ගෝඨාභයට රාජපක්‍ෂට තවත් මිනීමැරුම් චෝදනාවක්?

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් මරාදැමූ හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ඒ සඳහා නියෝගය ලබාදුන් බවට සැකයට ලක්ව සිටින හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට තවත් මිනීමරුම් චෝදනාවක් එල්ලවන ලකුණු ඇති බැව් තතුදත් ආරංචිමාර්ග කියයි. මේ තත්ත්වය දැනට අතිව තිබෙන්නේ ඒ මහතාට එල්ල වූ බව කියන බෝම්බය ඔහුම තබාගත් එකක් බවට හිටපු යුද හමුදාපති ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ දී කළ ප‍්‍රකාශයෙන් පසුව සිදුවූ හෙළිදරව් කිරීම් හේතුවෙනි.
ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී කීවේ වෙඩි නොවදින රථයකට බෝම්බ තැබීමට තරම් ත‍්‍රස්තවාදන් මෝඩ නැති බව හා මීටර් විසිපහක් ඈත සිට බෝම්බය පුපුරුවා නොගන්නා බවටය. එම බෝම්බය ගෝඨාභය මහතාම තබගත්තක් බව ෆොන්සේකා මහතා ප‍්‍රකාශ කළේය.
එම ප‍්‍රකාශයෙන් පසුව ඇතැම් වෙබි අඩවි ම`ගින් හෙළිදරව් කරන ලද්දේ ගෝඨාභය මතාගේ වෙඩි නොවදින රථයට මදක් නුදුරින් පුපුරා ගිය ත‍්‍රී රෝද රථය හමුදාව අයත් බව හා ඒ තුළ සිටියේ හමුදා බුද්ධි අංශයට ඔත්තු සැපයූ ඔත්තුකරුවකු බවයි. මෙ හෙළිදරව් කිරීමත් සමග සැක මතුවී ඇත්තේ හමුදා ඔත්තුකරුවා ගිය ත‍්‍රීරෝද රථයේ බෝම්බයක් තබා දුරස්ථ පාලකයකින් එය පුපුරුවා හැර ඔත්තුකරුවා මරා දැමුවේද යනුවෙනි.
ආරක්‍ෂක අංශවලට සම්බන්ධ අපේ ආරංචිමාර්ග කියන්නේ දැන් මෙම සිදුවීම මිනීමරුමක් ලෙස සලකා නැවත පරීක්‍ෂණයක් ආරම්භ කළ යුතුව ඇති බවයි. එම සිදුවීම ගැන දැන් හෙළිවන තොරතුරු එසේ නම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට මිනීමරුම් චෝදනා එල්ල කළ හැකි වන බව එම ආරංමාර්ග කියයි.
බෝම්බය පුපුරාගිය මොහොතේ වෙඩි නොවදින රථය තුළ ආරක්‍ෂිතව සිටි ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ඇඳුමෙහි ලේ තැවරීමද සැකයට හේතුවන බව කියති. බෝම්බ පිපිරීමෙන් රථයට හානියක් නොවීම එම සැකයට හේතුවන බව කියති. බෝම්බ පිපිරීමෙන් රථයට හානියක් නොවීම එම සැකයට හේතුවකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *