තවත් පරාජිත වෛද්‍ය වැඩ වර්ජනයක් අවසන් – රජයේ වෛද්‍ය නිලධාරී සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

තවත් පරාජිත සෞඛ්‍ය සේවා වැඩ වර්ජනයක් අවසන් වූ බව රජයේ වෛද්‍ය නිලධාරී සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අද මාධ්‍ය සාකච්ඡාවක් අමතා ප්‍රකාශ කළේය.
වැඩ වර්ජනය කළ සෞඛ්‍ය සේවකයන්ට සෞඛ්‍ය සේවා වට්ටන්නට බැරි බවත්, සෞඛ්‍ය සේවා වට්ටිය හැක්කේ වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට පමණක් බවත් කී ඒ මහතා හෙදියන් සඳහා අනුමත වී මෙතෙක් ගෙවා නැති දීමනා ගෙවිය යුතු බව ද පැවසීය.
අනෙක් සේවකයින්ට ද යමක් දිය හැකි නම් හොඳ නමුත් චන්ඩිකම්වලට යට වී කිසිවක් නොදිය යුතු බවත්, වෛද්‍ය බෙල්ලන මහතා වැඩිදුරටත් පැවසීය.
