දයා ගමගේට එරෙහිව ජනපතිට හා අගමැතිට පැමිණිලි

රාජපක්ෂගේ පාලන සමයේ දී ඉඩම් වලින් පලවා හරින ලද පානම ජනතාවට එම ඉඩම් ලබාදීමට නියමිතව ඇති නමුත් හෝටල් ඉදිකිරීම සඳහා එම ඉඩම් නැවත මංකොල්ල කෑමට අමාත්‍ය දයා ගමගේ උත්සහා දරණ බවට ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට පැමිණිළි ලැබී ඇතැයි යුක්තියට දැනගන්නට ඇත.
අයිතිකරුවන්ට එම ඉඩම් ලබාදෙන ලෙසට දී ඇති නඩු තීන්දුවට අමතරව අදාළ ඉඩම් අයිතිකරුවන්ට ලබාදෙන ලෙස අගමැතිවරයා දැණුම් දී තිබිය දීත් එය ක්‍රියාත්මක නොවූයේ දයා ගමගේ අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත යැයි මීට පෙර වාර්තා විය. කෙසේ නමුත් මේ වන විට ජනාධිපතිවරයාට මේ පිළිබඳව විවිධ පාර්ශවයන්ගෙන් පැමිණිල් ලැබී ඇතැයි දැනගන්නට ඇති අතර දයා ගමගේ අමාත්‍යවරයාගේ මේ ක්‍රියාව පිළිබඳව ජනාධිපතිවරයා විසින් අගමැතිවරයාව ද දැණුවත්කර ඇතැයි ද දැනගන්නට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *