍යකර්මයකට ලක්ව සිටින බවයි. චමල් රාජපක්ෂ ඇමැතිවරයා මෙම ප්‍රකාශය කළේ ගම්පොල ප්‍රදේශයේ විහාරස්ථානයක බුදු පිළිමයක් විවෘත කිරීමේ උත්සවයකට එක්වෙමිනි. එම උත්සවයට…

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සම්මන්ත්‍රණයට එල්ල වූ සයිබර් ප්‍රහාරය ව්‍යර්ථ කෙරේ

කළු ජනවාරි සැමරුමක් ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සංවිධානය කොට ඊයේ (ජනවාරි 26) සවස පැවති ‘ඝාතනයට, අතුරුදන්කිරීමට, ප්‍රහාරයට හා තර්ජනයට ලක් වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු කරනු’ යන්න තේමා කර ගත්   සමරු වැඩසටහන කඩා කප්පල් කිරීමට  සංවිධානාත්මකව එල්ල කළ අන්තර් ජාල ප්‍රහාරයක් ව්‍යර්ථ කොට එම සම්මන්ත්‍රණය සාර්ථක කර ගැනීමට ඊයේ හැකියාව ලැබිණි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සංවිධානය…