පොහොට්ටුවට, සජබට, ශ්‍රීලනිපයට, ජවිපෙට බනින්න එපා ! අපට සියලු දෙනා ඕනෑ – ගාලු එජාප විශේෂ සමුළුවට වජිර කියයි

 

 

පොහොට්ටුවට, සජබට, ශ්‍රීලනිපයට, ජවිපෙට ඇතුළු කිසිදු පක්ෂයකට බනින්න එපා යැයි ද, සියලු දෙනාගේ සහය අපට අවශ්‍ය බව ද, එජාප සභාපති වජිර අබේවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ ගාලු දිසා විශේෂ සම්මේලනය අමතා ප්‍රකාශ කළේය.

” ඔවුන්ට බනින්න එපා, ඔවුන් කියන දේ පිළිගන්න එපා , එච්චරයි ” වජිර අබේවර්ධන මහතා කී ය.

ගාලු නගර සභා ශාලාවේ ඊයේ පැවති විශේෂ සමුළුව අමතා අබේවර්ධන මහතා වැඩි දුරටත් කීවේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ නිර්පාක්ෂික ජාතික නායකයා ලෙස බව යි. සියලු පක්ෂ එකතු කරගෙන රටේ ආර්ථිකය ගොඩ දැමීම කළ හැක්කේ රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බවත්, ඒ  සඳහා එතුමාට සියලු දෙනාගේ සහය අවශ්‍ය බවත් වජිර අබේවර්ධන මහතා කී ය.

අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සභාව අමතමින් කීවේ රටේ ආර්ථිකය ගොඩ දැමිය හැකි නායකයින් ඉන්නේ එක් අයෙකු පමණක් බව සහ ඒ රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව යි.

එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, උප නායක අකිල විරාජ් කාරියවසම් , ඇතුළු පක්ෂ නායකයෝ සමුළුව ඇමතුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *