“ෆේල් වෙලා ගෙදර යන්න බැහැ” – ජනාධිපති

අසාර්ථක ජනාධිපති වරයකු ලෙස ධුරයෙන් ඉවත්වීමට නොහැකි බව ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත.
තමන්ට වසර පහක් සඳහා ජන වරමක් ලැබී ඇති බැවින් එම වසර පහ ම ධුරයේ රැඳී ඉන්නා බවත්, කොතරම් විරුධතා කළත් ඉවත්ව නොයන බවත්, ඒ මහතා කියයි.
කෙසේ වෙතත්, යලි ජනාධිපති තනතුරට තරඟ නොකරන බව ද ගෝටාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා තිබේ.
ජනාධිපතිතුමා මෙම අදහස් ප්‍රකාශ කොට ඇත්තේ බ්ලුම්බර්ග් වෙබ් අඩවියට සම්මුක සාකච්ඡාවක් ලබා දෙමිනි.
