සජබ කණ්ඩායම අවසන් මොහොතේ රනිල්ව පවාදෙයි ?

අගමැති ධුරය භාර ගැනීම සජිත් ප්‍රේමදාස මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් පසු එය භාරගන්නා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පොළඹවා ගැනීමට කටයුතු කළ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම සජිත් ප්‍රේමදාස මහතා අවසන් මොහොතේ සිය ස්ථාවරය වෙනස් කිරීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා පාවා දී ඇත්දැයි සැක මතුවන බව දේශපාලන අංශ කියයි.

සමගි ජන බලවේගයේ 25 ක පමණ කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කළ අතර ඉන් 11 දෙනෙකු ඊයේ වික්‍රමසිංහ මහතා හමු වී තම සහයෝගය සහතික කොට ඇත. වික්‍රමසිංහ මහතා අගමැති ධුරය භාර ගන්නා බව තීරණය කරන ලද්දේ එම සාකච්ඡාවෙන් පසුව බව කියති.

කෙසේ වෙතත්, අගමැති ධුරය භාර ගැනීමට කැමති බව අද දහවල් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළ අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ඔහුට සහය පළ කළහ.

මේ නිසා එම මන්ත්‍රීවරුන්ගේ ඉදිරි හැසිරීම ගැන ප්‍රශ්න මතු වී ඇති බව දේශපාලන අංශ කියයි.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීමේ මුල් එකඟත්වයෙන් ඉවත් වී ඇත්ද යන්න තවමත් පැහැදිලි වී නැත.

කෙසේ වෙතත්, වික්‍රමසිංහ මහතාට කුඩා පක්ෂ ඇතුළු බහුතරයකගේ සහාය ඇති බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *