නව මුදල් ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා ?

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ මුදල් ඇමති ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත්වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
වත්මන් ආර්ථික අර්බුදය ගැන කල්තබා අනතුරු අඟවා එයට විසඳුම් යෝජනා කිරීමට මුල් වුවන් අතර පෙරමුණේම වූ ඒ මහතා ක්ෂේත්‍රයේ පිළිගත් විද්වතෙකි.
දේශපාලන අර්බුදයට විසඳුමක් නොලැබුනොත් ඉල්ලා අස්වන බවට මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ඊයේ කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එතුමාට දැනුම් දී ඇත්තේ ඉක්මනින් දේශපාලන අර්බුදය විසඳීමට කටයුතු කරමින් සිටින නිසා තීරණ ගැනීමට ඉක්මන් නොවන ලෙසයි.
නව ඇමති මණ්ඩලය පත්කිරීම හෙට හෝ අනිද්දා සිදුකරනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.
