අනුරට පුළුවන් නම් රට දෙන්න සූදානම් – අගමැති රනිල් වික්‍රමසිංහ

  අනුර දිසානායක මහතාට රට හදන්නට හැකිනම් තමා ඉවත් වී එතුමාට අග්‍රාමාත්‍ය ධුරයේ දීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. “ඇමැති මණ්ඩලයත් ඉවත්වී අනුර දිසානායක මහතා අගමැති ධුරයට පත්කරන ලෙස මා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.පාරට බැහැලා පෙළපාළි යන්නට වුවමනා නැහැ .කිසිම පෙළපාලියක් උවමනා වන්නේ නැහැ.අපට කරන්නට තිබෙන්නේ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පාර්ලිමේන්තුව රැස්වී අපි මේ…

ඩොලර් ප්‍රශ්න විසඳුවා ; දැන් තිබෙන්නේ ගෙන්වීමේ ප්‍රමාදය පමණයි – එජාප ප්‍රබලයෝ කියති

මෙරටට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීමට තිබු විදේශ විනිමය ප්‍රශ්න මේ වනවිට බොහෝ දුරට විසඳා ඇති බවත්, මේ වනවිට ප්‍රමාදයක් තිබෙන්නේ භාණ්ඩ ගෙන්වා ගැනීමට බවත්, එජාප ප්‍රබලයෝ ප්‍රකාශ කරති. එජාප සභාපති වජිර අබේවර්ධන මහතා සිරිකොත රැස්වීමක දී ප්‍රකාශ කොට ඇත්තේ මුදල් ගෙවීමට නොහැකිව මුහුදේ නැව් රස්තියාදු වීම හෝ මුදාගත නොහැකිව කන්ටේනර් දහස් ගණනින් වරායේ සිරවී තිබීම හෝ…

ඩීසල් නැව් දෙකක්, පෙට්‍රල් නැවක් 15 ට පෙර එයි – ඇමැති කාංචන කැබිනට් මන්ඩලයට කියයි

  ඩීසල් නැව් දෙකක් සහ පෙට්‍රල් නැවක් ලබන 10 – 15 කාලයේ මෙරටට ලැබෙනු ඇති බව බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ප්‍රකාශ කොට ඇති බව වාර්තා වෙයි. මෙතෙක් අවිනිශ්චිතව තිබු පෙට්‍රල් නැවක් 13 දා වනවිට මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කොට ඇති බව ද ඇමතිවරයා ප්‍රකාශ කොට තිබේ. මේ පිළිබඳව…

ආණ්ඩු පක්ෂ රැස්වීමට පිරිස අඩු වේ

කොටුව ජනාධිපති මන්දිරයේ ඊයේ(05) රාත්‍රියේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ආන්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන් සැලකිය යුතු පිරිසක් සහභාගී නොවූ බව වාර්තා වේ. ඇතැම් මන්ත්‍රීවරුන් රැස්වීමට සහභාගී නොවන බවට කලින්ම දැනුම් දී තිබුණ ද,ඇතැමුන් එවැනි දැනුම් දීමක් පවා කර නොතිබූ බව දැනගන්නට ඇත. හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාද ආණ්ඩුපක්ෂ රැස්වීමට සහභාගි වූ බව…

ජාතිය අමතා දුන් පොරොන්දුව වහාම ඉටු කරනු – කරූ ජනපතිට බල කරයි 

  2022 මැයි මස 11 වැනිදා ජාතිය අමතමින් රටට-ජනතාවට ලබා දුන් ප්‍රතිඥාව නොපමාව යථාර්ථයක් බවට පත් කිරීමට  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වහාම ක්‍රියා කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. එසේ නොවුණ හොත් රටේ මේ වන විට උද්ගත වී තිබෙන තත්ත්වයට වඩා…

පොහොට්ටු මන්ත්‍රීන් 59 ක් මා සමගයි – ජනාධිපති ගෝටාභය රාජපක්ෂ

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම මේ වනවිට කණ්ඩායම් ගණනාවකට බෙදී ඇති නමුත් එයින් වැඩි ම කණ්ඩායම වන 59 ක් සිටින්නේ තමන් සමග බව ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වෙයි. මේ වන විට බැසිල් රාජපක්ෂ මහතා සමග සිටින්නේ මන්ත්‍රීවරුන් 11 දෙනෙකු පමණක් බවත්, පක්ෂය තුළ කණ්ඩායම් 19 ක් ඇති බවත්, ජනාධිපතිතුමා…

අනුර, සජිත්, මෛත්‍රී එක වල්ලේ පොල් – පාලිත රංගේ බණ්ඩාර

  අනුර, සජිත්, මෛත්‍රී යන තිදෙනාම එක  වල්ලේ පොල් බවත් ඉතිහාසයේ  කිසි විටෙක  සමත් නොවූ මෙම තිදෙනාගෙන් එක් අයෙකුටවත් අරගලයේ යෙදෙන ජනතාව කැමති නැති බව එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය. පිහිටුවන බව කියන සර්ව පාක්ෂික ආණ්ඩුවේ සජිත් අගමැති කිරීමට අනුර සහ මෛත්‍රි කැමතිද, අනුර අගමැති කිරීමට සජිත් සහ මෛත්‍රී කැමතිද…

අයි එම් එෆ් සාකච්ඡා ගැන අගමැතිගෙන් හෙට ප්‍රකාෂයක්

  ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග මෙතෙක් කළ සාකච්ඡා පිලිබඳ වාර්තාවක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි මුල්‍ය අරමුදලේ වැඩ සටහනක් මෙරට ක්‍රියාත්මක කිරීමේ හැකියාව සොයා බැලීමට එම සංවිධානයේ නියෝජිත පිරිසක් පසුගිය දිනවල මෙරට සංචාරය කළේය….

සජිත් – මෛත්‍රී හමුවක්

  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක්  විපක්ෂනායක කාර්යාලයේ දී අද හමුවී විශේෂ සාකච්ඡාවක නිරත වූහ. බරපතළ ලෙස කඩා වැටී ඇති දේශය ගොඩනැගීම උදෙසා වූ “ජාතික ප්‍රතිසංස්කරණ හා ඉදිරි ගමන” වැඩසටහනේ තීරණාත්මක හමුවක් ලෙස මෙය පැවැත්විණි. පසුගිය වසර 3කට ආසන්න කාලය…

රුසියාවෙන් තෙල් ගත හැක්කේ බිඳුණු හොඳහිත හදාගත් පසුවයි – තෙල් ගන්න රුසියාවට යැවූ ඇමැති සුසිල් කියයි

රුසියාවෙන් තෙල් ගන්න නම් එරට සමග බිඳුණු හොඳහිත යළි ගොඩ නගා ගත යුතු බව, රුසියාවෙන් ලාබෙට තෙල් වහාම ලබා ගැනීමේ හැකියාව සොයා බැලීමට පසුගියදා එරට සංචාරය කළ සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. එයරෝෆ්ලොට් ගුවන්යානා සිදුවීම හා වෙනත් හේතු නිසා රුසියාවේ හොඳ හිත පලුදු වී ඇති බව ඒ මහතා කියයි. මීට පෙර අවස්ථාවක…

තෙල් පෞද්ගලිකකරණයට විරුද්ධ බව සජිත් කීම ගැන සජබ ප්‍රබලයෝ කෝපවෙති

  විදේශීය පෞද්ගලික සමාගම්වලට ඉන්ධන බෙදාහැරීමට අවශතාව දීමට එරෙහිව සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශය ගැන සමගි ජන බලවේගයේ ප්‍රබල නායකයින් කෝප වී සිටින බව වාර්තා වෙයි. මේවා ආවාට ගියාට කරන ප්‍රකාශ බවත්, පක්ෂයේ ප්‍රතිපත්ති මෙලෙස තීරණය කිරීමට සජිත්ට ඉඩ දිය නොහැකි බවත් එම විරෝධතා දක්වන නායකයෝ කියති. මෙය සජිත් ප්‍රේමදාස මහතා ජනතා විමුක්ති පෙරමුණේ හෙවත්…

මහින්දානන්ද අලුත්ගමගේ ජනාධිපති උපදේශක තනතුරක !

  සම්පුර්ණ කාබනික ගොවිතැන එක කන්නයකින් කළ හැකි බවට ජනාධිපතිතුමාට ලණු දී, රට ම අමාරුවේ දැමීමට දායක වූ බවට චෝදනා එල්ල වී සිටින හිටපු කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ වන විට ජනාධිපති උපදේශකයකු ලෙස කටයුතු කරමින් සිටින බව තතු දත් දේශපාලන අංශ කියයි. ඒ මහතා මෙලෙස කටයුතු කරන්නේ කිසිදු නිල පත්කිරීමකින් තොරව ය. මේ…