පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමේ කරුගේ යෝජනා රනිල්ගෙන් මැතිසබයට

 

පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාරක සභා ක්‍රමය ශක්තිමත් කිරීම සහ සියලු දේශපාලන පක්ෂ පාලනයට හවුල් කර ගැනීම සඳහා හිටපු කතානායක කරු ජයසුරිය මහතා ඇතුළු කණ්ඩායමක් සකස් කළ යෝජනා ඇතුළු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරමින් සිටින බව තතු දත් ආරංචි මාර්ග කියයි.

කරු ජයසුරිය මහතාගේ යෝජනා වාර්තාව අගමැතිවරයා වෙත පසුගිය සතියේ බාර දී ඇති බව කියති.

හිටපු කථානායකතුමා මෙම වාර්තාව සකස් කරනු ලැබ ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ විශේෂ ඉල්ලීමක් අනුව ය.

මුළු පාර්ලිමේන්තුව ම එක් ආණ්ඩුවක් සේ ක්‍රියාකිරීම මෙබඳු සැලසුමක් මගින් කළ හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දිනෙක කරු ජයසුරිය මහතාගේ නිවෙසට ගොස් කළ ඉල්ලීමක් අනුව ජයසුරිය මහතා මෙම වාර්තාව සකස් කොට බාර දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *