ධම්මික පෙරේරාට පොහොට්ටුවෙන් බර කොන්දේසි

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් මැතිවරණ ප්රචාරක ව්‍යාපාර ආරම්භ කොට ඇති ව්‍යාපාරික ධම්මික පෙරේරාට එම අවස්ථාව දීමට නම් දැනට පොහොට්ටුවට ඇති සියයට 30 ක් වූ ඡන්ද ප්‍රමාණයට තවත් සියයට විස්සක් ලබා ගන්න හැටි පෙන්වන ලෙස දැනුම් දී ඇතැයි එම පක්ෂයේ ප්‍රබලයකු වන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රකාශ කොට ඇත.
තම පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් කළ යුත්තේ දිනන අපේක්ෂකයකු පමණක් බවත්, දැනට පක්ෂයට ඇති සියයට තිහක ඡන්ද ප්‍රමාණය එයට ප්‍රමාණවත් නැති බවත්, තවත් සියයට විස්සක ඡන්ද ප්‍රමාණයක් ලබා ගත යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කොට ඇත්තේ පක්ෂ ප්‍රතිසංවිධානය පිළිබඳව මලලසේකර මාවතේ සිය නිවසේ පැවති සාකච්ඡාවක දී ය.
2019 දී පක්ෂයට තිබු සියයට 45 ක ඡන්ද ප්‍රමාණයට තව සියයට දහයක් ගන්න හැටි පෙන්වන ලෙස ගෝටාභය රාජපක්ෂ මහතාට පවසා තිබු බවත්, වියත්මග සහ වෙනත් වැඩ සටහන් මගින් ඒ මහතා එම ඉල්ලක්කය පෙන් වූ පසු ඔහුට අපේක්ෂකත්වය ලබාදුන් බවත්, නාමල් රාජපක්ෂ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කොට තිබේ.
