දශ ලක්ෂ ගණනක් හෙට කොළඹට එනවා ; ගෝටාභය යනතෙක් වටලාගෙන ඉන්නවා – දොස්තර රාජිත සේනාරත්න

 

දශලක්ෂ ගණනක් ජනයා හෙට කොළඹට එන බවත්, ගෝටාභය ජනාධිපති ඉවත්ව යන තෙක් ජනාධිපති මන්දිරය වටලාගෙන සිටින බවත්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

ප්‍රවාහන සේවා නැතත්, ජනතාව පයින් හෝ එන බව ද ඒ මහතා කියයි.

ජනතාවට තුවක්කු එල්ල නොකරන ලෙස පොලිසියෙන් සහ හමුදාවෙන් ඉල්ලා සිටින බව ද ඒ මහතා වැඩිදුරටත් කියයි.

විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක වෙමින් ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *