ධම්මික පෙරේරාට පොහොට්ටුවෙන් බර කොන්දේසි

    පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාර ආරම්භ කොට ඇති ව්‍යාපාරික ධම්මික පෙරේරාට එම අවස්ථාව දීමට නම් දැනට පොහොට්ටුවට ඇති සියයට 30 ක් වූ ඡන්ද ප්‍රමාණයට තවත් සියයට විස්සක් ලබා ගන්න හැටි පෙන්වන ලෙස දැනුම් දී ඇතැයි එම පක්ෂයේ ප්‍රබලයකු වන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා  ප්‍රකාශ කොට ඇත. තම පක්ෂයෙන්  මැතිවරණයට ඉදිරිපත් කළ යුත්තේ…

ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් අපේක්ෂකයකු ඉදිරිපත් නොවෙන්න පුළුවන් – පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ

    ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් වෙන්නට හෝ නොවෙන්නට ඉඩ ඇති බව එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කළේය. ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසීය. ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට පක්ෂය එළඹ නැති බවත්, නිසි මොහොතේ අවශ්‍ය තීරණය ගන්නා බවත්…

කැසිනෝ, මත්පැන් බලපත්‍ර ගාස්තු වැඩි කෙරෙයි

කැසිනෝ සහ මත්පැන් ව්‍යාපාර ආරම්භ කිරීමේ සහ වාර්ෂික බලපත්‍ර ගාස්තු විශාල ලෙස ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය  කටයුතු කොට ඇත. ඒ සඳහා වන ගැසට් නිවේදනය ඊයේ නිකුත්කොට ඇති අතර එක් එක් කාණ්ඩයේ ගාස්තු වැඩිවීම් එමගින් ප්‍රකාශයට පත්කොට තිබේ.

පොහොට්ටුවට, සජබට, ශ්‍රීලනිපයට, ජවිපෙට බනින්න එපා ! අපට සියලු දෙනා ඕනෑ – ගාලු එජාප විශේෂ සමුළුවට වජිර කියයි

    පොහොට්ටුවට, සජබට, ශ්‍රීලනිපයට, ජවිපෙට ඇතුළු කිසිදු පක්ෂයකට බනින්න එපා යැයි ද, සියලු දෙනාගේ සහය අපට අවශ්‍ය බව ද, එජාප සභාපති වජිර අබේවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ ගාලු දිසා විශේෂ සම්මේලනය අමතා ප්‍රකාශ කළේය. ” ඔවුන්ට බනින්න එපා, ඔවුන් කියන දේ පිළිගන්න එපා , එච්චරයි ” වජිර අබේවර්ධන මහතා කී ය. ගාලු නගර සභා…

අයි එම් එෆ් වැඩ පිළිවෙළ කඩාකප්පල් කරන්න එපා ! – ජපාන මුදල් ඇමති විපක්ෂ නායක සජිත්ට කියයි

    ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ක්‍රියාවට නගා ඇති වැඩ පිළිවෙළ තුළ ජාත්‍යන්තරයේ විශ්වාසය ගොඩ නැගී ඇති බවත්, කරුණාකර එය කඩා කප්පල් කිරීමට උත්සහ නොදරන ලෙසත්, ජපාන මුදල් ඇමති සුසුකි සුනිචි මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ නායකයින්ට ප්‍රකාශ කළ බව එම පක්ෂයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා…

|

විපක්ෂය බලා ඉන්නේ ඔබ සමග කතා කර සියල්ල වෙනස් කරන්නයි – අයි එම් එෆ් නියෝජිතයින්ට ජනාධිපති කියයි

මෙරට විපක්ෂයේ සියලු දෙනා කියන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟ වී ක්‍රියාවට නගන වත්මන් වැඩ පිළිවෙළ වෙනස් කරන බව යැයි ද, ඔවුන් ඒ සඳහා මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව ද, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිසට දැනුම් දුන්නේ ය. මුල්‍ය අරමිදලේ වැඩ සටහනේ ප්‍රගතිය සමාලෝචනයට ශ්‍රී ලංකාවට පැමිණ සිටින නියෝජිත…

එජාප මැතිවරණ සංවිධානය වජිර ගාල්ලෙන් අද පටන් ගනී

    ජනාධිපතිවරණයට මුහුණ දීම සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ ප්‍රථම පියවර ලෙස ගාල්ල විශේෂ දිස්ත්‍රික් සම්මේලනය එජාප සභාපති වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ගාලු නගර ශාලාවේ දී පැවැත්වෙයි. එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, ඇමති මනුෂ නානායක්කාර, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ සමන් රත්නප්‍රිය ඇතුළු එජාප  නායක පිරිසක් මෙයට සහභාගී වීමට නියමිත ය. එජාප…

|

ලෝක ආර්ථික සමුළුවට ජනපති ස්විට්සර්ලන්තයට

ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) දිවයිනෙන් පිට ව ගිය බව වාර්තා වෙයි.  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් පිට ව ගොස් ඇත්තේ දින 12ක සංචාරයක් සඳහා ය, ඒ මහතා ස්විසර්ලන්තයේ පැවැත්වෙන ඩාවොස් ලෝක ආර්ථික සමුළුව ඇමතීමට නියමිත ය. එය ලෝකයේ ඉහළ ම පිළිගැනීමක් සහ සහභාගීත්වයක් ඇති ආර්ථික…

නයන වාසලතිලක මන්ත්‍රී ධුරයේ දිව්රුම් දෙයි

  සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මනත්‍රී පුරප්පාඩුව සඳහා පත් වූ නයන වාසලතිලක මහතා අද සිය  මන්ත්‍රී ධුරයේ දිව්රුම් දුන්නේ ය. ඒ මහතා දිව්රුම් දුන්නේ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ය. ව්‍යාපාරිකයකු වූ වාසලතිලක මහතා සජබ නායක සජිත්  ප්‍රේමදාස  මහතාගේ බිරිඳගේ ඥාතියෙකි.

රනිල් ජනපති සටනට තීන්දුයි

    ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික නායකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කළමනාකාර මණ්ඩලය අද තීන්දු කළේ ය. එමෙන් ම සැප්තැම්බර් මාසයේ ජනාධිපතිවරණය පවත්වා ලබන ජනවාරි මාසයේ මහ මැතිවරණය පැවැත්විය යුතු බවට ද එහි දී තීරණය වී ඇත. එජාප කළමනාකාර මණ්ඩලය පක්ෂ නායක ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වී…

සජබ මන්ත්‍රී චමින්ද විජේසිරි ඉල්ලා අස්වෙයි

  සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද තම මන්ත්‍රී දුරයෙන් ඉල්ලා අස් වී ය. ඒ මහතාගේ ඉල්ලා අස්වීම අද ම මැතිවරණ කොමිසම වෙත දැනුම් දී ඇති බව ද වාර්තා වෙයි ඒ  මහතා ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය සඳහා සමගි ජනබලවේගයෙන් ඊළඟට වැඩිම මනාම ලබාගත් නයන ප්‍රියන්කර වාසලතිලක මහතා පත්වනු ඇත….

දොස්තර දීමනාව ඉල්ලා පරිපුරක වෛද්‍ය සේවා වහා ම වර්ජනයක

  වෛද්‍යවරුන් සඳහා වන දීමනාව වැඩි කිරීම තමන්ටත් ලබාදෙන ලෙස ඉල්ලා  පරිපුරක වෛද්‍ය වෘත්තීයවේදීන් අද (09) පෙරවරු 08.00 සිට වෘත්තීය සමිති වැඩ හදිසි වර්ජනයක නිරත වන බව  පරිපූරක වෛද්‍ය වෘත්තීය වේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කරයි. ඒ රුපියල් 35000ක දීමනාවක් ලබා දෙන්නැයි ඉල්ලමින් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබේ. වෘත්තීය…