පොහොට්ටු මන්ත්‍රීන් 59 ක් මා සමගයි – ජනාධිපති ගෝටාභය රාජපක්ෂ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම මේ වනවිට කණ්ඩායම් ගණනාවකට බෙදී ඇති නමුත් එයින් වැඩි ම කණ්ඩායම වන 59 ක් සිටින්නේ තමන් සමග බව ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වෙයි.
මේ වන විට බැසිල් රාජපක්ෂ මහතා සමග සිටින්නේ මන්ත්‍රීවරුන් 11 දෙනෙකු පමණක් බවත්, පක්ෂය තුළ කණ්ඩායම් 19 ක් ඇති බවත්, ජනාධිපතිතුමා පවසා තිබේ.
පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීන් දහ දෙනාගේ කණ්ඩායම සමග පෙරේදා, සෙනසුරාදා පැවති සාකච්ඡාවක දී ජනාධිපතිතුමා මෙම තොරතුරු හෙළි කර ඇත.
හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් මෙම රැස්වීම සංවිධානය කොට තිබිණි.
