උතුරේ දමිළ ජනයාගේ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ නම් ජනපතිට පූර්ණ සහාය දෙනවා – දෙමළ ජනතා සන්ධානයේ නායක, මන්ත්‍රී සී. වී. විග්නේෂ්වරන්
උතුරේ දෙමළ ජනතාවගේ අපේක්ෂා මුදුන්පත් වන ආකාරයට ජනාධිපතිවරයා කටයුතු කරන්නේ නම් ඔහුට ජනාධිපතිවරණයේදී දෙමළ පක්ෂ නියත වශයෙන්ම පූර්ණ සහයෝගය දෙන බව දෙමළ ජනතා සන්ධානයේ නායක, මන්ත්‍රී සී. වී. විග්නේෂ්වරන් මහතා පැවැසීය.
මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ පසුගියදා (03) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උතුරේ සංචාරය පිළිබඳව මාධ්‍යවේදීන්ට අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස ද කියා සිටියේය.
“උතුරේ දෙමළ ජනතාවට දී ඇති පොරොන්දු ඉටු වන ආකාරයට ජනාධිපතිවරයා සිය උතුරු සංචාරයේදී සංවර්ධන කටයුතු ආරම්භ කළ යුතුයි. උතුරේ වැසියන්ට අයත් ඉඩම් අක්කර 3000ක් පමණ තවමත් නිදහස් කිරීමට තිබෙනවා. රජයේ ඉඩම්වල බලහත්කාරයෙන් පදිංචි කර සිටින පිරිස් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතුයි. උතුරේ දෙමළ ජනතාවට මුහුණ පෑමට සිදුව ඇති සෙසු ප්‍රශ්න සහ ගැටලු ඉතා පහසුවෙන්ම විසඳිය හැකියි. ජනාධිපතිවරයාගේ උතුරේ සංචාරයේදී ඔහු දෙමළ ජනයාට දෙන සහන සහ විසඳුම් දෙස දෙමළ දේශපාලන පක්ෂ ඉතා ඕනෑකමින් බලා සිටිනවා.”
උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

