ර්සව පාක්ෂික ජාතික සභා යෝජනාව ඒකමතිකව සම්මතයි

  රටේ ජාතික ප්‍රතිපත්ති තීරණය කිරීම සඳහා ර්සව පාක්ෂික ජාතික සභාවක් පිහිටුවීමේ යෝජනාව ඊයේ පාර්ලිමේන්තුවේ දී ඒකමතිකව සම්මත වීය. රටේ දිගුකාලීන මධ්‍යකාලීන සහ කෙටිකාලීන ආර්ථික ප්‍රතිපත්ති තීරණය කිරීම, ආර්ථික ස්ථාවරභාවය සඳහා කෙටි සහ මධ්‍යකාලීන අවම පොදු වැඩ පිළිවෙළකට සම්මුතියක් ඇතිකර ගැනීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් බලතල හිමිවන මෙයට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල නියෝජිතයන් ඇතුළත් වනු…

ජනපති සහ පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම්වරිය අතර හමුවක්

   ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය අතර හමුවක් ලන්ඩන් නුවර දී පැවැත්විණි. දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍යයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා එහි ගිය අවස්ථාවේදී මෙම හමුව සිදු විය. පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. පොදුරාජ්‍ය මණ්ඩලීය විදේශ සහ සංවර්ධන…

ප‍්‍රධාන පන්සල් රැසක් Full AC ; බිල වැඩි එනිසා ; ප‍්‍රකට පන්සලක සෝලා සවි කරන්න මුළු වත්තම ඉඩ මදි !

  මෙරට ප්‍රධාන පෙළේ විහාරස්ථාන ගණනාවක ම විදුලි බිල විශාල වශයෙන් ඉහළ යාමට හේතු වී ඇත්තේ ඒවායේ සවිකර ඇති වායු සමීකරණ යන්ත්‍ර බවට හෙළි වී තිබේ. කොළඹ හා ඒ ආසන්න ප්‍රසිද්ධ විිහාරස්ථා ගණනාවක මෙන්ම දුර බැහැර ප්‍රදේශවල ද ප්‍රධාන පෙළේ නම ගිය විහාරස්ථානවල මෙම තත්ත්වය දැකිය හැකි බව විදුලි බල මන්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කරයි….

ඉන්දියාව මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා දැනටමත් අරඹා ඇති බව රොයිටර් පුවත් සේවය වාර් තා කරයි

  ඉන්දියාව මෙරට බලධාරීන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ පළමු වටයේ සාකච්ඡා සැප්තැම්බර් 16 වනදා පැවැත්වූ බව මෙරට පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර් යාලය පැවසූ බව රොයිටර්  පුවත් සේවය වාර්  තා කොට ඇත. එම වාර් තාවන්ට මෙරට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය සඳහන් කර ඇත්තේ එම සාකච්ඡා සුහදශීලීව පැවති බවය. එහිදී ඉන්දියාව වැඩිදුරටත් පවසා ඇත්තේ ආර්ථික ර්අබුදයෙන් බැට…

ණයහිමියන්ගෙන් සුබවාදී ප්‍රතිචාර ලැබෙතැයි මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

  එළැඹෙන සිකුරාදා දින සිට ද්විපාර්ශවික ණයහිමියන්ගෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ එකඟතාවන් ලැබෙනු ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය  නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඔහු පවසන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ එකඟතාවන් ද්විපාර්ශවික ණයහිමියන්ගෙන් ලැබීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍ය සහය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹෙනු ඇති බවය. ජාත්‍යන්තර මූල්‍ය අර්මුදලේ ඉදිරි කටයුතු සඳහා…

රැජනගේ අවමඟුලට ජනපති ආර් යාව ගියේ පෞද්ගලික වියදමින් ; නිල දූත පිරිසේ සිටියේ තිදෙනයි – මාධ්‍ය අංශය කියයි.

    බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ හි පැවති දෙවැනි එලිසබෙත් මහ රැජනගේ අවමංගල්‍ය උත්සවයට ලැබුණු නිල ආරාධනය අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ නිල දූත පිරිසට එක් වූයේ තිදෙනෙකු පමණක් බවත්, ජනාධිපති ආර්යාව ගියේ පෞද්ගලික වියදමෙන් බවත්, නිවේදනය කර ඇත. ඒ අනුව එයට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නිල වශයෙන් එක වුයේ  ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා,…

ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය ලබාදෙනවා – ඉන්දියාව නිවේදනය කරයි

  ශ්‍රී ලංකාව ආර්ථික අතින් ශක්තිමත් කිරීම සදහා හැකි සෑම අවස්ථාවකම අඛණ්ඩව සහයෝගය ලබා දෙන බව ඉන්දියාව නිවේදනය කරයි. ඉන්දියාව විසින් තවදුරටත් මූල්‍ය සහයෝගය ලබා නොදන බවට පළවූ වාර්තා සම්බන්ධයෙන්වන මාධ්‍ය විමසුම්වලට ප්‍රතිචාර වශයෙන් කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයක් මගින් මේ බව අවධාරණය කර ඇත. එම සම්පූර්ණ නිවේදනය පහත සදහන්…

කෝටි 3,4 වාහනවලට ලක්‍ෂයක තෙල් ගහනවනම් විදුලි බිල ගෙවන්න බැරි ඇයි ? – අමරපුර ලේඛකාධිකාරී හිමිගෙන් ව්‍යාපාරික භික්‍ෂූන්ට ප‍්‍රහාරයක්

  විදුලි බිල ඉහළ දැමීමට විරුද්ධ වන ඇතැම් භික්ෂූන් වහන්සේලා ගමන් බිමන් යන්නේ කෝටි තුන හතරේ වාහනවලින් බව ‍ශ‍්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය පල්ලෙකන්දේ රතනසාර හිමියෝ සඳහන් කරති. එම වාහන වලට මාසකට ඉන්ධන වියදම රුපියල් පනස් දහසක් ලක්ෂයක් වන බවත් පැවසූ උන්වහන්සේ දානය ගෙවල් දාන ගෙවල්වල, මළ ගෙවල් වල මෙම අත්…

කිව් ආර් ක්‍රමය යටතේ ඉන්ධන පරිභෝජනය සියයට 40 කින් අඩුවෙයි

  ඉන්ධන බෙදාහැරීම සඳහා ක්‍රියාත්මක කොට ඇති කිව් ආර් ක්‍රමවේදය යටතේ රට තුළ ඉන්ධන භාවිතය සියයට 40 කින් පමණ අඩු කරගත හැකි වී ඇතැයි විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය කියයි. මීට පෙර පැවති ඉන්ධන පාවිච්චිය අනුව මෙරටට ඉන්ධන ආනයනයට මසකට ඩොලර් මිලියන 600 ක් අවශ්‍ය වුව ද, මේ වන විට එම අවශ්‍යතාවය ඩොලර් මිලියන 350 දක්වා…

මහ බැංකුවේ විරෝධය ඉවත දමා විවෘත ගිණුම් ක්‍රමයට සීමිත අවසරයක්

  විවෘත ගිණුම් ක්‍රමය යටතේ භාණ්ඩ ආනයනය සම්පුර්ණයෙන් තහනම් කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් කර තිබු ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් එම ක්‍රමය යටතේ ගෙන්වීමට බලපත්‍ර ක්‍රමයක් යටතේ අවසර දීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන ඇත. බඩඉරිඟු, සොයා, සහ පරිප්පු ඇතුළු භාණ්ඩ කිහිපයක් මෙම ක්‍රමය යටතේ ගෙන්වීමට අවසර දී ඇත්තේ, කෘෂිර්කම අමාත්‍යංශයේ…

චීන ණය ගැන නිල නොවන සාකච්ඡා ලබන සතියේ ජපානයේ දී

  ශ්‍රී ලංකවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන චීන රජයේ නියෝජිතයින් සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර නිල නොවන මට්ටමේ සාකච්ඡාවක් ලබන සතියේ ජපානයේ ටෝකියෝ නුවර දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව දේශපාලන ආරංචි මාර් ග කියයි. එමෙන් ම ජපන් රජය සමග ද සාකච්ඡා කිරීමට සැලසුම් කොට ඇති බව ද කියති. ජපානයේ හිටපු අගමැති ශින්ෂෝ අබේ…

ජාතික සභාව යෝජනාව හෙට විවාදයට

    ආර්ථික ප්‍රශ්න ප්‍රධාන රටේ විවිධ ප්‍රශ්න  විසඳීමේ අරමුණින් යුතුව පිහිටුවීමට  යෝජිත ජාතික සභාව පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවේදී හෙට (20) විවාදයට ගෙන  සම්මත කරගැනීමට නියමිතය. මෙම යෝජනාව ඉදිරිපත් කෙරෙන්නේ ආණ්ඩු පක්ෂයෙනි. විවාදය  අද පෙරවරු 10.00 සිට  පස්වරු 5.30 දක්වා පැවැත්වෙනු ඇත. මේ අතර ආණ්ඩුවේ ආදායම වැඩි කර  ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදය…