රජයේ සේවකයින්ට 5000 ක් ජනවාරි සිට ගෙවයි

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ පසුගිය අයවැයෙන්  රජයේ සේවකයින් සඳහා ගෙවීමට නියම කළ ජීවන වියදම් දීමනාවෙන් රුපියල් 5,000ක් ජනවාරි මස සිට ගෙවීමට ජනපති කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

2024 අයවැය හරහා රජයේ සේවකයින් සඳහා ගෙවීමට යෝජනා කළ රුපියල් 10,000 ක දීමනාවෙන් රුපියල් 5000ක් මෙලෙස ජනවාරි මස සිට හිමිවනු ඇත.

අප්‍රේල් සිට ගෙවීමට තීරණය කර තිබු මෙම මුදලින් කොටසක් ජනවාරි සිට ගෙවීමට තීරණය කොට ඇත්තේ රජයේ වැට් බදු වැඩි කිරීමත් සමග රජයේ ආදායම් ඉහළ යෑම සැලකිල්ලට ගෙන බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *