සරත් ෆොන්සේකා රෑට රෑට ඩයනාගමගේගේ ගෙදර ගිහින් රනිල් හමුවෙනවා – මරික්කාර්

සමගි ජනබලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා රෑට රෑට ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියගේ නිවසට ගොස් ජනාධිපතිවරයා මුණගැසෙන බවට වාර්තා පලවන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා මාධ්‍ය අමතා ප්‍රකාශ කළේය.
ඩයනා ගමගේ අමාත්‍යවරයගේ ස්වාමිපුරුෂයා යනු ෆොන්සේකා මහතාගේ හිටපු ලේකම් බවද මන්ත්‍රීවරයා පැවසීය.
සමගි ජන බලවේගයේ සිටින්නේ නම් පක්ෂය සමඟ සිටිය යුතු බවත් ජනාධිපතිවරයා සමඟ සිටින්නේ නම් ඔහු සමඟ යා යුතු බවත් හෙතෙම කියා සිටියේය.
මේවා කුප්ප වැඩ බව ද මරික්කාර් මහතා කියයි.
සරත් ෆොන්සේකා මහතාගේ මෑත කාලීන භාවිතව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසුවේය.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සරත් ෆොන්සේකා මහතාගේ සතුරන් පක්ෂයට එක් කර ගනිමින් ෆොන්සේකා මහතාට පලා බෙදීම සම්බන්ධයෙන් ඒ මහතා දැඩි ලෙස කෝප වී ඇති බව කියති.
මෙම තත්ත්වය තුළ පක්ෂයෙන් ඉවත්වීමට ෆොන්සේකා මහතා සුදානම් වුවත්, එසේ නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇතැයි ද වාර්තා වෙයි.
