රට ආරාජික කරන්න ඉඩ දෙන්නේ නැහැ – ආණ්ඩුවෙන් ඉවත් වූ පක්ෂ 10 කියයි

තමන් විපක්ෂයේ ස්වාධින කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කොට ඇති නමුත් රට අරාජික කිරීමට ඉඩ දෙන්නේ නැති බව ආණ්ඩුවෙන් ඉවත් වූ පක්ෂ 10 කණ්ඩායම කියයි. ආණ්ඩුවේ හොඳ වැඩට සහය දෙන බව ද එම කණ්ඩායම කියයි. රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය භාර ගැනීම සහ නව ආණ්ඩුව ගැන ගන්නා ස්ථාවරය පිළිබඳව මාධ්‍යයට කරුණු දක්වමින් ඔවුහු මේ බව…

කොළඹ කොටස් වෙළෙඳ පොළත් ඉහළට

  කොළඹ කොටස් වෙළඳපොල දර්ශක අද (13) කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි. සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 343.79 ලෙස සටහන් වූ අතර එය පෙර දිනට සාපේක්ෂව සියයට 4.43 ඉහළ යාමකි. එස් ඇන්ඩ් පී එස් එල් 20 දර්ශකය ඒකක 132.14 ලෙස සටහන් වූ  අතර එය පෙර දිනට සාපේක්ෂව සියයට 5.22 ඉහළ…

’’අරගලය දිගටම කරගෙන යා යුතුයි’’ – අගමැති රනිල් කියයි

  අරගලය  දිගටම ගෙන යා යුතු අතර ගෝඨා ගෝ ගමට කිසි විටෙක අතගසන්නේ නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනතාව වත්මන් දුකට ඇද දැමීමට මාධ්‍යයත් වගකිව යුතු බව කී අග්‍රාමාත්‍යවරයා ගෝඨාට ඡන්දය දෙන්න එපා යැයි කියූ එක මාධ්‍යයක් වත් තිබේනම් පෙන්වන්නැයි සඳහන් කළේය. ධුරයෙහි දිවුරුම් දීමෙන් පසු කොළඹ වාලුකාරාමය ට පැමිණි අග්‍රාමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට…

“ගෝටාගෝගම” පිටගම්කරයන් අතට පත්වෙයි !

ගාලු මෝදර “ගෝටාගෝගම” එය මුලින් ආරම්භ කළ නිර්පාක්ෂික කණ්ඩායම්වල ග්‍රහණයෙන් ඉවත්ව මේ වනවිට දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වල ග්‍රහණයට නතු වී ඇති බව තතු දත් ආරංචි මාර්ග පෙන්වා දෙයි. පක්ෂ කණ්ඩායම් කිහිපයක සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු සහ වත්මන් ක්‍රියාකාරීහු දැන් එම අරගලයේ නියමුවන් ලෙස පෙනී සිටින තත්ත්වය පත්ව සිටිති. මේ වනවිට “ගෝටාගෝගම”…

කරුගේ ගමන වළකා රනිල්ට පාර කපා දුන්නේ සජිත් !

  අගමැති තනතුර සඳහා පාර්ලිමේන්තුවට පිටතින් සිටි කරු ජයසුරිය මහතා ගෙන ඒමට පුජ්‍ය ඕමල්පේ ශෝභිත හිමියන් ඇතුළු පුජ්‍ය පක්ෂයේ පිරිසක් දැරූ උත්සාහය ව්‍යර්ථ කොට, අගමැති ධුරය තමන් ද භාර නොගනිමින් ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට අවස්ථාව සලසා දුන්නේ සජබ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ක්‍රියා කලාපය බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. කරු ජයසුරිය…

රනිල් පැමිණීමත් සමග රුපියල ශක්තිමත් වෙයි ; ඩොලරය බසී

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නව අගමැතිවරයා ලෙස ඊයේ දිවුරුම් දීමත් සමග අද දිනයේ අමෙරිකා ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල යම් ප‍්‍රමාණයකට ශක්තිමත් වී ඇත. පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 365ක් හා ගැණුම් මිල රුපියල් 355ක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. ඊයේ දිනයේ ඩොලරයක විකුණුම් මිල රුපියල් 380ක් හා ගැණුම් මිල…

අගමැති ලෙස රනිල් පත්වීමත් සමග ඩොලරයේ කළුකඩ මිල රුපියල් විස්සකින් පහළට

  නව අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වන බව ප්‍රකාශ වීමත් සමග ඩොලරයේ කළුකඩ මිල අද දිනය තුළ රුපියල් විස්සකින් පහළ ගොස් ඇති බව වාර්තා වෙයි. අද උදෑසන වන විට එම මිල ඩොලරයට රුපියල් 401සහ 402 වශයෙන් පැවති අතර සවස් වන විට එහි මිල වුයේ ඩොලරයට රුපියල් 381 සහ 382 දක්වා පහළ වැටී තිබිණි. මෙය…

නව අගමැතිට මල්වතු-අස්ගිරි නාහිමිවරුන්ගේ ආශිර්වාදය

  අභිනව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන්  දුරකතනයෙන් කතා කොට ආශිර්වාද පළ කොට තිබේ. තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල  මහා නාහිමියන් සහ වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි මහනාහිමියන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමතමින් ආශිර්වාද කර ඇත. ඊට අමතරව වැලන්ස් මෙන්දිස් මහනුවර  රදගුරුතුමන් ද රනිල් වික්‍රමසිංහ මහතාට කතා කොට ආශිර්වාද කොට ඇත. (අංජුල මහික වීරරත්න) ලංකාදීප

සජබ කණ්ඩායම අවසන් මොහොතේ රනිල්ව පවාදෙයි ?

අගමැති ධුරය භාර ගැනීම සජිත් ප්‍රේමදාස මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් පසු එය භාරගන්නා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පොළඹවා ගැනීමට කටයුතු කළ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම සජිත් ප්‍රේමදාස මහතා අවසන් මොහොතේ සිය ස්ථාවරය වෙනස් කිරීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා පාවා දී ඇත්දැයි සැක මතුවන බව දේශපාලන අංශ කියයි. සමගි ජන බලවේගයේ 25 ක පමණ…

සජිත්ගේ ඉල්ලීම දැන් පිළිගන්න බැහැ ; ප්‍රමාද වැඩියි – ජනාධිපති දන්වයි

තමන් අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට සූදානම් බවත් ඒ අනුව හෙට දිනයේ නව ආණ්ඩුවක් පිහිටුවමින් දිවුරුම් දීමට අවස්ථාව ලබාදෙන ලෙසත් සඳහන් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද (12) දහවල් යවන ලද ලිපිය පිළිගැනීමට නොහැකි බව ජනාධිපති කාර්යාලය විසින් විපක්ෂ නායකවරයාට දැනුම් දී ඇති බව ආරංචිමාර්ග පවසයි. මීට පෙර ජනාධිපතිවරයා විපක්ෂ…

නව මුදල් ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා ?

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ මුදල් ඇමති ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත්වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි. වත්මන් ආර්ථික අර්බුදය ගැන කල්තබා අනතුරු අඟවා එයට විසඳුම් යෝජනා කිරීමට මුල් වුවන් අතර පෙරමුණේම වූ ඒ මහතා ක්ෂේත්‍රයේ පිළිගත් විද්වතෙකි. දේශපාලන අර්බුදයට විසඳුමක් නොලැබුනොත් ඉල්ලා අස්වන බවට මහ බැංකු…

මහින්ද – නාමල් ඇතුළු 24කට රටින් පිටවීම තහනම්

  ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමකාමී විරෝධතා ව්‍යාපාරවල සිටි පිරිසට පහරදී අලාභ හානි සිදුකර සාපරාධී බියගැන්වීමකට කුමන්ත්‍රණය කර ආධාර අනුබල දුන්බව කියන සිද්ධියට අදාළව සිදුවන විමර්ශනය සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 24 දෙනකුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ආගමන විගමන පාලකවරයාට අද (12) නියෝග කළේය….