විදුලියෙන් දුම්රිය දුවන සැලසුමේ කැබිනට් පත්‍රිකාව වහාම එවන්නැයි අගමැති රනිල් ගෙන් නියෝග
දුම්රිය විදුලියෙන් ධාවනයට හා සේවාව නවිකරණය කිරීමේ ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු සදහා ඉදිරිපත් කලයුතු කැබිනට් පත්‍රිකාව වහාම එවන ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රවාහන අමාත්‍යංශයට දැනුම් දී ඇතැයි තතුදත් ආරංචි මාර්ග මගින් යුක්තියට දැනගන්නට ඇත. අගරමත්යවරයා මෙම පියවර ගෙන ඇත්තේ ශ්‍රී ලංකා ඉන්ගිනේරු ආයතනය පසුගිය දා ප්‍රකාශයට පත්කළ ලිපියක් හා ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් මගින් මෙම ව්‍යාපෘතිය ඉක්මන් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දීමෙන් අනතුරුවය .මෙහි මුලික කටයුතු සදහා කැබිනට පත්‍රිකාව පසුගියවසරේ අනුමත කොට ඇත .
ඩොලර් කෝටි 300ක් ආසියානු සංවර්ධන බැංකුවෙන් මේ ව්‍යාපෘතිය සඳහා වෙන්කර ඇති අතර ව්‍යාපෘතිය සැලසුම් සකස් කිරීම ජාත්‍යන්තර වශයෙන් කැදවු ටෙන්ඩරයට ප්‍රතිචාර දැක්වූ සමාගම් පහක් අතරින් එකක් මුලික උපදේශන කටයුතු සදහා තෝරාගැනීමට ආසියානු සංවර්ධන බැංකුව මේ වනවිට කටයුතු කරමින් සිටියි .
කෙසේ වෙතත් ප්‍රවාහන අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් දක්වන උනන්දුව ප්‍රමාණවත් නැති බවට චෝදනා එල්ල වෙමින් පවතියි . ශ්‍රී ලංකා ඉන්ගිනේරු ආයතනය ලිපි පල කරමින් , සම්මන්ත්රණ පවත්වමින් මෙම ව්‍යාපෘතිය කඩිනම් කිරීමට පෙරට පැමිණ ඇත්තේ එම තත්ත්වයට ප්‍රතිචාර දැක්වීම සදහා බව කියති .
