ජනාධිපතිට ලණු දුන් ධම්මික පෙරේරා ප්‍රබල ඇමති ධුරයකට !

කොවිඩ් වසංගතය වසරක් තුළ අවසන් වන බවටත්, එනිසා එන්නත් ගැනීමට ඉක්මන් නොවිය යුතු බවටත්, ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාට උපදෙස් දී ජනාධිපතිත් රටත් අමාරුවේ දැමු ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ප්‍රබල ඇමති තනතුරකට පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටියි. ඒ සඳහා ආයෝජන ප්‍රවර්ධනය සඳහා නව අමාත්‍යංශයක් ගැසට් කොට ඇති අතර, බැසිල් රාජපක්ෂ මහතාගෙන් හිස් වූ ජාතික ලැයිස්තු…

මැර ප්‍රහාර සාධාරණීකරණය කළ රාසමානික්කම්ගේ කතාව ඉල්ලා අස්කරගන්න, නැත්නම් වාර්තාවක් කැඳවනවා – අගමැති සැරවෙයි

  මැර ප්‍රහාර සාධාරණීකරණය කරමින්  පසුගිය මැයි 20 වැනිදා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා පාර්ලිමේන්තුවේ දී  සිදුකළ කතාව ඉල්ලා අස්කර ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ප්‍රචණ්ඩ ක්‍රියා සාධාරණීකරණය කරමින් පාර්ලිමේන්තුව තුළ කතා කිරීමට ඉඩ දිය නොහැකි බව අගමැතිවරයා කී ය. ඒ,අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීවරයා වෙනුවෙන් ශෝකය…

අති විශේෂ ගැසට් පත්‍රයකින් නව අමාත්‍යංශ දෙකක්

නව අමාත්‍යාංශ දෙකක් පිහිටුවමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන සහ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ යන අමාත්‍යංශ දෙක ඒ අනුව අලුතින් පිහිටුවා තිබේ මෙතෙක් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවති ආගමන හා විගමන, විදුලි සංදේශ, තොරතුරු තාක්ෂණ, සයිබර් ආරක්ෂණ, පුද්ගලයන් ලියාපදිංචිකිරිම, ආයෝජන ප්‍රවර්ධන සහ ආර්ථික…

ආර්ථිකය බිඳ වැටුණේ වාහන ආනයනය නැවතීම නිසා – මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල

  රටේ ආර්ථිකය බිඳවැටීමට හේතු වූයේ වාහන ආනයනය නැවතීම සහ කොවිඩ් තත්වය බව මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල මහතා පැවසීය. නව ආණ්ඩුවේ බදු ප්‍රතිපත්ති 2019 වර්ෂයේ දී වෙනස් වීම හේතුවෙන් රුපියල් බිලියන 500කට ආසන්න මුදල් ප්‍රමාණයක් රටට අහිමිවූ බව ප්‍රකාශ කිරීම සාධාරණ නොවන්නේ යැයිද ඔහු සඳහන් කළේය. ආටිගල මහතා මෙසේ පැවසූවේ පාර්ලිමේන්තු මන්ත්‍රී…

“මගේ අරමුණු ඉටුවුණා ” : නඩු අයින් කරගෙන බැසිල් යයි !

තමන් යලි ශ්‍රී ලංකාවට එන විට අරමුණු දෙකක් තිබු බවත්, තමන් නිසා පරාද වූ බව කී මහින්ද රාජපක්ෂ මහතා යලි බලයට ගෙන ඒම සහ තමන්ට තිබු නඩුවලට මුහුණ දීම එම අරමුණු දෙක බවත්, එම අරමුණු දෙක ම ඉටු කරගත් බවත්, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා අද මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේය. තමන් මන්ත්‍රී ධුරයෙන්…

20 වන සංශෝධනය වහාම අහෝසි කරනු! – සිවිල් සමාජ සංවිධාන ආණ්ඩුවට කියයි

ඒකාධිපති ස්වරූපයේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහාම අහෝසි කරමින්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය යෝජනා කළ සංශෝධන සහ විපක්ෂයේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කොට ඇති 21 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙහි සඳහන්ව ඇති කරුණු ද සැලකිල්ලට ගනිමින් යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්තා සංශෝධනය වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට කටයුතු කරන ලෙස ආණ්ඩුවට බල…

විදුලිබල පනත සම්මතයි

  ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පත වැඩි ඡන්ද 84කින්  සම්මත විය. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද  120ක්   සහ විරුද්ධව ඡන්ද 36ක්  ලැබිණි. 13 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය. (අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ) ලංකාදීප    

දහ දාහට දෙන යුරියා ලබන මාසේ මුල එයි

  ඉන්දීය රජ‍ය විසින් ලබා දෙන යුරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000 ලබන මස පළමු සති දෙක ඇතුළත ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. මෙම පොහොර තොගය ලැබුනු වහාම  දින දෙක තුනක් තුළ කෘෂිකර්ම අමා‍ත්‍යාංශයට අයත් ජාතික පොහොර ලේකම් ‍කාර්යාලය, කොමර්ෂල් පොහොර සමාගම, ලංකා පොහොර සමාගම ඇතුළු…

නව විදුලිබල පනත අද පාර්ලිමේන්තුවේ විවාදයට

  නව විදුලිබල පනතසැලසුම් කොට තිබු ආකාරයට ම  අද පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත කිරීමට නියමිත ය. එයට එරෙහිව ලංවිම ඇතැම් වෘත්තීය සමිතිවල විරෝධතා තිබුන ද පනත ඉදිරිපත් කිරීම යොදාගත් ආකාරයට සිදුකරන බව විදුලිබල අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි. විදුලිබල නීතියේ පවතින අඩුපාඩු නිසා නැවතී ඇති පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මෙම පනත වහා ම සම්මත…

|

විරෝධතා හමුවේ විදුලි වර්ජනය නවතී

  රට පුරා නැගුනු මහජන විරෝධතා හමුවේ විදුලි වර්ජනය නවතා දැමීමට විදුලි ඉංජිනේරු සංගමය තීරණය කොට ඇත. එම සංගමය කියන්නේ ජනාධිපතිතුමා සමග සාකච්ඡාවකින් පසු වර්ජනය නවතා දැමීමට තීරණය කළ බවයි. කෙසේ වෙතත්, ජනාධිපතිතුමා වර්ජකයන්ගේ ඉල්ලීම් පිළිබඳව කිසිදු යහපත් ප්‍රතිචාරයක් දක්වා නැත, මෙම වර්ජනයට එරෙහිව සමාජ මාධ්‍යයේ මෙන් ම ප්‍රධාන මාධ්‍යවල ද විශාල ලෙස විරෝධතා පළ…

හිටපු ඇමති ගම්මන්පිලගේ නිවසේ සුර්ය කෝෂ සම්බන්ධ කරන්න මාස හයක් පමා කරලා !- ලංවිම බොරු දේශප්‍රේමීන්ගේ කෙරුවාව එලියට

ලංවීමට ලාභ කරන්නට කියා කෑගසන ඉංජිනේරු මාෆියාව හිටපු ඇමති ගම්මන්පිල මහතාගේ නිවසේ වහලයේ සවිකළ සුර්ය කෝෂ විදුලිය සඳහා සම්බන්ධතාවය දීම මාස හයක් තිස්සේ ප්‍රමාද කළ බව හෙළිදරව් වෙයි. මේ බව අද පාර්ලිමේන්තුවේ දී හෙළි කළේ ඇමති කාංචන විජේසේකර මහතා ය. මොවුන් රට අඳුරේ තබන්නට තර්ජනය කරන ත්‍රස්තවාදී කණ්ඩායමක් බව ද එතුමා පැවැසීය. පසුගිය වසරේ අග…

“මිස්ටර් ක්ලීන්” රනිල්ට “මිස්ටර් ඩර්ටි” සමග ඉඳගන්න පුළුවන් ද ? – සජබ මන්ත්‍රී තුසාර ඉඳුනිල් අසයි

දේශපාලනයේ දී “මිස්ටර් ක්ලීන්” ලෙස හඳුන්වන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට උසාවියෙන් වරදකරුවකු කළ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක “මිස්ටර් ඩර්ටි ” සමග එකට ඉඳගත හැකිදැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළේය. එතුමා මහා උසාවියෙන් වරදකරු කළහොත් ඉඳගන්නේ නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එයට පිළිතුරු දෙමින් පැවසීය. “එතුමාට විරුද්ධව…