තෙල් මිල දැනෙන්නම අඩු වෙයි – ඩීසල්-භූමිතෙල් රු.30කින් පෙට්ට්‍රල් 95 රු.20කින්-පෙට්ට්‍රල් 92 රු.3කින්

තෙල් මිල දැනෙන්නම අඩු වෙයි – ඩීසල්-භූමිතෙල් රු.30කින් පෙට්ට්‍රල් 95 රු.20කින්-පෙට්ට්‍රල් 92 රු.3කින්

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඊයේ(30) මධ්‍යම රාත්‍රී 12.00 සිට සිපෙට්කෝ ඉන්ධන මිල පහත හෙළීමට පියවර ගෙන තිබේ. ඒ අනුව ඉන්ධන ලීටරයක නව මිල දර්ශනය මෙසේය. ලංකා පෙට්ට්‍රල් ඔක්ටේන් 92 රුපියල් 371ක්ව පැවැති අතර එහි මිල රුපියල් තුනකින් පහළ දමා ඇත. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 368කි. ලංකා පෙට්ට්‍රල් ඔක්ටේන් 95 රුපියල් 440ක්ව පැවැති…

මැයි රැලිවලට එන්න ලංගම බස් 1500 ක් අරන්

මැයි රැලිවලට එන්න ලංගම බස් 1500 ක් අරන්

පෞද්ගලික බස් සහ විශේෂ දුම්රියත් වෙන් කරගෙන : මැයි රැලි සඳහා පැමිණෙන පිරිසගේ ගමන් පහසුව සඳහා ශ්‍රී ලංගම බස් රථ 1500 ක් පමණ දේශපාලන පක්ෂ විසින් වෙන් කරගනු ලැබ ඇති බව වාර්තා වෙයි. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය , ජාතික ජන බලවේගය සහ ලංකා කම්කරු කොන්ග්‍රසය මෙලෙස බස් රථ වෙන්…

ජනපති මැයි රැලි දෙකක

ජනපති මැයි රැලි දෙකක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක කම්කරු දිනය සමරමින් හෙට (1) මැයි රැළි දෙකකට සහභාගී වෙයි. කොටගල ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන වතු කම්කරු ජනතාවගේ මැයි දින රැළියට හෙට පෙරවරුවේ සහභාගී වන ජනාධිපතිවරයා අනතුරුව කොළඹ මාලිගාවත්තේ දී හෙට පස්වරු දෙකට පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියට සහභාගී වෙයි. වතු කම්කරුවන්ගේ මැයි දින රැලියේදී ජනාධිපතිවරයා වතු කම්කරු වැටුප් වැඩිවීම…

මම සජබෙන් ස්වාධීන වුනා – විජේමුනිත් කියයි

මම සජබෙන් ස්වාධීන වුනා – විජේමුනිත් කියයි

තමන් මේ වනවිට සමගි ජන බලවේගයෙන් ස්වාධීන වී කටයුතු කරමින් සිටින්නේ යැයි හිටපු ඇමති විජිත් විජේමුනි සොයිසා අවධාරණය කරයි. තමන් සජිත් ප්‍රේමදාස සමග එක්ව කටයුතු කළද තමන්ට මෙතෙක් නිසි වගකීමක් ලබා දී මුලදී තමන්ව නැතැයිද සමගි ජන බලවේගයේ රැස්වීම්වලට පවා රැගෙන ගියද මේ වනවිට තමන්ව අමතක කර දමා කටයුතු කරමින් සිටින්නේ යැයිද ඔහු සඳහන් කරයි….

කිරිඇල්ල නොදත් දින ටිරාන් මතක් කර දෙයි !

කිරිඇල්ල නොදත් දින ටිරාන් මතක් කර දෙයි !

මෙරටට පැමිණෙන විදේශිකයින්ගේ වීසා ගාස්තු වැඩි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවෙන් අනුමත කළේ කවදා දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා මතුකළ ප්‍රශ්නයට ටිරාන් අලස් ඇමතිවරයා දින වකවානු සහිතව පිළිතුරු දී තිබේ. අදාළ යෝජනාව 2023.11.21 දින උපදේශක කාරක සභාවේ අනුමත කළ බවත්, 2023.11.23 දින පාර්ලිමේන්තුවෙන් එය අනුමත කළ බවත්, 2023.11.27 දින ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ බවත්,…

ආර්ථික සංවර්ධනයේ වසර දෙකක පිම්මක් – මහ බැංකු වාර්තාවෙන් හෙළි කරයි.
|

ආර්ථික සංවර්ධනයේ වසර දෙකක පිම්මක් – මහ බැංකු වාර්තාවෙන් හෙළි කරයි.

ශ්‍රී ලංකාවට 2026 දී ළඟා කරගත හැකි වෙතැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පසුගිය දෙසැම්බරයේ පුරෝකථනය කළ සියයට 3 ක ආර්ථික වර්ධනය මේ වසරේ ළඟා කරගත හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අලුත් ම වාර්තාවේ සඳහන් වෙයි. මේ වසරේ සියයට 1.8 ක 2025 දී 2.6 ක සහ 2026 දී සියයට 3 ක ආර්ථික වර්ධනයක් ශ්‍රී ලංකාව…

‘SJB මුළු පක්‍ෂයම රනිල්ට සහාය දිය යුතුයි’ මන්ත‍්‍රී කණ්ඩායමක් යෝජනා කරයි

‘SJB මුළු පක්‍ෂයම රනිල්ට සහාය දිය යුතුයි’ මන්ත‍්‍රී කණ්ඩායමක් යෝජනා කරයි

සමගි ජන බලවේග පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ සහය වත්මන් ජනාධිපතිවරණ වික්‍රමසිංහ මහතා වෙත ලබා දිය යුතු බවට වන යෝජනාවක් එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන්ම ඉදිරිපත් වී ඇතැයි අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂය හැර ගොස් සමගි ජන බලවේගයට එක් වූ පාක්ෂිකයන් විශාල පිරිසක් අද වන විට නැවතත් එක්සත් ජාතික පක්ෂයට එක්වෙමින් සිටින බවද ඔහු පැවසීය….

වයස 80 දීත් රනිල් ජනාධිපති – අනුර කුමාර දිසානායක
|

වයස 80 දීත් රනිල් ජනාධිපති – අනුර කුමාර දිසානායක

දැනට වයස අවුරුදු 75 ක් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කරන බව ප්‍රකාශ කොට ඇති බවත්, ඔහු ජයග්‍රහණය කළ හොත් වයස අවුරුදු 80 වන විටත් රනිල් වික්‍රමසිංහ මහතා මෙරට ජනාධිපති ධුරයේ සිටිනු ඇති බවත්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර දී ප්‍රකාශ කළේ ය. ඒ අතර ඔහුට…

මැයි 3දා සිට ලක්ෂ්මන් යාපා දකුණට – නසීර් අහමඩ් වයඹට

වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන ලබන මැයි මස 3දා දකුණ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස වැඩ බාරගැනීමට නියමිතය.ලක්ෂ්මන් යාපා අබේවර්ධන දකුණට පත්ව යාමෙන් පුරප්පාඩු වන වයඹ පළාත් ආණ්ඩුකාර ධුරයට හිටපු කැබිනට් අමාත්‍යවරයකු වන නසීර් අහමඩ් පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. මෙතෙක් දකුණ පළාත් ආණ්ඩුකාර ධූරය දැරෑ විලී ගමගේ විශ්‍රාම ගැනීමෙන් දකුණ පළාතේ ආණ්ඩුකාර පදවිය පුරප්පාඩු විය. ජනාධිපතිවරයා…

ජනපතිගේ තීන්දුව ජූනි අගදී !

ජනපතිගේ තීන්දුව ජූනි අගදී !

තමන් ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන නමුත් ඒ පිළිබඳව අවසන් තීරණය ලබන ජූනි මස අවසානයේදී ප්‍රකාශ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සමඟ පැවති විශේෂ සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇත. එහෙත් මෙයට පෙර සැලසුම් කර තිබුණේ මැයි මස මැද භාගයේදී රනිල් වික්‍රමසිංහ ගේ තීන්දුව දැනුම් දීමටය. පසුගිය අඟහරුවාදා සවස ජනාධිපති රනිල් වික්‍රමසිංහ…

අර්ථසාධක අරමුදලේ පොලිය වැඩි කරයි
|

අර්ථසාධක අරමුදලේ පොලිය වැඩි කරයි

සේවක අර්ථසාධක අරමුදලේ මෙතෙක් පැවති 9%ක පොලී අනුපාතය13% දක්වා ඉහළ නැංවීමට රජය පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය . පසුගිය කාලවකවානුව තුළ සේවක අර්ථසාධක අරමුදල විනාශ වෙමින් යන බවට ඇතැම් පාර්ශ්වකරුවන් විසින් නැගූ චෝදනාව අර්ථ විරහිත බවත් 2023 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ සම්මත ව පැවැති පොලී අනුපාතය ද ඉක්මවමින් එම…

රටේ ලොකුම ප්‍රශ්නය විධායක ජනාධිපති ක්‍රමය නොවේ – ජනාධිපති

රටේ ලොකුම ප්‍රශ්නය විධායක ජනාධිපති ක්‍රමය නොවේ – ජනාධිපති

වෙළඳපොළ ආර්ථිකයක් මත පදනම් වූ ඉහළ තරගකාරී, අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් බිහිකිරීම රජයේ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එම ගමනේදී මෙරට ව්‍යාපාරික ප්‍රජාව කෙරෙහි තමා පූර්ණ විශ්වාසය තබා ඇති බවද ජනාධිපතිවරයා කීය. වර්තමානයේ රට හමුවේ ඇති ප්‍රශ්නය විය යුත්තේ විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යනවා ද නැද්ද යන්න නොව රටේ ආර්ථිකය ගොඩ නැඟීමේ ක්‍රමවේදය…