අනුර සේනානායක අත් අඩංගුවට ගැනීමෙන් මැදමූලන පවුල සැලී යයි..! ‘අපි ආවහම බලා ගනිමු‘ ගෝඨා තර්ජනය කරයි..! – lankaenews

(ලංකා ඊ නිව්ස් -20­­­­16.මැයි.23, ප.ව‍‍.10.10) රාජපක්ෂ රෙජීමය රට යටත් කරගෙන සිටි වනචර දශකයේදී මැදමූලන වලව්වේ දඩෝරියා ලෙස කටයුතු කළ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් මැදමූලන රාජපක්ෂ පවුල දරුණු ලෙස කම්පනයට පත්ව තිබෙන බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. රාජපක්ෂලා සහ ඔවුන්ගේ නීතිඥවරුන්…

මිනීමැරුමක් රිය අනතුරක් කලාට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුරසේනානායක රිමාන්ඞ් බන්ධනාගාරයට

රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන්ගේ මරණය මිනී මරුමක් බව දැන දැනම ඒ බව වසන් කර, එය රිය අනතුරක් බවට ඔප්පු කිරීමට බොරු සාක්කි දීමට, පරීක්‍ෂණයේ නියුතුව සිටි පොලිස් නිලධාරීන්ට බලපෑම් කළේයැයි චෝදනාවට ලක් වී සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජිත පොලිස්පති අනුර සේනානායක රහස් පොලීසිය විසින් අද (2016.05.23* අත්අඩං`ගුවට ගත් අතර, කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නිශාන්ත පිරිස් මහතා වෙත…

මහින්ද යුගයේ වංචා දූෂණ කළ 16කට FCIDයෙන් නඩු

  පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සිදු කරන ලද විමර්ශනවල ප්‍රතිඵලයන් ලෙස ‍හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ, හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ඇතුළු දේශපාලනඥයන් සහ නිලධාරින් දහසය දෙනකුට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පවරා අධිචෝදනා භාරදුන් බව නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා මාධ්‍යවෙත පවසා තිබේ. නඩු පැවරූ සෙසු පිරිස අතර විදුලි සංදේශ නියාමන…

අලි නිදහස් කිරීමේ නියෝගය වෙනස් නොවේ !

ඇතින්න මරා කැළෙන් අල්ලාගත්තා යැයි කියන අලි පැටවුන් ජාවාරමට අදාළ නඩුව පසුගිය 18වෙනිදා විභාගයට ගත් අවස්ථාවේ දී නීතිපති දෙපාර්තුවේ කරුණු විමසීමක් නොමැතිව එකී අලිපැටවුන් බැඳුම්කරයක් මත තාවකාලිකව චුදිතයින්ට මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහින් පිළපිටිය දුන් නියෝගය සුළු සංශෝධනයක් සහිතව එසේම ක්‍රියාත්මක කිරීමට නියෝග කළ බව වාර්තා වේ. උක්ත නඩුව මැයි මස් 22වෙනි දින නැවත විභාගයට…

මහේස්ත්‍රාත් තිළිණ ගමගේට අනිවාර්ය නිවාඩු

අධිකරණ සේවා කොමිසම, නීති විරෝධි අලියෙකු සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින කොළම මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාව අනිවර්ය නිවාඩු යවා ඇති බව යුක්තියට වාර්තාවේ. අධිකරණ සේවා කොමිසන් සභාව මේ වනවිට අදාළ ළිපිය නිකුත් කර ඇති බව දැනගන්නට ඇති අතර එය තිළිණ ගමගේ මහේස්ත්‍රාත්වරයාට භාර දී තිබෙන්නේ ද යන්න දැනගන්නට නැත

පුදුම සහගත නඩු තීන්දුව අද යළි විභාගයට

අලි පැටියා හොරකමට සම්බන්ධ යැයි සැකකරන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ උසාවියට ඉදිරිපත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව සී. අයි. ඩි. ය. දැණුම් දීමෙන් අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුවේ කරුණු දැක්විමට පෙර බැඳුම්කර මත හොර අලි, චූදිතයින්ට නැවත ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහින් පිළපිටිය මැයි 18 දුන් තීන්දුව අද එනම් මැයි 21 යළි සළකා බැලීමට නියමිත බව වාර්තා වේ. මැයි…

සන්ධානයේ ආණ්ඩුවක් හදන්න කුමන්ත්‍රණයක් !

එජාප/ශ්‍රිලනිප ප්‍රධාන වත්මන් සන්ධාන ආණ්ඩුව ඉවත්කර ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රම්‍රඛ සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීට ආණ්ඩුවට සම්බන්ධ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරු පිරිසක් කුමන්ත්‍රණයක යෙදී සිටින බව යුක්තියට වාර්තාවේ. ඩිලාන් පෙරේරා ඇමතිවරයා ගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන මේ කුමන්ත්‍රණයේ පියවරක් ලෙස එජාපයෙන් මන්ත්‍රීවරු බා ගැනීමේ උත්සහායක නිරතවී සිටින බව වැඩි දුරටත් දැනගන්නට ඇත. එක්සත් ජාතික…

විදුලියෙන් දුම්රිය දුවන සැලසුමේ කැබිනට් පත්‍රිකාව වහාම එවන්නැයි අගමැති රනිල් ගෙන් නියෝග

දුම්රිය විදුලියෙන් ධාවනයට හා  සේවාව නවිකරණය කිරීමේ ව්‍යාපෘතියේ ඉදිරි  කටයුතු සදහා ඉදිරිපත් කලයුතු කැබිනට් පත්‍රිකාව වහාම එවන ලෙස  අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රවාහන අමාත්‍යංශයට  දැනුම් දී ඇතැයි තතුදත් ආරංචි මාර්ග මගින් යුක්තියට දැනගන්නට  ඇත. අගරමත්යවරයා මෙම පියවර ගෙන ඇත්තේ ශ්‍රී ලංකා ඉන්ගිනේරු ආයතනය පසුගිය දා ප්‍රකාශයට පත්කළ ලිපියක් හා ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් මගින් මෙම ව්‍යාපෘතිය ඉක්මන්…

ගෝඨාභයට රාජපක්‍ෂට තවත් මිනීමැරුම් චෝදනාවක්?

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් මරාදැමූ හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ඒ සඳහා නියෝගය ලබාදුන් බවට සැකයට ලක්ව සිටින හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට තවත් මිනීමරුම් චෝදනාවක් එල්ලවන ලකුණු ඇති බැව් තතුදත් ආරංචිමාර්ග කියයි. මේ තත්ත්වය දැනට අතිව තිබෙන්නේ ඒ මහතාට එල්ල වූ බව කියන බෝම්බය ඔහුම තබාගත් එකක් බවට හිටපු යුද හමුදාපති ෆීල්ඞ් මාර්ෂල්…

මහින්ද පිල පසුබසී. ගොඩ එන මං හොයයි

ශ‍්‍රී ලනිපය තුළ මෛත‍්‍රීපාල සිරිසේන මහතාට හිතවත් කණ්ඩායම පරාජය කරමින් ඉදිරියට එන්නට හැකියැයි සිතාසිටි මහින්ද රාජපක්‍ෂ මහතාට හිතවත් කණ්ඩායම මැයි දිනයෙන් පසුව අධෛ්‍ය_මත්ව සිටින බව වාර්තාවෙයි. ඔවුන් දැන් වෙනම පක්‍ෂයක් පිහිටුවීමේ අදහස අත්හැර නැවත සමගි වීමේ මාර්ග සොයන බව දැනගන්නට ඇත. මෙම කණ්ඩායම මීට පෙර සිටි තක්සේරුව වූයේ ඉදිරියේ එන පළාත් පාලන මැතිවරණයේදී මෛත‍්‍රී පිළ…

කොටස් වෙළෙඳට දැමූ අර්ථසාක මුදලින් කෝටි 968ක පාඩුවක්

පසුගිය රජය සමයේ කොටස් වෙළෙඳ පොළ තුළ කළ ආයෝජනය නිසා සේවක අර්ථසාධක අරමුදලට රුපියල් කෝටි 968ක අලාභයක් දරන්නට සිදුවී ඇති බව හෙළිවෙයි. වඩා පාඩු ලබන සමාගම් 57ක කළ ආයෝජන මගින් මෙම පාඩුව සිදුවී තිබේ. පසුගිය සිකුරාදා  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සේවක අර්ථසාධක අරමුදරේ වාර්ෂික වාර්තාවෙන් මෙම තොරතුරු හෙළිදරව් වී ඇත.

දයා ගමගේට එරෙහිව ජනපතිට හා අගමැතිට පැමිණිලි

රාජපක්ෂගේ පාලන සමයේ දී ඉඩම් වලින් පලවා හරින ලද පානම ජනතාවට එම ඉඩම් ලබාදීමට නියමිතව ඇති නමුත් හෝටල් ඉදිකිරීම සඳහා එම ඉඩම් නැවත මංකොල්ල කෑමට අමාත්‍ය දයා ගමගේ උත්සහා දරණ බවට ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට පැමිණිළි ලැබී ඇතැයි යුක්තියට දැනගන්නට ඇත. අයිතිකරුවන්ට එම ඉඩම් ලබාදෙන ලෙසට දී ඇති නඩු තීන්දුවට අමතරව අදාළ ඉඩම් අයිතිකරුවන්ට ලබාදෙන ලෙස…