අල්ලස් නඩු තුනකින් ඇමති ජොන්ස්ටන් නිදහස්

 

අල්ලස් පනතේ දූෂණය නම් වරදක් සිදු කළ බවට චෝදනා ලැබ සිටි හිටපු සමූපකාර අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය සහ වර්තමාන මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකු අල්ලස් නඩු තුනකින් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා අද (28) නියෝග කළේය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

නැවත නඩු පැවරීමේ කොන්දේසිය මත මෙම නඩු වලින් අදාල චූදිතයන් නිදහස් කරන ලෙසට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණයෙන්  ඉල්ලීමක් කර තිබිණි.

මෙසේ නඩු ඉවත් කරගෙන ඇත්තේ තාක්ෂණික ප්‍රශ්නයක් පෙන්නුම් කරමිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *