“අගමැතිතුමනි, ඔබතුමා මටත් පින් ටිකක් දෙන්න” – ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා

අගමැති ධුරය භාර ගැනීමට තමන්ට ජනාධිපතිතුමා කළ ඇරයුම භාර නොගත් නිසා රනිල් වික්‍රමසිංහ මහතා අද අගමැති පුටුවේ සිටින නිසා  තමාටත් පින් පොඩ්ඩක් අනුමෝදනා කළ යුතුව තිබෙන බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී  ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී අද (7) පැවසීය. රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති පුටුවට යාමට පාර කැපුනේ තමාගේ ක්‍රියාදාමය නිසා බව…

යල මහ දෙකට ම පොහොර ඉන්දියාවෙන්

  යල කන්නයේ ඉදිරි වග කටයුතු සඳහා යුරියා මෙට්‍රික් ටොන් 65,000 ලබාදීමට ඉන්දීය අගමැති මෝඩි මහතා තීරණය කොට ඇති අතර මාස් කන්නයට අවශ්‍ය පොහොර ලබාගැනීම සඳහා ඉන්දියානු එක්සිම් බැංකුවෙන් ඩොලර් මිලියන 55 ක ණයක් ලබාගැනීමට ඊයේ පැවති කැබිනට් රැස්වීමේ දී අනුමැතිය හිමි වී තිබේ. ඉන්දියාව ඕමානයෙන් ඇනවුම් කොට ඇති පොහොර මෙට්‍රික් ටොන් 65,000 ක් ශ්‍රී…

ගොවි ණය සියයට සියයක් කපයි

හෙක්ටයාර දෙකකට අඩු කුඩා ඉඩම් වල වී වගා කරන ගොවීන් ගේ ගොවි ණය සියයට සියයකින් සම්පූර්ණයෙන්ම කපා හරින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. හැම අංශයක්ම ආරක්ෂා කරගෙන ඉදිරියට යාම රජයේ අපේක්ෂාව බවද අග්‍රාමාත්‍යවරයා කීය. ගොවි ජනතාව මුහුණ දී ඇති තත්ත්වය සලකා මෙම පියවර ගෙන ඇත. හෙක්ටෙයාර දෙකක් යනු අක්කර පහකට සමාන ඉඩම්…

‘ඉදිරි මාස 6දී රට පත්වාගෙන යන්න නම් ඩොලර් බිලියන 6ක් ඕනෑ‘ – අගමැති පාර්ලිමේන්තුවට කියයි

  ඉදිරි මාසයේ මාස 6 දී රට නොවැටී  පවත්වා පවත්වාගැනීම සඳහා ඩොලර් බිලියන 6ක මුදලක් අවශ්‍ය වෙන බව වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. එමෙන්ම අප 2019 වසරේ තිබූ බදු ක්‍රමයට යා යුතුව තිබෙනවා අප නැගිටීම පටන් ගත යුත්තේ වැටුණු තැන සිටයි.පවත්වාගෙන යාමට හැකි රජයට ආදායමක් ලබාගත හොත් පමණයි. ආදායම යහපත් වන තුරු අකමැත්තෙන් වුවත් තවත් රුපියල්…

“ෆේල් වෙලා ගෙදර යන්න බැහැ” – ජනාධිපති

අසාර්ථක ජනාධිපති වරයකු ලෙස ධුරයෙන් ඉවත්වීමට නොහැකි බව ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත. තමන්ට වසර පහක් සඳහා ජන වරමක් ලැබී ඇති බැවින් එම වසර පහ ම ධුරයේ රැඳී ඉන්නා බවත්, කොතරම් විරුධතා කළත් ඉවත්ව නොයන බවත්, ඒ මහතා කියයි. කෙසේ වෙතත්, යලි ජනාධිපති තනතුරට තරඟ නොකරන බව ද  ගෝටාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා…

විසිඑක ගැන තීරණයක් ගැනීම ලබන සතියට කල් දමයි

  ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තීරණයක් ගැනීම ලබන සතිය දක්වා කල් දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇත. මුල් කෙටුම්පතට විවිධ පක්ෂවලින් ඉදිරිපත් කළ සංශෝධන අධ්‍යයනය කිරීම සඳහා මෙම පියවර ගත බව කියති. අදාළ යෝජනාව අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා ව්‍යවස්ථා කටයුතු ඇමති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින්…

ඇමති ප්‍රසන්නට අත්හිටවූ සිරදඬුවම්

  2015 වසරේ කොලොන්නාව මිතොටමුල්ලේ වගුරුබිමක් ගොඩ කර එහි රැඳි සිටි අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම අදාල නඩුවේ තීන්දුව ප්‍රශාක කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විත්තිකාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග වසර දෙකක බරපත වැඩ සහිත සිර දඬුවම් වසර පහකට අත්හිටුවන්න ලෙස නියෝග කළේය. සිර දඬුවමට අමතර රුපියල් මිලියන 25ක දඩයක් ද මිලියනයක වන්දියක් ද ගෙවන්නැයි…

දින දෙකකදී ලිට්‍රෝ ගෑස් මෙට්‍රික්ටොන් 4500 ක් එයි

  ලිට්‍රෝ  සමාගම ආනයනය කළ තවත් ගෑස් මෙට්‍රික්ටොන් 2000ක  තොගයක් රැගත් නෞකාවක් ශ්‍රී ලංකාවට අද (6) පස්වරුවේ ළඟා වූ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිළධාරියෙකු ‘ලංකාදීප‘යට පැවැසීය. එම ගෑස් තොගය ගොඩබෑමෙන් පසුව පසුව සැපයුම නැවත ආරම්භ කළ හැකි බවත් එම නිලධාරියා වැඩිදුරටත් කීය. ඊයේ (05) දිනයේදීද ගෑස් මෙට්‍රික්ටොන් 2500 ක නැවක්  කොළඹ වරායට පැමිණ තිබිණි….

21 නවත්තන්න බැසිල්, පවිත්‍රා , රෝහිත ඇතුළු පොහොට්ටුවේ 12 ක් අගමැති හමුවෙයි

  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය මේ අවස්ථාවේ ගෙන ඒමෙන් වලකින ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ඉල්ලීමක් කර ඇත. කොළඹ මල් පාරේ අගමැති කාර්යාලයේ දී පැවති මෙම හමුවට හිටපු ඇමතිවරුන් වන බැසිල් රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, විමලවීර දිසානායක ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු දොළොස්…

දේශපාලන ප්‍රතිසංස්කරණ පළිබඳ වගකීම හිටපු කතානායක කරුට භාරදුන්නා – රනිල්

දේශපාලන ප්‍රතිසංස්කරණ ගැන තමන් ඉදිරිපත් කළ යෝජනා සහ වෙනත් යෝජනා සලකා බලා ඉදිරි සැලසුම් සැකසීමේ වගකීම හිටපු කතානායක කරු ජයසුරිය මහතාට භාර දුන් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. එම ප්‍රශ්න සම්බන්ධයෙන් තමා සමග සාකච්ඡා කිරීමට අකමැති අයෙක් වේ නම් හිටපු කතානායක තුමා සහ ඔහුගේ කණ්ඩායම සමග සාකච්ඡා කළ හැකි බව ද ඒ මහතා…

“ඉන්ධන ප්‍රශ්නය මෙන් ම ගෑස් ප්‍රශ්නයත් විසඳනවා” – අගමැති එන් ඩී ටී වී රුපවාහිනියට කියයි

පෙට්‍රල් සඳහා තිබු පෝලිම් අඩු කිරීමට හැකි වී ඇති බවත්, ඩීසල් සම්බන්ධයෙන් පවතින ප්‍රශ්නය විසඳීමට කටයුතු කරමින් සිටින බවත්, ගෑස් සම්බන්ධ ප්‍රශ්නය ද ඉක්මනින් විසඳන බවත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ එන් ඩී ටී වී රුපවාහිනියට ඊයේ ලබාදුන් මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කොට ඇත. ගෑස් හිගය පිලිබඳ ප්‍රශ්නය නාගරික ප්‍රදේශවලට තදින් බලපාන බවත්, ග්‍රාමීය ප්‍රදේශවලට…

2008 විදුලිබල පනත අනුව විදුලි බලාගාර හදන්න රජයට බැහැ ; මේ නීති එදා තිබුණා නම් මහවැලියත් නැහැ – අගමැති රනිල් වික්‍රමසිංහ

2008 දී හඳුන්වා දී ඇති විදුලිබල පනතේ විධිවිධාන අනුව අලුතින් විදුලි බලාගාර ඉදිකිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට ආණ්ඩුවට නොහැකි බවත්, එම කාලයේ මෙම නීති තිබුණා නම් මහවැලි ව්‍යාපාරය ද ක්‍රියාත්මක කිරීමට නොහැකි වන බවත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියයි. 1970 – 80 කාලයේ මෙම නීතිය තිබුණා නම් කොත්මලේ, රන්දෙනිගල, වික්ටෝරියා, රන්ටැඹේ, සමනල වැව, උලුවිටිය වැනි කිසිදු…