සාමකාමීව උද්ඝෝණය කිරීමේ අයිතිය ආරක්ෂා කිරීම ආණ්ඩුවේ වගකීමකි – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

  ජුලි 9 උද්ඝෝෂණයට ආණ්ඩුවේ ප්‍රතිචාර සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කර තිබේ . එම නිවෙදනයේ මෙසේ සඳහන් වෙයි මාධ්‍ය නිවේදනය ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් ජන අරගයේ නිරත පුරවැසියන්, පූජ්‍ය පක්ෂය, වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ ඒකාබද්ධව ජූලි 9 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය සම්බන්ධයෙන් රජයේ පාර්ශ්වයෙන් පළ වී ඇති…

කොළඹට පොලිස් ඇඳිරි නීතිය

කොළඹ සහ අවට පොලිස් බල ප්‍රදේශ ගණනාවකට අද රාත්‍රී 9.00 සිට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. කොළඹ උතුර, දකුණ සහ මධ්‍යම බල ප්‍රදේශ සහ මීගමුව, කැලණිය, නුගේගොඩ, ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශවල මෙලෙස පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කොට තිබේ. මෙම ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වෙයි

සමකාමී අරගලයට එජාපය සහය දෙනවා – එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා

  සාමකාමී අරගලයට එක්සත් ජාතික පක්ෂය  නිරතුරුවම සහය දෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි. අරගලකරුවන් හෙට  (09) දිනයේ කොළඹට පැමිණ ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත්කිරීම ඇතුළු කරුණු මුල්කර ගනිමින් අඛණ්ඩ අරගලයක නිරතවීමට තීරණය කර ඇති බවත්   ගාලුමුවදොර අරගලකරුවන්ට මැයි 09 දින එල්ල වූ ප්‍රහාරයේදී ද එජාපය  පෙනී සිටියේ අරගලකරුවන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන්…

උපයෝගිතා කොමිසමේ සභාපති කර ඇත්තේ ජනාධිපතිත් ඇමැති මණ්ඩලයත් හිරේ දැමිය යුතු චෝදනාවක් – සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමන්

ඉන්ධන ලීටරයක් රුපියල් 200 කට වඩා වැඩි ලාභයක් ගනිමින් විකුණන බවට මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කර ඇති චෝදනාව සත්‍ය නම් එය ජනාධිපතිත්, ඇමැති මණ්ඩලයත් සිර ගත කළ යුතු තරමේ බරපතළ වරදක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මුජිබර් රහමන් මහතා ප්‍රකශ කළේය. මෙයට සම්බන්ධ නිලධාරීන් පමණක් නොව කැබිනට් මණ්ඩලය සහ ජනාධිපති ද වගකිව…

ජනකගේ ප්‍රකාශය ගැන කෝප් විමර්ශනයක්

  පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක්  ජනතාවට රුපියල් 250කට ලබාදිය හැකි බවට  මහජන  උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා කර ඇති ආන්දෝලනාත්මක  ප්‍රකාශය සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශව  කැඳවා  පුළුල් විමර්ශනයක් පැවැත්වීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත. මේ අනුව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර…

දශ ලක්ෂ ගණනක් හෙට කොළඹට එනවා ; ගෝටාභය යනතෙක් වටලාගෙන ඉන්නවා – දොස්තර රාජිත සේනාරත්න

  දශලක්ෂ ගණනක් ජනයා හෙට කොළඹට එන බවත්, ගෝටාභය ජනාධිපති ඉවත්ව යන තෙක් ජනාධිපති මන්දිරය වටලාගෙන සිටින බවත්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි. ප්‍රවාහන සේවා නැතත්, ජනතාව පයින් හෝ එන බව ද ඒ මහතා කියයි. ජනතාවට තුවක්කු එල්ල නොකරන ලෙස පොලිසියෙන් සහ හමුදාවෙන් ඉල්ලා සිටින බව ද ඒ මහතා…

ජනපති යා යුතුයි ; ඩලස් ඇතුළු පොහොට්ටු මන්ත‍්‍රීහු 47ක් තීන්දු කරති ; ඇමතිවරු ද ඒ අතර

  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉවත් විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු මන්ත්‍රීවරුන් හතළිස් හත් දෙනකු තීරණය කර තිබේ. ඊයේ පස්වරුවේ පැවති රැස්වීමකදී මෙම පිරිස සාකච්ඡා කර ඇත්තේ රට තුළ ඇතිවෙමින් පවතින තත්වය සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා ගෞරවනීය ලෙස ධුරයෙන් සමු ගෙන නව ජනාධිපතිවරයකු පත් කිරීමට අවස්ථාව…

එලවන්නන් වාලේ එලවන්න අරගල කිරීම වැරදියි ; විකල්පයක් ඕනෑ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

  එලවන්නන් වාලේ එලවන්න අරගල කිරීම වැරදි බවත්, ගෝටා එලවන විට විකල්පයක් තිබිය යුතු බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. සමාජවාදය විකල්පයක් නොවන බවත්, අද තිබෙන්නේ ඩොලර් ප්‍රශ්නයක් බවත්, සමාජවාදයෙන් ඩොලර් නොලැබෙන බවත්, ඒ මහතා පවසයි. තමා පිළිගන්නේ මානුෂීය ධනවාදය බව සහ ගජමිතුරු ධනවාදයට ඉඩ නොදිය යුතු බවත්, විපක්ෂනායකතුමා වැඩි දුරටත් ප්‍රකාශ කළේය….

එජාප සභාපති ඇමරිකා තානාපතිනිය හමුවෙයි

  එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවෙි ඇමරිකා තානාපතිනී  ජුලියානා චුන්ග් (Julie Chung)  මහත්මිය අතර හමුවක් අද (7)  කොළඹ හෝටර්න් පෙදෙසේ පිහිටි තානාපතිනියගේ නිල නිවසේදී සිදුකෙරිණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉදිරි සාකච්ඡා සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වී ඇති අතර ඉදිරි වසරේදී සුබදායක ප්‍රතිඵලයක් ලැබෙන බවට තහවුරු වී යැයි වජිර අබෙිවර්ධන මහතා පැවසීය ….

9 දා ආණ්ඩුව වට්ටන්න බැරි බව පෙරටුගාමීහු කියති

  තමන් ඇතුළු දේශපාලන කණ්ඩායම් ගණනාවක් සම්බන්ධවෙමින් මෙම 9 වැනිදා කරන උද්ඝෝෂණයෙන් ආණ්ඩුව පෙරළා දැමීම හෝ ගෝටාභය ජනාධිපති ඉවත් කිරීම හෝ කළ නොහැකි වන බව ඔවුන්ගේ තක්සේරුව බව පෙන්නුම් කරන ප්‍රකාශයක් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රබල නායකයකු වන දුමින්ද නාගමුව මහතා අද සිදු කළේය. ඒ මහතා කීවේ ජනාධිපති ගෝටාභය ඉවත්වන තෙක් තමන් අඛණ්ඩ සටනක් 9 වැනිදා…

විදේශ මුදල් හංගන කැසිනෝ ටෝකන් ක්‍රමය වහා ම අහෝසි කරයි

  විදේශීය මුදල් මෙරටට නොඑවා කැසිනෝ ශාලාවලට පිවිසී ක්‍රීඩා කිරීමට ඉඩ දී තිබුණු කැසිනෝ ටෝකන් ක්‍රමය වහා ම ක්‍රියාත්මක වන ලෙස අහෝසි කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කොට ඇත. ඒ අනුව සුපිරි කැසිනෝ ශාලා වෙත පිවිසීම සඳහා විදේශ  නියෝජිතයන් හරහා ටෝකන් පත් නිකුත් කරන  ක්‍රමය අහෝසි කෙරෙයි ඊට අමතරව කැසිනෝ ක්‍රීඩාවේ යෙදෙන විදේශිකයන් මෙරට තුළ දී …

කැසිනෝ වලට බදු ගහනකොට ධම්මිකට රිදෙන්නේ ඇයි? – එජාප මහ ලේකම්  පාලිත රංගේ බණ්ඩාර

  බදු නොගෙවන  කැසිනෝ සහ සූදූ ව්‍යාපාරිකයින්ගෙන්  බදු අයකර ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගැනීමට යන විට  අමාත්‍ය ධම්මික පෙරේරා මහතාට රිදී ඇත්තේ මන්දැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්  පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. කැසිනෝ සහ සූදූ ව්‍යාපාරිකයින් රජයේ බදු ගෙවීම පැහැර හරිමින් ගෙන ගිය ජාවාරම මැඬලීම සඳහා කැසිනෝ සහ සූදූ ආඥා පනත  යාවත්කාලීන…