ශල්‍යකර්මයෙන් පසු අගමැති කිසිදු උත්සවයකට නොඑයි – වෛද්‍ය උපදෙස් මත විවේක සුවයෙන්

අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සිදුකරන ලද ශල්‍ය කර්මයෙන් පසුව ඒ මහතා වෛද්‍ය උපදෙස් මත විවේකීව සිටින බවත්, කිසිදු උත්සව අවස්ථාවකට සහභාගී නොවන බවත් වාර්තා වෙයි.
අගමැතිතුමාගේ කිට්ටු හිතවතෙකු වන පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ 81 වැනි ජන්ම දින උත්සවය පසුගිය දා පැවති අතර එයට අගමැතිතුමා සහභාගී නොවීම කැපී පෙනෙන සිදුවීමක් වී ය.
ගම්පොල ප්‍රදේශයේ විහාරස්ථානයක විවෘත කිරීමක් සඳහා අගමැතිතුමා සහභාගී වීමට නියමිතව තිබුණ ද ඒ වෙනුවෙන් චමල් රාජපක්ෂ ඇමතිවරයා සහභාගී වෙමින් අගමැතිතුමා ශල්‍යකර්මයකට භාජනය වී ඇති නිසා පැමිණිය නොහැකි බව දැන්වීය.
අගමැතිතුමා සහභාගී වීමට භාරගෙන තිබු විවාහ මංගල උත්සව ආදියට ඒ මහතා වෙනුවෙන් නාමල් රාජපක්ෂ මහතා සහභාගී වන බව වාර්තා වෙයි.
කෙසේ වෙතත්, නාමල් රාජපක්ෂ මහතා මුලින් ප්‍රකාශ කළේ අගමැතිතුමා ශල්‍යකර්මයකට මුහුණ දුන් බවට පළ වූ ප්‍රවෘත්තිය අසත්‍යයක් බව යි.
