උපයෝගිතා කොමිසමේ සභාපති කර ඇත්තේ ජනාධිපතිත් ඇමැති මණ්ඩලයත් හිරේ දැමිය යුතු චෝදනාවක් – සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමන්

ඉන්ධන ලීටරයක් රුපියල් 200 කට වඩා වැඩි ලාභයක් ගනිමින් විකුණන බවට මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කර ඇති චෝදනාව සත්‍ය නම් එය ජනාධිපතිත්, ඇමැති මණ්ඩලයත් සිර ගත කළ යුතු තරමේ බරපතළ වරදක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මුජිබර් රහමන් මහතා ප්‍රකශ කළේය.
මෙයට සම්බන්ධ නිලධාරීන් පමණක් නොව කැබිනට් මණ්ඩලය සහ ජනාධිපති ද වගකිව යුතු බව ඒ මහතා කී ය.
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති වගකිව යුතු නිලධාරියෙක් බවත්, ඒ මහතා මෙම චෝදනාව කරන්නේ වගකීමෙන් යුතුව විය යුතු බවත්, මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.
