යල මහ දෙකට ම පොහොර ඉන්දියාවෙන්

යල කන්නයේ ඉදිරි වග කටයුතු සඳහා යුරියා මෙට්‍රික් ටොන් 65,000 ලබාදීමට ඉන්දීය අගමැති මෝඩි මහතා තීරණය කොට ඇති අතර මාස් කන්නයට අවශ්‍ය පොහොර ලබාගැනීම සඳහා ඉන්දියානු එක්සිම් බැංකුවෙන් ඩොලර් මිලියන 55 ක ණයක් ලබාගැනීමට ඊයේ පැවති කැබිනට් රැස්වීමේ දී අනුමැතිය හිමි වී තිබේ.
ඉන්දියාව ඕමානයෙන් ඇනවුම් කොට ඇති පොහොර මෙට්‍රික් ටොන් 65,000 ක් ශ්‍රී ලංකාවට ඉදිරි මාසය තුළ ලැබෙනු ඇති බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.
ඉදිරි මහ කන්නයේ දී කුඹුරු හෙක්ටෙයාර් ලක්ෂ අටක් වගාකිරීම යුරියා මෙට්‍රික් ටොන් 150.000 ක් මියුරියේට් ඔෆ් පොටෑෂ් මෙට්රි ටොන් 45,000 ක් සහ ට්‍රිපල් සුපර් පොස්පේට් ටොන් 36,000 ක් ඇනවුම් කිරීමටත් ඒ සඳහා ඉන්දියාවේ එක්සිම් බැංකුවෙන් ඩොලර් මිලියන 55 ක ණයක් ලබා ගැනීමටත් කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මේ අනුව පොහොර නොමැති නිසා යල කන්නයේ දැනටමත් සිදු වී ඇති වගා හානි යම් පමණකට අඩු කර ගැනීමටත්, මාස් කන්නයේ වගාව සාර්ථක කර ගැනීමටත්, හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.
