ත්‍රස්ත විරෝධී පනතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනියි ; සංශෝධන කළොත් සරල බහුතරයක් ඇති – ශ්‍රේෂ්ඨාධිකරණය

යෝජිත ත්‍රස්ත විරෝධී පනතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, ඒවා පවතින ලෙස සම්මත කිරීමට තුනෙන් දෙකක ඡන්දයක් සහ එක් වගන්තියක් සඳහා ජනමත් විචාරණයක් අවශ්‍ය බවත්, එසේ වුවත් ශ්‍රේෂ්ඨාධිකරණ නියම කර ඇති සංශෝධන ඇතුළත් කරන්නේ නම් එය සරල බහුතරයකින් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කොට ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ, අභියෝගයට ලක්කරන ලද ත්‍රස්ත විරෝධී පනත්…

රට ළඟා කරගෙන ඇති ප්‍රගතිය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

රටේ ස්ථාවරත්වය සහ සමෘද්ධිය ළඟා කරගැනීමට මේ වන විට හැකි වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ගෝලීය වශයෙන් ද පිළිගැනීමට ලක්ව ඇති බවය.රට ස්ථාවරත්වයට පත්කර ගැනීමේ සැබෑ වීරයන් ශ්‍රී ලාංකේය ජනතාව බව ද සිය X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබේ. අස්වැසුම හරහා මිලියන…

මහින්ද, චන්ද්‍රිකා, ගෝටාභය, මෛත්‍රීපාල සියලු දෙනා රනිල්ගේ වේදිකාවට නගිනවා – අනුර කුමාර

ඉදිරි ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා කුමාරතුංග, ගෝටාභය රාජපක්ෂ ,මෛත්‍රීපාල සිරිසේන ආදී සියලු දෙනා රනිල් වික්‍රමසිංහ මහතාගේ වේදිකාවට නගින බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කියයි. ඒ මහතා කියන්නේ සාටකය දාගත් මහින්ද, ටයි කොට් ඇඳි රනිල්, ඔසරිය ඇඳි චන්ද්‍රිකා, තරු පටි ගහගත් ගෝටාභය, පොළොන්නරුවේ ගැමියා මෛත්‍රීපාල ආදීන් සිටින රනිල්ගේ වේදිකාව අරුමෝසම් වේදිකාවක්…

|

සියයට 25 ට ගිය බැංකු පොලිය සියයට 11 ට බැහැලා – මහ බැංකුව කියයි

  වසරකට පෙර සියයට 25 ඉක්මවා ගොස් තිබු බැංකු පොලී අනුපාත මේ වනවිට සියයට 11 පමණ දක්වා අඩු වී ඇති බව ශ්‍රී ලනක මහ බැංකුව ප්‍රකාශ කරයි. මහ බැංකු පවසන්නේ මීට වසරකට පෙර 25.35% ක්ව පැවති බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය (AWPR) මේ වන විට 11.61 ක් මට්ටමට පහළ ගොස් ඇති…

සරත් ෆොන්සේකා රෑට රෑට ඩයනාගමගේගේ ගෙදර ගිහින් රනිල් හමුවෙනවා – මරික්කාර්

  සමගි ජනබලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා රෑට රෑට ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියගේ නිවසට ගොස් ජනාධිපතිවරයා මුණගැසෙන බවට වාර්තා පලවන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා මාධ්‍ය අමතා ප්‍රකාශ කළේය. ඩයනා ගමගේ අමාත්‍යවරයගේ ස්වාමිපුරුෂයා යනු ෆොන්සේකා මහතාගේ හිටපු ලේකම් බවද මන්ත්‍රීවරයා පැවසීය. සමගි ජන බලවේගයේ සිටින්නේ නම් පක්ෂය සමඟ සිටිය…

රනිල් කියන තරම් කපටියෙක් නොවේ- අනුර

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියන තරම් කපටියක් නොවන බව ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි. කුමන ආකාරයකින් හෝ ජනාධිපතිවරණය කල් දැමීමට උත්සාහ කලහොත් ඔහුට නියමිත ධුර කාලය අවසන් වීමටත් පෙර ගෙදර යාමට සිදුවනු ඇති බවද හෙතෙම පැවසීය. ඒ මහතා මේ බව කියා සිටියේ කුරුණෑගලදී පැවති ජාතික ජන බලවේගයේ කාන්තා සමුළුව…

සරත් ෆොන්සේකාව පක්ෂ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක්

සමගි ජන බලවේගයේ සභාපති ෆිලඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ තනතුරු අත්හිටුවීම සහ තනතුරුවලින් පහකිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. සරත් ෆොන්සේකා මහතා ගොනුකළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත. මෙම වාරණ නියෝගය දින 14ක් දක්වා බලපැවැත් වේ. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් මෙහි…

‘අමුල්’ ආදර්ශමත් සමුපකාර ක‍්‍රමයක් ; ‘අමුල්’ ගැන චිත‍්‍රපටයක් ජවිපෙ සාමාජිකයන්ට පෙන්නුවා- අනුර..

  ඉන්දියාවේ අමුල් කිරි කර්මාන්තය නිරීක්‍ෂණය සඳහා තමන් මීට අවුරුදු පහළොවකට දාසයකට කලින්ද ගිය බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි. ජනතා විමුක්ති පෙරමුණේ අධ්‍යාපන සාකච්චාවලදී අමුල් පිළිබඳව වන චිත‍්‍රපටයක්ද පෙන්වා ඇති බවද හෙතෙම පවසයි. අමුල් සමාගම ගොඩනැගෙන්නේ සමූපකාර ක්‍රමයක් හරහා බවත් ඒ යටතේ ගොවියාට සියයට අසූවක ආදායමක් ලැබෙන බවත් ඔහු පෙන්වා…

|

මුදල් ප්‍රතිපත්ති වාර්තාව ගැන මහ බැංකුව මෙසේ කියයි

මහ බැංකුව නිකුත්කළ 2024 පෙබරවාරි මුදල් ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන මහ බැංකුව පැහැදිලිකිරීමක් කර ඇත, එය පහතින්

|

ආර්ථිකය දැන් ස්ථාවරයි – මුදල් ප්‍රතිපත්ති වාර්තාව ඉදිරිපත් කරමින් මහ බැංකුව කියයි

  උද්ධමනය පාලනය වී ආර්ථිකය ස්ථාවර වී ඇති බව  ශ්‍රී ලංකා මහ බැංකුව 2024 පෙබරවාරි මාසයේ  මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත් කරමින් ප්‍රකාශ කොට ඇත. තාවකාලිකව මදක් ඉහළ යා හැකි උද්ධමනය දිගු කාලීනව සියයට 5 මට්ටමේ ස්ථාවර වනු ඇති බවත්, පසුගිය වසර වල පැවති ඍන ආර්ථික වර්ධනය වෙනුවට මෙම වසරේ ධන ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු විය…

ජනපති මරන් කන්න ආ මහකනදරා ජනතාව සාකච්ඡාවෙන් පසු සන්සුන්ව විසිර යති

  මහකනදරා වැවෙන් ජලය ලබාගෙන ක්‍රියාත්මක කෙරෙන අනුරාධපුර උතුර පානීය ජල ව්‍යාපෘතියට විරෝධය පළ කරමින් අද උදෑසන විරෝධතා දක්වමින් ජනාධිපතිට අපහාසාත්මක ලෙස බැන වදිමින් සිටි ජනතාව ඔවුන්ගේ නියෝජිත පිරිසක් සමග ජනපති කළ සාකච්ඡාවෙන් පසු සන්සුන් ලෙස විසිර ගියෝ ය. ගොවීන් විරෝධය ප්‍රකාශ කළේ පානීය ජල ව්‍යාපෘතිය නිසා තම ගොවිබිම්වලට ජලය මදිවන බව පවසමිනි. උද්ඝෝෂණ කළ…

තවත් පරාජිත වෛද්‍ය වැඩ වර්ජනයක් අවසන් – රජයේ වෛද්‍ය නිලධාරී සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

  තවත් පරාජිත සෞඛ්‍ය සේවා වැඩ වර්ජනයක් අවසන් වූ බව රජයේ වෛද්‍ය නිලධාරී සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අද මාධ්‍ය සාකච්ඡාවක් අමතා ප්‍රකාශ කළේය. වැඩ වර්ජනය කළ සෞඛ්‍ය සේවකයන්ට සෞඛ්‍ය සේවා වට්ටන්නට බැරි බවත්, සෞඛ්‍ය සේවා වට්ටිය හැක්කේ වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට පමණක් බවත් කී ඒ මහතා හෙදියන් සඳහා අනුමත වී මෙතෙක් ගෙවා නැති දීමනා…