පැරකුම්බා රජුට පසුව ජාත්‍යන්තර මුහුදේ ආරක්‍ෂාවට නැවු යවන්නේ අපයි – ජනපති

  රතු මුහුද හරහා ශ්‍රී ලංකාවට පැමිණෙන භාන්ඩ ප්‍රවාහන නෞකා වලට ආරක්ෂාව ලබා නොදුනහොත් කොළඹ ඇතුළු මෙරට වරායන් දැඩි තර්ජනයකට ලක්වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ මහා පරාක්‍රමබාහු රජ සමයෙන් පසුව ජාත්‍යන්තර මුහුදේ ආරක්ෂාවට ශ්‍රී ලංකාවෙන් නෞකා යවන පළමු අවස්ථාව මෙය වනු ඇති බවයි. මෙම නෞකාව යෙදවීමට වැයවන මුදල…

රජයේ සේවකයින්ට 5000 ක් ජනවාරි සිට ගෙවයි

  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ පසුගිය අයවැයෙන්  රජයේ සේවකයින් සඳහා ගෙවීමට නියම කළ ජීවන වියදම් දීමනාවෙන් රුපියල් 5,000ක් ජනවාරි මස සිට ගෙවීමට ජනපති කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. 2024 අයවැය හරහා රජයේ සේවකයින් සඳහා ගෙවීමට යෝජනා කළ රුපියල් 10,000 ක දීමනාවෙන් රුපියල් 5000ක් මෙලෙස ජනවාරි මස සිට හිමිවනු ඇත. අප්‍රේල් සිට ගෙවීමට…

වෛද්‍යවරුන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දීමනා ඉහළට

වෛද්‍යවරුන් සඳහා ගෙවනු ලබන DAT දීමනාව ඉහළ දැමීම සඳහා ජනපති සිදුකළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව මෙතෙක් වෛද්‍යවරුන් සඳහා ගෙවනු ලැබූ DAT දීමනාව රුපියල් 35,000 සිට 75,000 දක්වා වැඩිකර ඇත. මීට අමතරව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අධ්‍යයන දීමනාව ඉහළ දැමීමට ජනපති කළ යෝජනාවට ද කැබිනට් අනුමැතිය හිමිව ඇත. ඒ අනුව සියයට 25කින් ඉහළ දැමෙන විශ්වවිද්‍යාල…

රතු රැඩිකල් පක්ෂවල සරදියෙල් න්‍යාය මේ රට “යම” ලෝකයට ඇද වට්ටනවා – දිලිත් ජයවීර

රතු රැඩිකල් පක්ෂවල සරදියෙල් න්‍යාය මේ රට තුන්වැනි ලෝකෙන් “යම” ලෝකයට ඇද වට්ටන බව ‘මව්බිම ජනතා පක්ෂයේ’ නායක හා එම පක්ෂයේජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර පවසයි. ඔහු එබව කියා සිටියේ, මහනුවර සහස් උයනේදි ඊයේ (07) පැවති මහනුවර දිස්ත්‍රීක් සමුලුව අමතමිනි. තුන්වැනි ලෝකෙන් “යම” ලෝකයට ගෙන යන මෙම රැඩිකල් පක්ෂ හොරු අල්ලලා ඒවා මිනිස්සුන්ට දෙන බවට සිදු…

මුලින් ජනාධිපතිවරණයි.. එය සහතිකයි.. දිනය මෙන්න… – ගම්මන්පිල

  ‘ජනපතිවරණයක් කලින් කැඳවීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට අහිමි කරලා තිබෙන නිසා ජනාධිපතිවරණය පවත්වන දිනය තීරණය කරන්නේ ජනාධිපතිවරයා නොව මැතිවරණ කොමිසම විසින් ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව’ යයි පිිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී. ජනාධිපතිවරණය කවදා පවත්වාවි දැයි එක් එක් අය දේශපාලන…

සංචාරක ව්‍යාපාරයේ ආදායම ඩොලර් බිලියන 2.1 දක්වා ඉහළට

    ශ්‍රී ලංකාවේ 2023 සංචාරක ආදායම පෙර වසරේ ඩොලර් බිලියන 1.1 සිට ඩොලර් බිලියන 2.1 දක්වා සියයට 80 කින් ඉහළ ගොස් ඇති බව නිල දත්ත පෙන්වා දෙයි. 2022 දී විරෝධතා-ප්‍රමුඛ දේශපාලන අර්බුදයෙන් පසු පැමිණීම ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති හෙයින් ආදායම 2023 දෙසැම්බර් මාසයේදී  පෙර වසරේ පැවති ඩොලර් මිලියන 127.3 සිට ඩොලර් මිලියන 269.3 දක්වා…

විනය ක්‍රියාමාර්ග ගන්නැයි ඉල්ලා කංචනගෙන් ලිපියක්

සැලසුම්සහගත ව සහ නීතිවිරෝධි අයුරින් නිවාඩු හෝ වෛද්‍ය නිවාඩු මත සේවයට වාර්තා නොකර උද්ඝෝෂණ කටයුතුවලට සහභාගි වී සේවාවන් පවත්වාගෙන යාමට බාධා කළ සේවකයින්ගේ සේවය අත්හිටුවා පවතින නෛතික ප්‍රතිපාදන යටතේ විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දන්වා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් යොමුකර තිබේ. එමෙන්ම එම ලිපිය මගින් වැඩිදුරටත් දන්වා ඇත්තේ, එම…

විදුලි ගාස්තු සියයට නවයකින් අඩු කෙරෙයි

  විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය සකස් කර ඇති ගණනය කිරීම් අනුව සියයට නවයක ගාස්තු අඩු කිරීමක් යෝජනා කරනු ඇතැයි වාර්තා වෙයි. ඒ සඳහා වන ලංවිම යෝජනාව මහජන උපයෝගිතා කොමිසම වෙත ලබන සතියේ අග වන විට ලබාදිය හැකි බව ද විදුලි බල මණ්ඩලය කියයි. ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ජේෂ්ට  ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත…

|

විදේශ ප්‍රේෂණ ඩොලර් මිලියන 5,969.6 ට නගී

  පසුගිය වසරේ (2023 ) විදේශ ප්‍රේෂණ වලින් මෙරටට ලැබුණු මුදල ඩොලර් මිලියන 5,969.6 දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. එය පෙර වසරට වඩා සියයට 57.5 ක වර්ධනයකි.

සීගිරිය/දඹුල්ල සහ ත්‍රිකුණාමලය සංචාරක කලාප සංවර්ධනයට බිලියනයක ආයෝජනයක්

    සීගිරිය/දඹුල්ල සහ ත්‍රිකුණාමලය සංචාරක කලාප සංවර්ධනයට රුපියල් බිලියනයක ආයෝජනයකින් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇත. ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව නාගරික සංවර්ධන අධිකාරිය මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි කොවිඩ් -19 වසංගතය සහ පසුව ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම ව්‍යාපෘතිය ඇණහිට තිබු  බව නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කරයි. . “අපි…

උතුරේ දමිළ ජන­යාගේ ප්‍රශ්න­ව­ලට විස­ඳුම් ලැබෙන්නේ නම් ජන­ප­තිට පූර්ණ සහාය දෙනවා – දෙමළ ජනතා සන්ධා­නයේ නායක, මන්ත්‍රී සී. වී. විග්නේ­ෂ්ව­රන්

උතුරේ දෙමළ ජනතාවගේ අපේක්ෂා මුදුන්පත් වන ආකාරයට ජනාධිපතිවරයා කටයුතු කරන්නේ නම් ඔහුට ජනාධිපතිවරණයේදී දෙමළ පක්ෂ නියත වශයෙන්ම පූර්ණ සහයෝගය දෙන බව දෙමළ ජනතා සන්ධානයේ නායක, මන්ත්‍රී සී. වී. විග්නේෂ්වරන් මහතා පැවැසීය. මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ පසුගියදා (03) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උතුරේ සංචාරය පිළිබඳව මාධ්‍යවේදීන්ට අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස ද කියා…

තවත් ලක්ෂ දහයකට අස්වැසුම දෙන්න මුදල් වෙන්කර තිබෙනවා – ජනාධිපති

  තවත් පවුල් ලක්ෂ දහයකට අස්වැසුම දෙන්න මුදල් වෙන්කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනේ රාජ්‍ය සේවකයින් සමග පැවති රැස්වීමක දී ප්‍රකාශ කළේ ය. උතුරේ දිළිඳු ජනයාට එම සහනාධාරය ඉක්මනින් ලබා දීමට කටයුතු කරන ලෙස එතුමා රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ය. අස්වැසුම මගින් දිළිඳු ජනයාට ලැබෙන මුදල පෙර මෙන් තුන් ගුණයක් බව පෙන්වා දුන්…