ඉන්ධන නැව් දහයක් ගන්න කටයුතු කර ඇති බව ඇමති කාංචන කියයි

මෙම මස 8 දායින්  පසු කාලයේ ඉන්ධන නැව් 10 ක් පමණ මෙරටට ලබා ගැනීමට කටයුතු කොට ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ලබන 08 වැනිදා හෝ  09 වැනිදා ඩීසල් මෙට්‍රික් ටොන් හතලිස් දහසක් රැගත් නෞකාවක් මෙරටට පැමිණෙන බවත්, එමෙන්ම 11 සහ 14 අතර කාලය තුළ තවත් ඩීසල් නෞකාවක් පැමිණිමට නියමිත බවත්, කොළඹ පැවති…

ඉන්දියානු තෙල් සමාගමෙන් තෙල් නැව් තුනක් එයි

තම සමගම විසින් ඇනවුම් කරනු ලබා ඇති ඩීසල් සහ පෙට්‍රල් නෞකා තුනක් ඉදිරි මාස  එකහමාරක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවට  ළඟාවීමට නියමිත බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පවසයි. එහි පළමු නෞකාව මේ මස 13 සිට 15 අතර කාලයේ ද, දෙවැනි නෞකාවමේ මස 29 සිට 31 අතර කාලයේ ද, තුන්වන නෞකාව අගෝස්තු මස 10 සිට 15…

සිපෙට්කෝ මේ මාසයටම ඇණැවුම් කර ඇත්තේ තෙල් නැවු තුනයි

  ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අත්‍යාවශ්‍ය සේවා සඳහා සැපයුම් සැපයීම කෙරෙහි අවධානය වැඩි යොමු කරමින් ඉන්ධන බෙදා හැරීමේ දැඩි පාලනයක් පවත්වාගෙන යමින් ඇතත් මේ මාසයේදී සංස්ථාවට ලැබෙනු ඇත්තේ ඉන්ධන නැව්ගත කිරීම් තුනක් පමණක් බව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් උපුටමින් සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසයි. ජූලි 11 සහ 15 අතර ඩීසල් මෙ.ටොන් 40,000ක්, ජූලි 14 සහ 15…

මාස හයෙන් දහයෙන් දැන් මේ රට ගොඩදාන්න බැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

මාස හයෙන් , දහයෙන් , දොළහෙන් රට ගොඩ දමන බවට දැන් සමහරු පොරොන්දු දෙන බවත්, එම බොරු කතාවලට නොරැවටෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. මේ රටේ දැන් තිබෙන තත්ත්වය අනුව එසේ මාස හයෙන් දහයෙන් දොළහෙන් රට ගොඩ දමන්නට බැරි බවත්, ඒ සඳහා පැහැදිලි වැඩ පිළිවෙළක් වසර පහක් වත් එක දිගට ක්‍රියාත්මක කළ…

ගෑස්, පොහොර, ඉන්ධන ලැබෙන්න පෙර ආණ්ඩුව පෙරලන උත්සහයක් ; වමේ කණ්ඩායමක සැලසුමක්

රජය ඇනවුම් කොට ඇති ගෑස්, පොහොර සහ ඉන්ධන මෙරටට ලැබී ජනතාවට බෙදන්නට පෙර, ජනතාව දැන් මුහුණ දී සිටින පීඩා උපයෝගී කරගෙන ආණ්ඩුව පෙරළා දැමීමේ උත්සහයක් ක්‍රියාත්මක කිරීමට සැලසුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව තතු දත් දේශපාලන අංශ කියයි. ඒ සඳහා ඉදිරි සතිය තුළ විපක්ෂයේ උද්ඝෝෂණ ඉහළ මට්ටමකට වර්ධනය කිරීමට ඒ ඒ පක්ෂ පෙළඹවීමට කටයුතු යොදා ඇති…

“ඇමෙරිකන් ආධාර අවශ්‍ය නම් හොරකම් නවත්වන්න ” – තානාපතිනිය ජනාධිපතිට කියලා !

අමෙරිකාවෙන් වැඩි වශයෙන් ආධාර ලබා දීමට නම් ශ්‍රී ලංකා ආණ්ඩුවේ දුෂණ , වංචා නැවැත්විය යුතු බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාට රාජ්‍ය තාන්ත්‍රික භාෂාවෙන් ප්‍රකාශ කොට ඇති බව දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති. ඇමෙරිකානු තානාපතිතුමිය ප්‍රකාශ කොට ඇත්තේ ඇමෙරිකානු රජයේ ආධාර ලබා දීමේ දී ඒ ඒ රටවල පවතින යහපත් මුල්‍ය…

පොරොන්දු ඉටු නොකිරීම ගැන ජනපතිට මහ නා හිමිවරුන්ගේ අප්‍රසාදය

රටේ පවතින දේශපාලන ආර්ථික අස්ථාවරභාවය නිසා ජනතාව පීඩාවට පත්වන බැවින් එය විසඳීමට පියවර ගන්නා ලෙස තමන් වහන්සේ කළ අනුසාසන අනුව කටයුතු කරන බවට ලිඛිතව පොරොන්දු වුව ද , ඒ කිසිවක් නොසලකා පක්ෂ දේශපාලනයේ යෙදීම ගැන තම අප්‍රසාදය පළ කරන බව දන්වා ත්‍රෛනිකායික මහා නා හිමිවරු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර ඇත. දැන්වත්…

උද්ධමනය සියයට පනහ ඉක්මවා යයි

  ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තා අනුව මෙරට සමස්ත උද්ධමනය සියයට පනහ ඉක්මවා ඇති අතර ආහාර උද්ධමනය සියයට අසුව ඉක්මව්වා ගොස් තිබේ කොළඹ පාරිභෝගික මිළ දර්ශකයේ ජුනි මාසයේ උද්ධමනය සටහන් වන්නේ  54.6% ක්වශයෙනි මැයි මාසයේ දී මෙම උද්ධමන අගය 39.1% ලෙස වාර්තා වී තිබිණි.ආහාර හා ආහාර නොවන කාණ්ඩ වල මිළ ගණන් ඉහළ යෑම…

පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමේ කරුගේ යෝජනා රනිල්ගෙන් මැතිසබයට

  පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාරක සභා ක්‍රමය ශක්තිමත් කිරීම සහ සියලු දේශපාලන පක්ෂ පාලනයට හවුල් කර ගැනීම සඳහා හිටපු කතානායක කරු ජයසුරිය මහතා ඇතුළු කණ්ඩායමක් සකස් කළ යෝජනා ඇතුළු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරමින් සිටින බව තතු දත් ආරංචි මාර්ග කියයි. කරු ජයසුරිය මහතාගේ යෝජනා වාර්තාව අගමැතිවරයා වෙත පසුගිය සතියේ බාර…

22 වැනි සංශෝධනය ගැසට් කෙරෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්තවේ 22 වැනි සංශෝධනය රජය මගින් ප්‍රකාශයට පත්කොට ඇත. 20 වැනි සංශෝධනයෙන් ජනාධිපතිට දුන් අසීමිත බලය ඉවත් කිරීම මෙහි අරමුණ වෙයි. එසේ වුව ද එම ඇතැම් බලතල සීමාකිරීම්  වත්මන් පාර්ලිමේන්තුවට අදාළ නොවන ලෙස අන්තර්වාර විධිවිධාන යොදා තිබීම පිළිබඳව මේ වනවිටත් විවේචන එල්ල වී තිබේ. එම පනත් කෙටුම්පත පහත දිගුවෙන් බලාගත හැකිය. 22 සංශෝධනය  …

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නව නිලධාරීහු පත්වෙති

  2022-2023 වසර සඳහා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ (FMM) නව නිලධාරී මණ්ඩලය සහ විධායක කමිටුව 2022 ජුනි 28  වැනි දින ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදී (SLPI) පැවැති වාර්ෂික මහා සභා රැස්වීමේ දී තේරී පත්කර ගනු ලැබීය.   නිලධාරී මණ්ඩලය කැඳවුම්කරු : ලසන්ත ද සිල්වා ලේකම් : හනා ඊබ්‍රහීම් භාණ්ඩාගාරික : ආනන්ද ජයසේකර උප ලේකම් : ප්‍රියදර්ශනී…

කටකතා අසත්‍යයි ; මහින්ද රෝහල් ගත කර නැහැ ?

  හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා එස රෝගී වී රෝහල් ගතකර දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ලබන බවට සමාජ මාධ්‍යන්හි පළවන වාර්තාවල සත්‍යතාවයක් නැති බව එම පවුලට සම්බන්ධ ආරංචිමාර්ග කියන බව වාර්තා වෙයි. හිටපු අගමැතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වෙනත් කිසිදු තොරතුරක් ද පවුලේ හෝ සෞඛ්‍ය සේවා හෝ ආරංචිමාර්ග හෙළිකොට නැත.