අගමැතිතුමාගේ ශල්‍යකර්මය ඇමැති නාමල් වහන්න හැදුවත් ඇමැති චමල් හෙළි කරයි !

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ශල්‍යකර්මයකට භාජනය වී ඇතැයි යන පුවත සත්‍යයෙන් තොර බව ඇමති නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ බව ඊයේ වාර්තා වුව ද, අගමැතිතුමාගේ වැඩිමහල් සොහොයුරු චමල් රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කළේ අගමැතිතුමා ශල්‍යකර්මයකට ලක්ව සිටින බවයි.
චමල් රාජපක්ෂ ඇමැතිවරයා මෙම ප්‍රකාශය කළේ ගම්පොල ප්‍රදේශයේ විහාරස්ථානයක බුදු පිළිමයක් විවෘත කිරීමේ උත්සවයකට එක්වෙමිනි.
එම උත්සවයට අගමැතිතුමා එක්වීමට නියමිතව තිබුන ද හදිසි ශල්‍යකර්මයකට ලක්වීම නිසා එතුමාට ස්හභාගීවීමට නොහැකි වන බව චමල් රාජපක්ෂ මහතා උත්සව සභාව අමතා ප්‍රකාශ කළේ ය.
අගමැතිතුමාගේ ආශිර්වාදය එම වැඩ පිළිවෙලට හිමිවන බව චමල් රාජපක්ෂ ඇමතිවරයා ප්‍රකාශ කළේ ය.
අගමැතිතුමා වෙනුවෙන් එම විවෘත කිරීමේ කටයුතු චමල් රාජපක්ෂ ඇමැතිවරයා අතින් සිදුකරනු ලැබී ය.
අගමැතිතුමාගේ ශල්‍යකර්මය පිලිබඳව අගමැති කාර්යාලයෙන් නිල වශයෙන් තහවුරු කොට නැත.
වෙනත් වාර්තා ප්‍රකාශ කළේ අගමැතිතුමාගේ කොඳු ඇටයේ අබාධයක් සඳහා ශල්‍යකර්මයකට ලක් කළ බව යි.
